Header Ads

ස්ත්‍රීන් ගේ ලෝකය තුළ පිරිමින් දේශපාලන පොන්නයන්වීම-(කාන්තා දින පණිවිඩය)


















 ලංකාවේ වාමාංශික පක්ෂ ඇතුලු බොහෝ පිරිස් කාන්තා දිනය පිළිබදව විවිධ අටුවා,ටීකා,ටිප්පනි ලියා ඇත. මේ සියල්ල මගින් ගම්‍යමාන වන්නේ ලංකාවේ කාන්තාව අතිශයින්ම පීඩාවට පත්ව ඇති බවයි. මේ පීඩාවට පත් ස්ත්‍රියගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනු වස් බොහෝ අය පිටු පිරෙන්නට විවිධ දෑ ලිවිය.
ලංකාවේ කාන්තාව ඇත්තටම මුහුණ දෙන අසාධාරණය කුමක්ද කියා අපි මුලින්ම අසන්නෙමු. අප ජීවත් වන්නේ ධනවාදී සමාජයකය යන කාරණය සෑම විටම අමතක වන බොහෝ පිරිස් සාම්ප්‍රදායික ආකාරයෙන් ධනවාදයේම ආයතන පද්ධතිය විසින් පරිකල්පණීයව ගොඩ නගන කැලැන්ඩර් දිනවලට රැවටී මාක්ස්වාදී විප්ලවාදී සටන්පාඨ ගෙනහැරපාමින් කාන්තාවගේ අයිතිවාසිකම් උදෙසා සටන් කරන්නට පෙරමුණ ගනී. මේ අය කාන්තා දිනයට කාන්තා අයිතිවාසිකම් ගැනත්, පියවරුන්ගේ දිනයට තාත්තලාගේ අයිතිවාසිකම් ගැනත්, ඒඩ්ස් දිනයට ඒඩ්ස් රෝගීන් ගේ අයිතිවාසිකම් ගැනත්, මැයි දිනයට කම්කරු අයිතිවාසිකම් ගැනත් කතා කරයි. ( කැමති අෙයකට යළිත් ෙමය අවෙබා්ධකර ගන්නට සිරිෙස්න සහ ෙතපානිස් කියවන්නට පුලුවන) මේ විප්ලවාදී වාමාංශිකයන් මෙවැනි දෑ මගින් තමන්වත්
රවට්ටා ගනිමින් අනිත් අයවත් රවටන්නට උත්සහා කරයි. ලංකාවේ කාන්තාව යනු මේ වන විටත් වෙළෙදපොළ තර්කණයට හසුවූ හුවමාරු භාණ්ඩයක් බව මේ අය දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් නරුමවාදී ලෙස හැසිරෙන්නේ ඇයි? ඒ අර්ථයෙන් මේ සාමිප්‍රදායික විප්ලවාදීන් (ජ.වි.පෙ,ජන අරගලය, ඇතුලුව) සයිකෝසිකයන්ය.( යථාර්ථය යනු තමන්ගේ මනසේ මැවෙන යථාර්ථය මිස පවතින යථාර්ථය නොවන බව මෙය වඩාත් හොදින් අවබෝධකර ගන්නට අපි විසින් මීට පෙර පළකළ කාන්‍යභාවය අවුරුදු පනහ වනතුරු ආරක්ෂා කරගත් කාන්තාවගේ කතාව යළි සිහියට නගා ගන්න) අපි දැන් මේ යථාර්ථය උදාහරණ කිහිපයක් මගින් පැහැදිලි කර ගනිමු.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් චරිතයක් වූයේ නයි නළගනයි. ඇය කෙතරම් ජනප්‍රිය වීද යත් ඇය ගැන නොදන්නා අයෙකු මේ වන විට සිටිය නොහැක. නයෙකු තම ගෙලේ දමාගෙන උසාවියට පැමිණි ඇය පසුව එම නයා සමග මාධ්‍ය සාකච්ඡා පවා පවත්වනු ලැබීය. ලංකාවේ කාන්තාව මහත් පීඩනයට පත්ව සිටිනවා යැයි කැ මොරදෙන පැරණි ස්ත්‍රීවාදීන්ට සහ වාමාංශිකයන්ට මගහැරෙන යථාර්ථය වන්නේ මෙයයි. ඇත්තටම මේ වන විටත් ස්ත්‍රීන් විසින් පිරිමිනගේ වෘෂණ කෝෂ දෙකෙන් අල්ලා තම ආධිපත්‍යයට ගෙන අවසන්ය. මේ දේශපාලනිකව පොන්නයන් වී සිටින පිරිමින් නිසා ගෑණුන්ට නයි අල්ලා කරේ දමා ගන්නට පුලුවන් වී ඇත. මේ සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින එකදු මහත්තයෙකුට කට අරින්ට නොහැකි වූයේ අහම්බයකින් ද? අවසානයේ ගෑනුන් ඉදිරියේ නයින් අසරණ වන තත්ත්වයකට තත්ත්වය ගමන් කලේය.
ලංකාවේ පුරුෂ ආධිපත්‍ය හමුවේ පීඩාවට පත්ව සිටින ස්ත්‍රීන් සම්බන්ධයෙන් පැරණී ස්ත්‍රීවාදී කතිකාවේ මූලික තේමාවක් වූයේ පුරුෂ ලිංගිය ඉදිරියේ කාන්තාවන් අසරණ වී ඇති බවයි. නමුත් වර්ථමානය වන විට පුරුෂ ලිංගය කලින් පිහිටි තැනට මේ වන විටත් ජංගම දුරකථනය ආදේශ වී අවසන්ය. මේ සම්බන්ධයෙන් සංවෙිදී ස්ත්‍රීවාදීන් හෝ වාමාංශිකයන් ලංකාවේ මේ වන විටත් නැති අතර එහෙම අය ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් සංවාදයකට එළබෙන්න යැයි අපි එකෙන්ම පැනලා අභියෝග කරන්නෙමු.
දෛනික ජීවිතයේ දී අපට මුණ ගැසෙන ඇත්තම ස්ත්‍රිය මුහුණ දෙන පීඩයන කුමක් ද? ස්ත්‍රිය විසින් වෙළෙදපොළ ග්‍රහණය කර තිබෙන අතර වෙළෙද පොල විසින් භාණ්ඩය නිෂ්පාදනය කරන්නේම ස්ත්‍රිය ඉලක්කගත කරමිනි. එක් විටෙක එය අම්මලා වෙනුවෙන් සහ තවත් විටෙක එය බිරින්දලා වෙනුවෙන් පෙනී සිටියි. මෙය අවබෝධ කර ගන්නට අපි උදාහරණයක් ගමු. කාගිල්ස් ෆුඩ්සිටි, කීල්ස් සුපර්, සුපිරි වෙළෙද සැල් වල සිට බැංකූ රක්ෂණ සමාගම්, ඔඩෙල්, මැක් ඩොනල්ස්, කේ.එෆ්.සී. … (මේ ලැයිස්තුව ඔබට අවශ්‍ය නම් තවත් දික්කරගන්නට පුලුවන.) දක්වා සෑම ආයතනයකම ස්ත්‍රිය විසින් නිරූපණය කරන භූමිකාව සම්බන්ධයෙන් මදක් කල්පනාකාරිව අධීක්ෂණය කර බලන්න. මේ නිසා කාන්තා දිනයේ දී දුක් විදින කාන්තාවන් ගේ අයිතිවාසිකම් පිළිබදව කතා කරන අයට ෂුවර් එකටම පිස්සු විය යුතුය. අපි යෝජනා කරන්නේ ඇත්තටම කැලැන්ඩරයෙන් කාන්තා දිනය කුරෙන් කපා ඉවත් කළ යුතු බවයි.
පසුගිය වසර තිහක කාලයක් තුළ පැවති දෙමළ ජාතික විමුක්ති අරගලය අවසානයේ නිමා කරන්නට සිංහල බෞද්ධ ජාතිවාදී මතවාදය පෝෂණය කළ බහුතරය කාන්තාවන්ය. විශේෂයෙන් නන්දිකඩාල් කලපුවෙන් සුරතාන්තයට පත්ව කුණු ගද ගසන ලේ රස සමග පිරිණු වූ කිරිබත් රස බලන්නට වැඩියෙන් දායකවුයේ කාන්තාවන්ය.( පසුගිය කාලයේ හියුගෝ චාවේස් ගේ මරණයත් ජනප්‍රිය ආකාරයට අල්ලා ගත් ඇතැම් අය චාවේස් ලෙනින්ට සමාන කලෝය. නමුත් ජාතික විමුක්ති අරගලයක නායකයෙකු වූ චාවේස් මාක්ස්වාදියෙකු නොව බව ලංකාවේ මාක්ස්වාදීන්න් යැයි කියා ගන්නා අය දන්නේ නැත. චාවේස් විශේෂයෙන්ම ජාතිවාදයට එරෙහිව සටන් කළ අයෙකි. ඔහු ජාතිවාදය පිළිකුලෙන් බැහැර කළ අයෙකි. හාස්‍යයට කරුණ වන්නේ ඔහු ගැන ලංකාවේ දී වැඩියෙන්ම කතා කරන්නේ සහ ඔහුට අවසන් ගෞරව දක්වන්නට පිටව යන්නේ හොදම ජාතිවාදීන් වීමය.)
තවමත් වැඩ බිමේ, කම්හලේ කදුලු වගුරන ගැහැණුන් වෙනුවෙන් පෙනී සිටින අයට ඇත්තටම දැන් ගැහැනුන් හමුවන්නේ සුපිරි වෙළෙදසැල් තුළදීය. අප ජීවත් වන්නේ ධනවාදය නම් මිනිස් සංහතියම නරා වලකට ඇද දමන භයානක සමාජ ක්‍රමයක බව පිළි ගන්නට කිසිසේත්ම කැමති නැත්තේ ද ගැහැණුන්මය. බොහෝ ගැහැණුන්ට අනුව පවතිව ක්‍රමය අවුලක් නැත. මෙහදී සිදු වන ඊළග හාස්‍ය ජනක සිදුවීම වන්නේ පවතින ධනවාදී සමාජයට වඩා උසස් සමාජයක් නිර්මාණය කරන්නට යැයි කියා විප්ලවාදී දේශපාලනය කරන්නට එන බහුතරයක් අය අවසානයේ ගෑනුන්ගේ සාරිපොටේ මුවාවී විප්ලවාදී දේශපාලනයට පෙරළා ජෝක් දාන දේශපාලන පොන්නයන් බවට පත් කරවන්නට මේ ගැහැනුන්ටම හැකිවීමය.
ඒ අනුව කාන්තා දිනයේ දී අප ඇත්තටම සටන් කළ යුත්තේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ද නැතිනම් කාන්තාව නිසා දැඩි අසහණයට සහ මානසික අසංතුළිතතාවයට පත්ව සිටින පිරිමින්ගේ අයිතිවාසිකම් ගැනද? අහවල් දිනය කාන්තාවන්ට, අහවල් දිනය ළමයින්ට වැඩිහිටියන්ට යැයි කියමින් කැලැන්ඩරයේ දින තුන්සිය හැටපහම කුමක් හෝ වැදගත් දිනයක් බවට පත්කර ඇත්තේ කවුරුන් විසින් ද? මේ දිනවලට විප්ලවාදී ළදරු වලිප්පු සටන්පාඨ ගුගුළාට ධනවාදය වෙනස් කරන්නට පුලුවන් වෙයිද? ධනවාදය පෙරලා දැමීම මේ තරම් සරළ නම් විප්ලවාදී දේශපාලන ව්‍යපාරයක් අවශ්‍ය වන්නේ ඇයි? මෙය තමන් විප්ලවාදී වාමාංශික මාක්ස්වාදීන් යැයි කියා ගන්නා අයට හෝම් වර්ක් එකක් ලෙස අපි ලබා දෙන්නෙමු. මේ ලිපිය පැනලා සංවාදයට විවෘත අතර කැමති අයෙකුට අපි කියන්නේ බොරු බව ඔප්පු කරන්නට පුලුවන. ඔබ ඒ අභියෝගය බාර ගන්නට සූදානම් ද?

8 comments:

  1. පැහැදිලිවම පවතින ක්‍රමය ඇතුලේ ගැහැණු තෘප්තිමත්.... ඕනෑම සමාජ රටාවක් සකස් වෙන්නේ ඒ විදිහට තමයි.මතුපිටින් පුරුෂෝත්තම කියල පෙනුනට එක එහෙම නැහැ.....

    ReplyDelete
  2. are you a communist murder criminal bad guy man?
    You seems to be a communist. Why don't you just play good US video games and watch a good US friendly movies and TV series.

    Don't be a communist man. All the communists are the terrorists. They got nuclear weapons they got chemical weapons and they are the bad guys and girls.

    Be a good democratic rich capitalistic beautiful human being man.
    At least watch this good and great video clip. This great video clip would change your
    life:

    http://www.youtube.com/watch?v=w86QhV7whjs

    ask yourself man,why you need to be a commie. Why you need to be a communist murder criminal bad guy. Communists are bad man. They are bad. They are against our friendly country "The United States" and it's government. They should be brought into the justice
    and be punished.

    Communists are the terrorists !

    ReplyDelete
    Replies
    1. u should study about comiunist, don't tolk about thins that u dont know! i don't know english much. so i tell a thing from sinhala. jarman passist wadingen hdatama temparadu unu soldaduwek mehema kiuma. (mata hariyata mathaka ne kauda kiuwe kiyala) ohu mehema kiyanawa. 'pessist wadin mulinma gahathanaya kare samajawadi kriyakarinya, eth mama ita hadak noneguwemi. mandayath mama samajawadiyek nowana bewini. ilagata oun udeuwan gahathanaya kaleya. itath ma kanagatu nouwemi, mandayah mama udeuwek nowemi. ilagata oun pujakain saha anekuth ugathun gahathanaya kareya. mama itada hadak noneguwemi. manda e mama ugathek ho piligath buddimathek nowana nisaya. namuth antimata oun ma soya peminiyaya, namuth ewita ma kerehi hada negimata kisiweku sitiye netha."

      Delete
    2. machanla mama okata mokut
      hma kiyanne ne. meka liyapu eka saiko karayek.

      Delete
  3. You sounds to me like a communist murder criminal bad guy.
    Don't be a communist man. Please watch this video and embrace good
    things to your life. Embrace capitalism to your life. Freedom , democracy
    and liberty.

    http://www.youtube.com/watch?v=w86QhV7whjs


    Communists are the terrorists ! They got nuclear weapons and chemical weapons!
    Don't be a communist terrorist man.

    ReplyDelete
  4. Jeevitha kaletama kiyawanna lebunu eththama eththa kathawa mekama witharayi...............eheth pudumaya nam meka therum ganna pulwan sathya purushayek wag kiwa yuthu thenaka nethi ekayi...

    ReplyDelete
  5. If you topple capitalism...then what? Socialism failed and we all know how it lead to oppression. Although it is not perfect capitalism is the best we currently have. That said, even that has not been well established in many countries, especially where the old ways of life still dominates. For example, in SL, the present day family politics demonstrates number of salient features of feudalism.

    ReplyDelete

Powered by Blogger.