Header Ads

සිංහල බෞද්ධයාව රැවටීම - වික්ටර් අයිවන්

ලංකාවේ සිංහල බෞද්දයන් රැවටීම ගැන මේ ලිපිය ලියන්නට සිදුවී තිබෙන්නේ සාමකාමි ලෙස රැස්වීම් හා උද්ගෝෂන කිරීමට ආණ්ඩු ක්‍රම විවස්තාවෙන් ජනලැබී තිබෙන අයිතිය මහා පරිමානයෙන් උල්ලන්ගනය කෙරෙමින් තිබෙන අවස්තාකදී ය.නූතන යුගයට පිවිසී අකුරු උගත් ජනතාවක් බවට පත් වීමෙන් පසුව රටේ මේ දක්වා සිදුවී තිබෙන වාද විවාද විමර්ශනයකට ලක් කලහොත් එම වාද විවාද වලින් වැඩි හරියක් රටේ යහපතට නොව අයහපතට බලපෑ වාද විවාද ලෙස සැලකිය හැකිය.වැඩියෙන්ම සාකච්චාව ලක්වී තිබෙන දේ ලෙස සැල්කිය හැක්කෙ මේ රටේ නියම අයිතිකාරයින් කව්ද යන ප්‍රස්නයයි.

සාමාන්‍යයෙන් යටත් විජිත තත්වයක තිබෙන රටක් දේසපාලන ප්‍රතිසන්ස් කරන දිනා ගැනීම සදහා කරන උද්ගෝෂන වලට යන්නට පෙර පළමුවෙන් යොමු වන්නේ ආගමික පතිසන්ස්කරන දිනාගැනීම සදහා වන උද්ගෝෂන වලටය.ආගමික ප්‍රතිසංස්කරන සදහා වන උද්ගෝෂන හා දේසපාලන ප්‍රතිසංස්කරණ සදහා වන උද්ගෝෂන යටත් විජිත තත්වයක තිබෙන ඕනෑම රටක චින්තනය සකස් කරන ප්‍රධාන අදිර දෙකක් ලෙස සැලකිය හැකිය.සාමාන්‍යයෙන් බොහොමයක් රටවල සිදුවී තිබෙන්නේ ආගමික පුනර් ජීවනය සදහා කෙරෙන උද්ගෝෂන ඇතිකරන දේසපාලන විභවය ඉන් පසු ඇතිවන දේසපාලන  ප්‍රතිසංස්කරණ සදහා වන උද්ගෝෂනවලින් පරිපූරන කිරීමය.ඒ දෙක අතර අන්තර් සම්බන්දයක් පවතී.

                    ඉන්දියාවේ පැවති තත්වය

ඉන්දියාවේ නිදහස් අරගලයට පෙර පැවති ආගමීක පුන්‍ර් ජීවන වියාපාරය හා පසුව කරලියට එන නිදහස් වියාපාරය අතර චින්තනමය වශයෙන්  අපුරු ගැලපීමක් තිබුනි.එහි හින්දු හා මුස්ලිම් ආගමික පුනර් ජීවන වියාපාරයේ ප්‍රදාන නායකයින් දෙදෙනා ලෙස සැලකෙනු යේ රාජ් රාම් මොහාන් රෝයි හා සයිඩ් අහමඩ් ඛාන්‍ ය.එහෙත් එහි ආගමික පුනර් ජීවන වියාපාරය එම නායකයින් දෙදෙනාට පමනක් සීමා වූ වියාපාරයක් නොවීය.ඊට සම්බන්ද වෙනත් නායකයින්ද සිටියේය.එහි ආගමික පුනර්ජීවන වියාපාරය පොදුවේ මුලු එකක් වශයෙන් ගත් විට එයට තිබූ ඉදිරි දැක්ම ඉතාමත් ඉදිරි ගාමි වී යැයි කිව හැකිය.ආගමික නායකයන් වශයෙන් ඔවුන් සියලු දෙනාම තමන් අදහන ආගම පමණක් තිබී අනෙක් ආගම් විනාශ විය යුතු යැයි කලපනා නොකල,ආගම් අතර සහජීවනයක අවශ්‍යතාව පිලිගත් , ආගමික වත් පිලිවෙත් තුල තිබෙන අදට නොගැලපෙන මහජනයා පීඩාවට පත් කරන යල් පැනගිය අංග ඉවත් කර ගැනීම සදහා ආගමික මතවාදි රාමුව ප්‍රගතිශීලි තත්වයකට ගෙන ඒමට උත්සහාකල අය ලෙස සැලකිය හැකිය.

ඉන්දියාවේ ආගමික පුනර් ජීවන වියාපාරයේ චින්තනය ඉන්දියාවේ නිදහස් වියාපාරයේ චින්තනය සමග හොදින් ගැලපුනි.එම වයාපාර දෙකම වැඩවසම් කුළ ක්‍රමයට තිබෙන පිලිගැනීම අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි අතර බේදයකින් තොරව ඉන්දියාවේ ජීවත්වන සියලු මනුෂයන්ට මනුෂය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන රාමුවක් මත ඉන්දියානු ජාතිය ගොඩනගා ගත යුතු යැයි විස්වාස කලේය.

                    ලංකාවෙ තත්වය

එහෙත් ලංකාවේ ආගමික පුනර් ජීවන වියාපාරයේ හැසිරීම ඊට මුලු මනින් වෙනස් විය.විදේෂයෙන්ම අනගාරික ධර්මපාලගේ සිංහල බෞද්ධ පුනරුද වියාපාරය ක්‍රියා කලේ බෞද්ධ නොවන ආගම් කෙරෙහිද, සින්හල නොවන වරග කෙරෙහිද වෛරය හා ක්‍රෝදය කුලුගන්වන වියාපාරයක් වශයෙනි.ධරමපාලට අනුව ලංකාවේ භුමි පුත්‍රයන් ලෙස සැලකිය හැක්කේ සිංහල බෞද්ධයන් පමණය.දෙමල, මුස්ලිම්, බරගර් යන අන් සියලු ජනවර්ග සැලකිය යුත්තේ පර දේශක්කාරයින් ලෙසය.ධර්මපාල හරක් මස් කන මිනිසුන් හදුන්වන ලද්දේ වසලයන් ලෙසය.

ලංකාවේ සින්හල බෞද්ධයන් කෙරහි එඇඩිම බලපෑමක් කල චින්තකයා ලෙස සැලකිය හැක්කේ ධර්මපාලය.ඔහු ලංකාවේ පල්මු පෙලේ ජස්තික වීරයෙලු ලෙස සැලකේ.ඔහු ගේ බේදකාරි ඉගැන්වීම් මහජනයා අතට පත්කර තිබෙනුයේ ප්‍රති විවේචනටක් පවා නැතිවය.ධරමපාලගේ අමද්‍යප වියාපාරයේ අමද්‍යප වීරයන් ලෙස අභිෂේක ලැබූ වැඩි පිරිසක් ලංකාවේ අරක්කු වියාපාරිකයන් ගේ දරවන් විය 

ලංකාව හා එහි ජනයා පිලිබදව ධර්මපාල සමාජ ගත කර තුබූ බේදකාරි අදහස් ලංකාවේ දේශපාලන නායකයන් කෙරෙහි පමනක් නොව සිහල බෞද්ද ජනතාව කෙර්හිද බලපෑවේය.ඔහුට අනුව මෙහි ජීවත් වන සුන්හල බෞද්ද නොවන අන්සියලු දෙනා සැලකුනේ පරයින් ලෙසය.රටේ සිහල බෞද්ද ජනයාගෙනුත් ගොවිගම නොවන අර්දය සැලකුනේ පහත් ලන්මයක් සහිත කුලහීනයන් ලෙසය.ධර්මපාල සින්හල සමාජයේ පැවති කුල බේදය ඉවසූ නායකයෙකු විය

                නැති ප්‍රස්න ඇතිකර ගැනීම

ධර්මපාල සමාජ ගත කර තුබූ බේදකාරි මතවාදය නිදහසින් පසු රටේ ප්‍රස්න හා ගැටුම් ඇතිකරන වැදගත් සාදකයක් ලෙස ක්‍රියාකලේය.නිදහස් තත්වයක් කරා රට ගමන් කරමින් තිබුන මුල් කාලයේදී පරයින් ලෙස පෙනුනු පලමු කන්ඩායම බවට පත්වූයේ බරගර් වරුන් ය.ඔවුන් හදුන්වන ලද්දේ " කැර පොතු ලංසීන් " ලෙසය.තමන්ට නිදහස් ලංකාවේ අනාගත්‍යක් නැති බව කල් තියා තේරුම් ගත් බරගර් වරුන් තොග ගනනින් ලංකාව අත හැර ගියේය.ඉතිරිවූ සමහර අය වර්ගවාදයේ රුදුරු ගොදුරු බවට පත් විය 56 විප්ලවය සිදුවන විට ලංකාව බිහි කල ශේෂ්ට චිත්‍රශිල්පියෙක්  ලෙස සැලකිය හැකි ඩේවිඩ් පේන්ටර්. රජයේ කලා ආයතනයේ විදුහල් පතිවරයා විය.කිසියම් දිනක් මෙම කලාකරුවාට එරෙහිව අලවා තිබූ පෝස්ටර වල තිබූ පාඨයක් මෙසේය." දාවිත් පින්තාරුවා ගෙදර පල" 

නිදහසින් පසු ප්‍රතම අගමැති ඩී.ඇස් සේනානායක පුරවැසි නීති ඇතිකරන ලද්දේ ප්‍රවැසි හිමිකම් ලැබිය යුතුව තිබුන ඉන්දියානු වතු කම්කරුවන්ටද එම අයිතීන් අහිමි කෙරෙන ආකාරයටය.1947 පැවති මැතිවරනයෙන් ඉන්දියානු වතු කම්කරුවන්ට පාර්ලිමේන්තුවේ ආසන 07 ක් හිමිව තිබුන අතර පුරවැසි නීති ඇති කිරීමෙන් පසු 1977 වන තෙක්ම එකදු පාර්ලි මේන්තු අසුනක් වත් ඔවුන්ට හිමි නොවීය.

ඉන් පසු 56 දී බණ්ඩාරනායක දෙමල ජනයාගේ සාදාරන භාෂා අහිමි කිරීමට හේතුවන ආකාරයට සිංහල රාජ්‍ය භාෂා පනත නීති ගත කලේය.එය රටට ඇතිකල ප්‍රතිපල ඉතාමත් විනාශකාරි විය.බණ්ඩාරනායක එම මාරගය තෝරා ගත්තේද එය බලය සදහා තෝරාගැනීමට තිබුන පහසුම මගක් වීම නිසාය.

නිදහසේ සිටම බලයට පැමිනි නායකයන් වරග කුල ආගම් බේදවලට තිබෙන පිලිගැනීම නැති කොට ජාතිය ගොඩනගන පිලිවෙතක් අනුගමනය කරනවා වෙනුවට බලයට පත්වීම සදහා වර්ග කුල ආගම් බේද යොදා ගැනීම නිසා නිදහස් ලැබී දශක තුනකට පමණ පසුව තවත් දශක තුනක් තරම් කාලයක් ප්‍රචන්ඩ ගැටුම් වලට යොමුවූ මහා පරිමාන යෙන් ලේ වගුරුවන රටක් බවට පත් විය.එම බිහිසුනු සමාජ- දේශපාලන වටාපිටාව රටේ සමාජ දේසපාලන ක්‍රමය මුලුමනින් දූෂනයෙන් කුනුවූ ජරාජීර්න තත්වයකට පත් කිරීමට හේතු විය.

             කේතුමතී දේශයට රැගෙන යාම

අභ්‍යන්තර යුද්දය අවසන් වීමෙන් පසුත් සුලු ජන වරග පීඩාවට පත් කරන ප්‍රතිපත්තිය අත් හැරියේ නැත.ඉන් පසු දෙමල හම අත හැර මුස්ලිම් හමට තඩි බාන ප්‍රතිප්ත්තියකට මාරු විය.2019 අප්‍රේල් වලදී සිදු වූ පාස්කු පහරදීම් ලංකාවේ සින්හල බෞද්ධ ජනයා හිරි වැටුන තත්වයකට පත් කිරීමට හේතුවූ අතර ඉන්පසු සුලු ජාතින් ගේ සහාය නැතිව තනි සින්හල බෞද්ධ ශක්තියෙන් ජනාදිපති වරනයකුත් පාර්ලිමේන්තු මැතිවරනයකුත් ජය ලැබීමට සමත් විය. 

සින්හල බෞද්ධ ජනයාගේ මනසේ රෝපනය කර තිබුන සිහිනය වුයේ 2019 ජනාවිපතිවරනයෙන් හා 2020 පාර්ලිමේන්තු මැතිවරනයෙන් ලබන ජයග්‍රහනයත් සමග සින්හල බෞද්ධ කේතුමතී රාජ්‍යය කරා යන ගමනද ජයග්‍රාහි ලෙස අවසන් කරන බවය.එහෙත් කේතුමතී රාජ්‍යක් වෙනුවට අවසානයේ ඔවුන් ට ලැබී ඇත්තේ දූෂනයෙන් හොදටම කුනුවී ගදගහන ජරාජීරන හා බන්කොලොත් තත්වටත් පත්වූ අසමත් රාජ්‍යයකි.විටින් විට බලයට පත් සින්හල වර්ග වාදි පාලකයින් අතින් සුලු ජනවර්ග පීඩාවන්ට ලක් වුවත් අවසාන විග්‍රයේදී එම නායකයින් අතින් වැඩිම රැවටීමකට ලක්ව ඇත්තේ සින්හල බෞද්ධ ජනයාය.

No comments

Powered by Blogger.