Header Ads

දෙරණේ හිගන සම්මාන පූජාවේ කතාවක් - දුලීකා මාරපන කියයි

කලාකරුවාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම.
---------------------------------------------------
මම කවුරුත් දැයි මුලින්ම හදුන්වා දීමට කැමැත්තෙමි .
මම නමින් දුලීකා මාරපන වෙමි.
උපතේදී මට වඩා දීර්ඝ නමක් හිමි විය. . නමුත් සියලු දෙනා මා හදුනන්නේ ඉහත දුලීකා මාරපන නමිනි.
මම රන්ගන ශිල්පීණීයක් ලෙස, අද වනවිට 21 වසරක් කටයුතු කර ඇත්තෙමි. 1998 කැළණි සරසවියෙන් ආරම්භ කල රන්ගන දිවිය තවමත් දිරියෙන් ඉදිරියට ගමන් කරමි.

ඔබ මා වැඩියෙන්ම හදුනාගන්නේ මලී හා අත්තම්මා ටෙලි නිර්මාණ හරහාය.
ඒ දෙරණ නාලිකාවේ ප්‍රචාරය වූ ඒවාය . මා කියන්නට යන කතාවටද දෙරණ සම්බන්ධයෙන් ය.
අද දෙරණ සිනමා සම්මාන උලෙළ තිබිණ.
වසර කිහිපයක් දෙරණ සම්මාණ උලෙළට ඇරයුම් ලැබුවත් මා සහභාගි නොවූයේද තරමක් අමිහිරි අත්දැකීම් ලැබු හෙයිනි .නමුදු ඉදහිට හෝ සහභාගි වූයේ අපේ සගයන් හමුවන නිසාමය.
( අමිහිරි යන්නෙහි තේරුම සම්මාන සම්බන්ධයෙන් නොවන බව කිව යුතුමය. )
සම්මාන උළෙලට ආරාධනා පත් ලබන්නේ VIP හෝ VVIP ය. සහභාගි වූ විට වාඩි වීමට අසුන් නැතිය.
අදද එසේ විය. VIP ආරාධනා පත්‍ර වලට අමතර නොමිනී ( Nominated ) පත්‍රයක් ද ලැබී තිබිණි . එනිසා අපි සහභාගි වූයේ අප සිනමා පටයේ නිෂ්පාදිකාවද එක්කර ගෙනය. එය ඇය ප්‍රථම වරට සහභාගී වූ ලාංකීය සිනමා සම්මාන උලෙළ විය.
හිතවතුන් බොහෝ විය. හැමට කතාකරමින් ගියෙමි . සoවිධායක වරුන් විසින් අපිව කැදවාගෙන ගොස් ආසන පෙන්වීය . අප අසුන් ගත්තෙමු. සෙනග බොහෝවිය. බහුතරයක් නාදුනති.
උලෙළ ආරම්භ විය. අතරමගදී දෙරණ නාලිකාවේ රධිකා හෝ රාජිකා නම් කාන්තාව පැමින අපට අසුනින් ඉවත් වන ලෙස කීවාය. එය විමසන විට එම ආසන ජූරියට වෙන්කර ඇතිබව කීවාය.ඔවුන් එය වෙන් කර නොතිබුනි. එසේනම් අපට වෙන්කල ආසන ලබදෙන ලෙස කියූවද එම අසුන්ද පිරී ඇතිබව කීය. ????
නමුත් මාත් මගේ ස්වාමියාත් එම අසූනින් නැගිට ඔවුන් සපයා දුන් වෙන් වෙන්ව ස්තාන දෙකක අසුන් ගතිමි.
රාධිකා හෝ රජික ඇසුවේ අප දෙදෙනා එක ලග වාඩිවෙන්න උවමනා නෑනෙ යනුවෙන් අසමිනි.
තව සම්මාන වාර දෙකක් ගිය තැන් නැවත ඔවුන් පැමින මාගේ ස්වාමියා නැගිටවූයේ එම ආසනයද ඔවුන්ට ඇවැසි බව පවස්මිනි. ඔහු නැගිට ප්‍රධාන දොරටුවෙන් යන්නම ගියේය.

ඇසීමට ඇත්තේ එක්දෙයකි.
ආරාධනා කොට අපව ගෙන්වා සමස්ථ සමාජයක් හා මාධ්‍ය ඉදිරියේ කලාකරුවන් වන අපව අපහසුවට පත් කිරීමට දෙරණ සoවිධායක මණ්ඩලයට ඇති නෛතික අයිතිවාසිකම කුමක්ද????
ඇතැමුන් මාගෙන් ඇසුවේ මොකද්ද ප්‍රශ්නය ?
Invitation නැද්ද ????
ඇයි නැගිට්ටෙවුවේ ????
මා මෙතෙක් ගොඩනගාගත් වෘත්තීය ජීවිතයට හා ගෞරවයට ඇතිවූ හානිය හිමිකම් කඩවීමක් නොවන්නේද????

මෙවැනි උලෙළක , යම් තැනැත්තෙකුට අසුනක් පනවා ඔහු හෝ ඇය ඉන් ඉවත්කොට වෙන අයෙකුට එම අසුන ලබාදීම , ( පූජ්‍ය පක්ෂය නම් කම් නැත) කෙතරම් පහත් ක්‍රියාවක්ද?
මෙම තත්වය දෙරණ සම්මාන උලෙළ තුල මීට ඉහතදීද සිදුවිය .
මට ලැජ්ජාවක් ඇතිවිය. ජීවිතයේ ප්‍රථම වතාවට මට ලැජ්ජාවක් ඇතිවිය. ඒ මන්ද යත් සෑම විටම සමානාත්මතාවයට ගරුකරන , අනෙකාට අපහසුවක් ඇතිනොවන ලෙස ජීවත්වන්නට උත්සාහ කරන මම , බොහෝ ගෞරවයෙන් සහභාගි වු දෙරණ සිනමා උලෙළ තුල මට කල අගෞරවයයි.
රධිකා , ඔබ පාවිච්චි කලා මගේ නම ..... එය ඔබකල දෙවන වරද . දුලිකා මරපන නැගිටලා ගියානම් ඇයි ඔයාට යන්න බැරි යනුවෙන් පවසා, බොහෝ ගෞරවනීය කන්තාවක් එම ආසනයෙන් නැගිටවා ඇයද වෙනත් අසුන කට යවා තිබුනා .
ඔබලා විනාශ කරන්නේ සමස්ථ කලකරුවාගේම ගෞරවයයි.
ඔබලාගේ සැබෑ ස්වරූපය හදුනාගන්නට සැලැස්වූවාට බොහෝ පින්......

දෙරණ ප්‍රධානියාගේ කීර්තිනාමයට පවා ඔබ ඉතා හානිකර බව සoවිධායක කණ්ඩායම තේරුම් ගන්නේ නම් මැනවි.මන්ද ඔබලාගේ ක්‍රියාවලිය තුලින් ප්‍රතික්ෂේප වන්නේද අගෞරවයට පාත්‍ර වන්නේද දෙරණ නාමයයි.
ආයතනක් ඇතිවන්නේත් නැතිවන්නේත් ඔබ වැනි මිනිසුන්ගේ ක්‍රියාවන් නිසය.

දුලීකා මාරපනගේ ෆේස්බුක් සටහනකි
2019/06/28

 https://www.youtube.com/watch?v=NK_OseLCmgo

No comments

Powered by Blogger.