Header Ads

නැවත ඉපදුණු රාවණාගේ නැගණිය සොයා ගියෙමි

“දන්නවද වැඩක්. ඔන්න රාවණා රජ්ජුරුවන්ගේ නංගී ආයිමත් ඉපදිලාලු.”
මීට අවුරුද්දකට හමාරකට ඉහත මවෙත ලැබුණු දුරකථන ඇමතුමකින් එසේ පැවසිනි. ඒ දුරකථන ඇමතුම ලැබුණේ ‍ලේඛිකාවක හා සමාජ සේවිකාවක ලෙසින් තරමක ප්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගෙනි.“මට පේන විදිහට ඒ එසේ මෙසේ කෙනෙක් ‍නෙවෙයි. එයාට තුන්කල් දකින්න පුළුවන් කුණ්ඩලනී ශක්තියත් තියෙනවලු.”
“ඉතින් නරකද පත්තරේට ඒ ගැන යමක් ලිව්වොත්”? ඒ සමගම ඇය කීවාය.
“කවුද ඉතින් ඔයාට ඔය සුරංගනා කතාව කිව්වේ”. මමද අන්දුන් කුන්දුන් වී ඇසුවෙමි. “ඒක කොහොමද සුරංගනා කතාවක් වෙන්නේ, අනික වෙන කවුරුත් ‍නෙවෙයි එයාම තමයි මට ඒ කතාව කිව්වේ” ඇයද නොවලහා පිළිතුරු දුන්නාය.
“එහෙම නම් ඉතින් එයාව ඉක්මනට මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්ක යන්න. මොකද භින්නෝන්මාදය මෝහාබාධ වගේ මානසික රෝගවලටත් ඔය වගේ අදහස් පහල වෙනවා.” මම මගේ හැඟීම එසේ අවංකවම ප්‍රකාශ කළෙමි.
“ඒ මනුස්සයට පිස්සු නැහැ අනේ.” මගේ එම ප්‍රකාශයෙන් නොරිස්සුම් සහගත වූ ඇය මට අවලාද නගන්නට වූවාය. “ඒ මනුස්සයට අපිට වගේ සාමාන්‍ය මොළයක් ‍නෙවෙයි තියෙන්නේ. මේ ලෝකේ තියන හැම දෙයක්ම විශ්ව ශක්තියෙන් දැකගන්න පුළුවන්ලු”.
දැනටමත් ඔය මාධ්‍ය කීපයකම එයා ගැන කියවෙන්නේ. මටත් එයාව හම්බු වුණේ බොහොම අහම්බෙන්. නමුත් එයාට විශ්ව ශක්තිය තියනවා කියන කාරණේ නම් මටත් ඒ වෙලාවෙම ඒත්තු ගියා. මම දෙන්නද එයාගේ ෆෝන් නම්බර් එක, ටිකක් කතා කරලා බලන්න”
එම කාන්තාව කී පරිදිම රාවණා රජුගේ නැගණිය වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින එම කාන්තාවගේ විවිධ ප්‍රකාශ නොයෙකුත් ජන මාධ්‍යයන්හි පළ වී තිබෙනු ඊට පසු දිනවල මට දැකගත හැකි විය.
එහෙත් ඇගේ ඒ ප්‍රකාශ කිසිදු ශාස්ත්‍රීය හෝ දාර්ශනික පදනමක් නොමැති නිසරු නන්දෙඩවීම් පමණක්ම විය. ඒ අනුව ඇය සම්බන්ධ මූලික නිගමන දෙකකට එළැඹීමට මට හැකි විය. ඉන් පළමුවැන්න මා ඉහත සඳහන් කළ පරිදිම ඇය සයිකෝසීය මානසික රෝගයකින් පෙළෙන්නියක බවය. දෙවැන්න ඇය නූතන සමාජයේ අඥාන මිනිසුන් හමුවේ ව්‍යාජ පෙළහර දක්වන ගැහැනියක බවය. එබැවින් එවැන්නියක පිළිබඳ පුවත්පතකට ලියන්නේ නම් ඊට පෙර ඇය පිළිබඳ සියුම් විමර්ශනයක් කළ යුතු බවද මම කීවෙමි.

එමෙන්ම අඥාන මිනිසුන්  උපායශීලීව රවටා ගැනීමේ ක්‍රම බොහොමයක් පවතින බැවින් එම තැනැත්තියගේ ජීවිතය පිළිබඳව සියුම් ලෙස අධ්‍යයනය කිරීමේ උපාය මාර්ග කිහිපයක් ද ඇය පිළිබඳ පුවත මට කී කාන්තාවට කියා දීමට මට සිදුවිය. “ඔයා එදා අර රාවණාගේ නංගී ගැන කියපු කතාව සහතික ඇත්ත.” මෑත දිනයෙක යළි මට දුරකථන ඇමතුමක් දුන් ඉහත සඳහන් කාන්තාව කීවාය.
“ඒ මනුස්සයා ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් වෙනුවෙන් ලක්ෂ ගාණක පූජාවක් කරන්න හදන කාලෙයි මට එයාව මුලින්ම හම්බු වුණේ. ඒ කා‍ලේ ඒ මනුස්සයට ලැබුණු  සල්ලි කන්දරාවේ හැටියට එහෙම වියදමක් කරන එක සුළු දෙයක්. එයා පරම පාරිශුද්ධ ගැහැනියක් වගේ හැසිරෙමින් තමයි ඒ දේවල් කළේ. ඒ වගේ දේවල් වලිනුත් එයා ගැන පැහැදීම් ඇති කර ගත්තු පිරිස් තව තවත් එයාට සල්ලි දෙන්න පටන් ගත්තා. එයාගේ ඔය කුණ්ඩලනී ශක්තිය ලෝක බොරුවක්. කාරණා කීපයකින්ම ඒක මට හොඳටම තේරුණා.” ඇය කීවාය.
“ඒ කොහොමද?” මම ඇසීමි.
ඒ වගේම ඔය ගෑනු මනුස්සයට මෑතදී රුපියල් ලක්ෂ ගාණක් පාඩුත් වුණා. පුදුමෙ කියන්නේ ඔය මනුස්සයට විශ්ව ශක්තියෙන් මුළු ලෝකෙම දේවල් පේනවා, කුණ්ඩලනී ශක්තියෙන් තුන්කාලෙම පේනවා කියලා සමහරු තවමත් පිළිගන්න එකනේ පුදුමේ”
ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය මා ඔබ වෙත ඉදිරිපත් කළේ කාගේවත් ජීවිතවල අභ්‍යන්තරික තොරතුරු සමාජගත කිරීමට නොවේ. වර්තමාන සමාජයේ ගුප්ත විද්‍යා වෙළෙඳ‍පොළ කෙතරම් පහත් අඩියකට පත්ව ඇත්දැයි ඔබ හමුවේ කියාපෑමටය. ඉහත සඳහන් කළ සියලු තත්ත්වයන් හමුවේ වුවද කුණ්ඩලනී ශක්තිය ඇතැයි පැවසෙන මෙම රාවණා රජුගේ නැගණිය බව පවසන කාන්තාව තවමත් ජනමාධ්‍ය අතර රැඳෙමින් මහජනතාව
මුලා කරන්නීය. දැනට අප රටේ භාවිතා වන ගුප්ත ශාස්ත්‍ර බොහොමයක තිඹිරිගෙය භාරතයයි. ඒ අතරින් අප රටේ වඩාත්ම ව්‍යාප්ත ගුප්ත ශාස්ත්‍රය ‍ජ්‍යෙතීර්වේදයයි. නමුත් වත්මන් ඉන්දියාවේ මෙබඳු ගුප්ත ශාස්ත්‍ර රැසක් පවතින බැවින් ‍ජ්‍යොතීර්වේදයට හිමිව ඇත්තේ සීමිත තැනකි. ඉංග්‍රීසියෙන් ඒඵබපධතධඨර යන නමින් හැඳින්වෙන ‍ජ්‍යෙතීර්වේදය සමහරෙක් ‍ජ්‍යොතීර් විද්‍යාව යන නමින්ද හඳුන්වති. සංස්කෘතියේ ‘විද්‍යා’ යන වදනින් කිනම් හෝ ශාස්ත්‍රයක් පිළිබඳ නිවැරදි දැනීම නැතහොත් පැහැදිලි බව හෙවත් විශදත්වය යන අරුත් පළ වෙයි. නමුත් විද්‍යාව යන්න හඳුන්වන ඵජඪඥදජඥ  යන ඉංග්‍රීසි වචනයේ අර්ථකථනය ඊට ඉඳුරාම වෙනස්ය. ඉන් පැවසෙනුයේ විෂයක් සම්බන්ධ  පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඇසුරින් ගොඩනගා ගත හැකි සංවිධිත දැනුම පමණක් විද්‍යාවක් සේ කිව හැකි බවය.
‍ජ්‍යොතීර්වේදය හැරුණු කොට පුරාණ ගෙබිම් සහ වාස්තු ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, සාමූද්‍රික ශාස්ත්‍රය, අංග ලක්ෂණ
ශාස්ත්‍රය, භූත විද්‍යාව හෙවත් ශාස්ත්‍රය දැනටත් අප රටේ නොනැසී පවත්නා ගුප්ත ශාස්ත්‍ර අතුරින් කිහිපයකි. මෙහි ගුප්ත යන වචනයෙන් ආරක්ෂා කරන ලද යන්න හැඟවෙයි. නමුදු මෙම ගුප්ත විද්‍යාවන් ෙසෙද්ධාන්තික වශයෙන්ම එකකට එකක් ඉඳුරාම වෙනස් බව කිව යුතුය. සරල නිදසුනක් ලෙස ගතහොත් ඒ දුම්රිය, බස්රිය, පාපැදිය, කරත්තය, නැව, ගුවන් යානය ආදී වාහන අතර පවත්නා වෙනස බඳු වෙනසකි. ඒ අනුව අතීතයේ අප සමාජයේ මේ එක් එක් ගුප්ත ශාස්ත්‍ර සඳහා වෙන් වෙන් වශයෙන් කැප වූ පිරිස් සිටියහ. පැරණි භාරතයේ මේ එක් එක් ගුප්ත ශාස්ත්‍ර වෙනුවෙන්  වෙන්වූ ජන වර්ග හෙවත් කුලද දක්නට ලැබිණි. අප පැරණි සමාජයේ වුව පුරාණ ගෙබිම් සහ වාස්තු ශාස්ත්‍රඥයකු වෙතින් නිවසක් තැනීමට සුදුසු ඉඩමක් සහ එය තැනීමට සුදුසු දිසාවක් සැලැස්මක් පිළිබඳව අසා දැනගත් ගැමියා ඉන් අනතුරුව ‍ජ්‍යොතීර්වේදියකු සොයා ගියේ එම නිවස තැනීම ඇරඹීමට සුදුසු නැකතක් සාදවා ගැනීමටය.
එහෙත් අද වන විට මේ ගුප්ත ශාස්ත්‍ර සියල්ල එකම අච්චාරුවකි. නූතන මාධ්‍ය මගින් ජනකාන්ත චරිත බවට පත්ව සිටින ගුප්ත ශාස්ත්‍රඥයන් ලෙස පෙනී සිටින කපටි පුද්ගලයන් තමන්ගේ බඩ වියත තකා ඉහත සඳහන් සියලු ගුප්ත ශාස්ත්‍ර එකක් සේ ජනතාව හමුවට ගෙන ඒම මීට හේතුවය. තමන් මේ සියලු ශාස්ත්‍රයන්හි කෙළ පැමිණි හිඳින බව ජනතාවට හැඟවීම පිණිස සමහරෙක් ආධ්‍යාත්මවේදී යන සාටෝපකාරී වදනින්ද තමන් හඳුන්වා ගනිති. එහෙත් එහි විස්මය වනුයේ ඔවුන්ගෙන් බොහොමයක් ඒ කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් පිළිබඳව ප්‍රාමාණික ෙසෙද්ධාන්තික දැනුමක් නොමැති ආටක නාටකකාරයන් වීමය.
“මම ත්‍රීවීල් එකකින් යන කොට පාර හරහා යන හරකෙක් පැන්නා. ත්‍රීවීලර් එක කුඩු වුණා. ඒත් හරකාටවත් මටවත් මුකුත් වුණේ නැහැ.” පහුගිය දවසක එක් අසන්නකු දුරකථනය මගින් එක්තරා ගුවන් විදුලි චැනලයකින් තමන් පෙරදා රාත්‍රියේ දුටු සිහිනයක් එලෙස විස්තර කරමින් එහි ප්‍රතිඵල ස්වප්න පලාඵල දක්වන්නාගෙන් අසා සිටියේය. එවිට ඒ පලාඵල දක්වන්නාද එම සිහිනයේ ප්‍රතිඵල ක්ෂණිකව දුරකථනය ඔස්සේ ගුවන් විදුලිය මගින් ලබා දීමට සමත් විය. එහෙත් පැරණි භාරතීය සෘෂිවරයකු වන බ්‍රහස්පතී විසින් ලියන ලද ස්වප්න ශාස්ත්‍ර වැනි ස්වප්න විනිශ්චයන් පිළිබඳ ෙසෙද්ධාන්තික ග්‍රන්ථවල ත්‍රිරෝද රථ පිළිබඳ සඳහන්ව ඇති බවක් අපට නම් මතක නැත. ඒ අනුව ජනමාධ්‍ය මගින් ‘හතරවරම් කෙලින’ ඒ ස්වප්න විනිශ්චයකරුට සමාජයෙන් නැගෙන කිසිදු ශාස්ත්‍රීය විරෝධයකින් තොරව බ්‍රහස්පති සෘෂින්ගේ බාප්පාගේ භූමිකාව රඟපෑමට හැකිව තිබේ.
මේ අතර මෑතකදී ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු ජනමාධ්‍යයක් මගින් කතරගම දෙවිඳුන් දැකිය හැකි නැකතක් පිළිබඳව පවසා සිටීමද එබඳුම හාස්‍යජනක සිදුවීමකි. පැරණි භාරතීය දේවවාදයට ඉඳුරාම විරුද්ධ හා පටහැනි පැරණි භාරතීය ‍ජ්‍යොතීර්වේදයේ සිද්ධාන්ත අනුව එවැන්නක් ප්‍රකාශ කිරීම ඇල්දිය ගින්නෙන් පිළිස්සීමක් හෝ ගින්නක් ඇල්දියෙන් සේදීමක් ගැන කතා කිරීමක් වැනි අතිශය බාල බොලඳ ප්‍රකාශයකි. පැරණි භාරතීය ‍ජ්‍යොතීර්වේදයේ නොමැති මෙම දේව සහ ග්‍රහ සහව්‍යතාව අප රටේ මහනුවර යුගයේදී පමණ පළවූ අවියත් ප්‍රකාශනවල පමණක් දක්නට ලැබෙන්නකි. එහෙත් ඔහුගේ එම අඳබාල ප්‍රකාශය හිස් මුදුනින් පිළිගත් ලක්ෂ දහයකටත් වැඩි පිරිසක් ඔහු කී දිනයේ කතරගම පුදබිමට ගොස් කතරගම දෙවියන් වඩින තුරු පෙළ ගැසී බලා සිටියහ. ඒ කතරගම බස් නැවතුම්පළට දුම්රියක් පැමිණෙන තුරු බලා හිඳීමටත් වැඩි අමන ක්‍රියාවක් කළ අඥානයන් පිරිසක් ලෙස ශ්‍රී ලාංකීය මානව ඉතිහාසයට එක් වෙමිනි.
සත්‍යාසත්‍යතාවය කෙසේ හෝ වේවා ‍ජ්‍යොතීර්වේදය, පුරාණ ගෙබිම් සහ වාස්තු ශාස්ත්‍රය, සාමුද්‍රිකා ශාස්ත්‍රය,    ලක්ෂණ විද්‍යාව ආදී ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත් කිරීම පිණිස ඒවා සම්බන්ධයෙන් ප්‍රාමාණික හැදෑරීම් කළ වුන් හට මාධ්‍ය මගින් අවස්ථාවක් නොලැබි යාම ප්‍රබල සමාජ ඛිෙදවාචකයකි. ඒ වෙනුවට බොරුව, වංචාව සහ මුඛරි වාචාලකම යන සුදුසුකම් තුන පමණක් ඕනෑවටත් වඩා සපුරා ඇති කපටි කයිරාටික පුද්ගලයන් අද වනවිට රූපවාහිනී සහ ගුවන් විදුලි මැදිරි සේම පුවත්පත් පිටුද රොද බැඳ ආක්‍රමණය කරගෙන සිටිනු පෙනෙයි. අප ඒ බව කිසිඳු සැකයකින් තොරව පවසා සිටිනුයේ එම විෂයන් සම්බන්ධයෙන් ඔවුන් කරන විකට ප්‍රකාශ අනුවය. ඔය පරණ මිනිස්සුත් එක්ක වැඩ කරන්න අමාරුයි. ඒ මිනිස්සුන්ට හරියට කතා කරන්න බැහැ. වචනයක් කියලා තවත් වචනයක් කියන්න විනාඩියක් ගන්නවා. එයා කතා කරන කොට අහගෙන  ඉන්න මිනිස්සුන්ට නක්ෂත්‍රයත් එපා වෙනවා. ‍ප්‍රෝග්‍රෑම් එකත් එපා වෙනවා. ඒත් මේ අලුත් අය එහෙම ‍නෙවෙයි. මොනවා කිව්වත් අහන මිනිස්සුන්ට වදින්නම කියන්න දන්නවා.  ගුප්ත විශ්වාස පිළිබඳ වැඩසටහනකට සම්පත්ධාරීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් එක් ප්‍රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාවක් මා හා කීවාය. ඒ අනුව ඔවුන් තම වැඩසටහන් සඳහා කාලයේ තාලයට අනුව සම්පත්ධාරීන් තෝරනු විනා ඔවුන්ගේ ප්‍රමිතිය පිළිබඳ බින්දු මාත්‍රයක්වත් නොතකන බවක් පෙනේ. “මම පෞද්ගලිකව ඔය කිසිම ගුප්ත ශාස්ත්‍රයක් පිළිගන්නේ නැහැ. නමුත් ඔය හැම ශාස්ත්‍රයකම ෙසෙද්ධාන්තික ශාස්ත්‍රීය පදනමක් තියන බව පිළිගන්නවා.  නමුත් අද ඔය මාධ්‍ය වලින් ජනතාව හමුවට එන අයගේ සීයට අනූ නවයකටම ඔය කියන කිසිම ශාස්ත්‍රයක් ගැන ප්‍රමාණවත් ෙසෙද්ධාන්තික  දැනීමක් නැහැ. ඔය මිනිස්සු කියන්නේ බොරු. කරන්නේ බොරු මවාපෑම් ඒවායින් ඔය මිනිස්සු කෝටි ගණන් සල්ලි වංචා කරනවා” මම කීවෙමි.
මෙවන් පුද්ගලයන් ජනමාධ්‍යවලට සම්බන්ධ වන ආකාර කිහිපයක් මගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. විවිධ ක්‍රමවලින් මාධ්‍යවේදීන් රවටා ගැනීම ඉන් පළමු ක්‍රමයයි. මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ කුණ්ඩලනී ශක්තිය ඇති බව පවසන රාවණාගේ නැගණියද එවැන්නියකි. දැනට ඉතා අසාර්ථක දිවි පවෛතක් ගත කරමින් සිට ජනතාවට සාර්ථක ජීවිත ගත කිරීමට කියාදෙන ඇය විවිධ පුද්ගලයන් පිල්ලි වශයෙන් විවිධ මාධ්‍ය ආයතන හමුවට යැවීමේ හපන්කම් ඇත්තියකි. මා මෙහි ඉහත සඳහන් කළ ‍ලේඛිකාව ද මුලින් ඇය විසින් එසේ බොරුව නමැති මන්ත්‍රයෙන් ජීවම් කොට මා වෙත එවූ පිල්ලියකි. නමුදු ඒ පිල්ලියේ බල බිඳීමට මට හැකි විය. එසේ නොහැකි නම් අද මා මේ වෙනුවට ලියනුයේ රාවණාගේ නැගණිය වශයෙන් පෙනී සිටිමින් අසරණ අඥානයන්ගේ ඉණ ඉහ අහිමි කොට ඔවුන්ට උන් හිටි තැන් ද අහිමි කරවන ඒ කාන්තාව පිළිබඳ ප්‍රශස්තියකි. මෙවන් ශෝචනීය පසුබිමක් යටතේ විවිධ කළුගල් මත වී ඉස සරු අස්වනු නෙළා ගත හැකිය ආදී වශයෙන් විවිධ ගුප්ත ශාස්ත්‍ර                                                                   අළලා මොවුන් කරන අඥාන ප්‍රකාශ හමුවේ ඒවා පිළිබඳ හයක් හතරක් නොදත් ජනතාව බරපතළ ලෙස නොමග යමින් හිඳිති. එසේම වැඩසටහනක ගුවන් කාලය සඳහා වන මුළු මුදලම ගෙවන්නේ නම් ඕනෑම සොරෙකුට තක්කඩියෙකුට විනාඩි විස්සකින් මහානුභාව සම්පන්න සෘෂිවරයකු වීමේ භාග්‍යය ද අද ඇතැම් විද්‍යුත් නාලිකා මගින් උදා කරදී තිබේ. මෙසේ මාධ්‍ය මගින් අයථා ලෙස ජනතා කරලියට පැමිණි සමහරෙක් අද කෝටිපතියන් වී හිඳිති. ඒ අතර මෙවන් ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ ෙසෙද්ධාන්තික හැදෑරීමක් කොට ඇති සැබෑ ශාස්ත්‍රඥයන්ට සිදුවී ඇත්තේ “අනේ කා‍ලේ වනේ වාසේ” යැයි සිතමින් ගුප්ත විද්‍යාවන්ගේ නාමයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන මෙම ආටක නාටක බහුරූ කෝලම් දෙස බලමින් අත්ල නිකටේ හොවාගෙන සුසුම් හෙලීමට පමණි.

 තිලක් සේනාසිංහ

3 comments:

  1. ලංකාවට ඔහොම වෙලා මදි.........
    ාරාවණ

    ReplyDelete
  2. The mind and the soul together have an ability to sense or perceive a lot....in the universe.
    The body and the brain together have taken over that capacity...
    It is called body connection ....and soul connection...
    When the fetus develops inside the womb the soul connection is the dominant ....
    That is why babies sense the sounds of outside world
    Meditation helps to develop the soul connection.
    The brain activities of the Yogee who meditate on regular basis.
    Any body can achieve psychics ability ...
    Even in western countries there are different types of psychics.
    They never misuse the ability in order to deceive people and make money because the western world is not so ignorant....no bind faith....
    This woman started her carrier of deception based on lies from the beginning it self.
    We were able to see how stupid Sri lankans who live in Middle eastern countries and Italy.
    Some people utilize her limited ability to exploit others live abroad without knowing what her real capacity and how she operates.
    With her down fall the other exploiter also screwed up.
    She was an empty vessel.

    ReplyDelete
  3. ඉතිහාසය සූරා කෑම මහා පරිමාණයෙන්ම සිදුවන බවට අනගි නිදසුනකි. කුණ්ඞලීනි ශක්තිය ගැන ආයුර්වේදයේ හොඳින් දැක්වේ. විද්‍යා යනු අඳුර දුරැලා ආලෝකය දැකගැනීම බව විවේකානන්ද ස්වාමි පවසා ඇත. කියන්ට ඇත්තේ කාළාම සූත්‍රය මතක් කර ගැනීමටය.

    ReplyDelete

Powered by Blogger.