මහ බැංකු කෝලමේ බබා පාලිය
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය මෙම ජුනි මාසයෙන් අවසන් වීමට නියමිතය. එය හමුවේ ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ විරූ ලෙස ‘මහ බැංකුවේ අධිපතිකම’ පවතින ආණ්ඩුවේ යහපාලනයේ ලිට්මස් පරීක්ෂාව ලෙසින් හැඳින්වීම දක්වා දුරදිග ගිය සංවාදයක් ඇරඹී ඇත.
සාලාව, විශාලා මහනුවරක් වූ සිදුවීම සිදු නොවන්න මේ වන විට රටේ වැඩිදෙනා කතා කරන්නේ මහ බැංකුවේ අධිපති කවුද යන්න සහ ඒ හමුවේ ආණ්ඩුවේ පතිවතය. අවාසනාවක මහත නම් ක‍්‍රම විරෝධී දේශපාලනයක් කරනවා කියන උදවිය පවා මේ චරිත සහතික දේශපාලනයේ සාම විනිසුරන්ගේ කාර්යය කරන්නට යාමය. කාලයක සිට ඔවුන් එලෙස ධනවාදය තුළ ශුද්ධ වූ ධනවාදීන් සොයන මෙහෙයුම අතිසාර්ථකව සිදු කරමින් හතර අතේ ඇනගෙන සිටින නිසා ඔවුන් ගැන කතාව පැත්තකින් තබා මේ සූදානම් වෙන්නේ ‘මහ බැංකු අධිපති’ විවාදය වෙනුවෙන් අපේ මැදිහත් වීම සිදු කරන්නටය.
විශේෂ සිදුවීමක් සිදු නොවන්න මේ ආණ්ඩුව එළැඹෙන මහ මැතිවරණය තෙක් රට කරනු ඇත. එසේ නම් මේ මොහොතේ ගනුදෙනු බේරාගන්නට තිබෙන්නේ ආණ්ඩුව සමඟය.
පසුගිය සතිය වන විට ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කර ගැනීමට තීන්දු කර තිබුණත් මේ සතියේ එම තීන්දුව වෙනස් කරගෙන ඇත. (ඒ ගැන පුවතක් මෙවර කලාපයේ පළ වේ) ඊට අනුව අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුව නොලැබීමේ තත්ත්වයක් මතුව ඇත. කෙසේ වුවත් මෙහි දී මහ බැංකු අධිපති ධුරය ලැබිය යුත්තේ කාටද යන්නට වඩා අප අවධානය යොමු කරන්නේ එය ලබා දෙන්නට යන ප‍්‍රතිපත්තිය කෙරෙහිය. එකී ප‍්‍රතිපත්ති තීරණ ගැනීමට ආණ්ඩුව ඉවහල් කරගන්නා මිනුම් කෙරෙහිය. ඒ හේතු ඇතුවය. මේ සූදානම ඒ හේතු එකින් එක මතුකර දක්වන්නටය.
අර්ජුන් මහේන්ද්‍රන් තවදුරටත් මහ බැංකු අධිපති ධුරයට නුසුදුසු බවට යෝජනා කෙරෙන ”ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කිරීම සඳහා වන කඩිනම් ක‍්‍රියාමාර්ග සඳහා වන ඉල්ලීමයි” යනුවෙන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය අපට ද ලැබී ඇත.
ඊට අනුව නම් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය ලබා ගැනීමට කොහෙත්ම සුදුසුකම් ඇත්තෙක් නොවේය. ඔහුගේ උපාධිය දේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගත් එකක් නොව විදෙස් විශ්වවිද්‍යාලයකින් ලබාගත් එකකි. ඔහු එම ධුරයට පත්වීම එවකට මූල්‍ය ක්ෂේත‍්‍රයේ අය මවිතයට පත් වූ සිදුවීමක් බවට පත්ව තිබුණි. මහ බැංකු අධිපති වූ ගමන් සිදුකර ඇත්තේ දුර්වල නියෝජ්‍ය අධිපතිවරයකු සහ කණ්ඩායමක් සමඟ දක්ෂයන් කොන් කිරීමේ මෙහෙයුමය. අනතුරුව දක්ෂයන්ගෙන් පළිගැනීමය.
තව ද ඔහු බලය අයුතු ලෙස යොදවා ඇත. ඊට අදාළ ඇඟට දැනෙන එක් චෝදනාවක් වන්නේ 2015 පෙබරවාරි වනතෙක් සේවක අර්ථසාධක අරමුදලේ ආරක්ෂාවට ඊට ලබා දී තිබූ (ඍජු සහභාගී වන්නකුගේ තත්ත්වය) ඍජු ස්ථාපන ක‍්‍රමවේදය අත්හිටුවීමය. ඒ, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරවය. ඒ හරහා අතරමැදියන්ට විශාල ලෙස ලාභ ඉපැයීමට අවස්ථාව ලබා දී ඇත. එසේම ඔහු රාජකාරිය වෙනුවෙන් උපරිමයෙන් කැපවී නැත, අධිකාරී බලය පමණක් නොව සම්පත් ද අවභාවිතයේ යොදවා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් අද සිටින්නේ කලකිරීමෙන්ය. මහ බැංකුවේ ගන්නට දෙයක් නැත, අවසානයේ 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් කිසිවක්ම කර නැත.
එම ලියවිල්ල සමඟ තවත් ලියවිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහි 2015 පෙබරවාරි 27 වන දා සිදු කළ වසර 30 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී සිදු වූ අක‍්‍රමිකතා ගැන මෙන්ම 2016 මාර්තු 29 වන දා බැඳුම්කර වෙන්දේසියේ අක‍්‍රමිකතා ගැන ද සඳහන්ව තිබේ.
මහ බැංකු අධිපති විවාදයේ අපේ සංවාදශීලී වටය ඇරඹෙන්නේ මෙතනදීය. ඒ අරඹමින් අප ආණ්ඩුවෙන් විමසන්නේ මහ බැංකු අධිපතිගේ විවාදය තුළ ආණ්ඩුව දේශපාලන උභතෝකෝටිකයක් වෙත ඇද වැටී ඇති බවය. ඒ මෙසේය.
ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පසුව 2015 ජනවාරි 27 වන දා අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කළේ වත්මන් ආණ්ඩුවය. එවිට මේ නුසුදුසුකම් ආණ්ඩුවේ අභ්‍යන්තර පාර්ශ්ව හෙළි නොකළේ මන්ද? නියම තතු දැන යම් කිසිවකු ඒ මොහොතේ එය සඟවාගෙන සිටියානම් ඔහු දූෂණ විරෝධී ස්වරූපයෙන් සිටින අමු තක්කඩියෙක්ය. ඒ චෝදනාව අප එල්ල කරන්නේ ඉතා වගකීමෙන්ය. මන්ද, මේ ආණ්ඩුව ඒ මොහොතේ භෞතීස්ම ලබා තිබුණේ ‘යහපාලන’ ආණ්ඩුව ලෙසින්ය. ඒ අනුව මේ තරම් නුසුදුසු අකාර්යක්ෂම, අවස්ථාවාදී, දූෂිත අයකු මහ බැංකුව නමැති රටේ ආර්ථිකයේ මර්මස්ථානයකට පත්වන තෙක් නිහඬව සිටීම තක්කඩිකමට එහා ගිය වැදුම්ගෙයි ඝාතකයකු බවට පත් වන්නේ ඉබේමය.
අනෙක් අතට මේ වනතුරුත් ආණ්ඩුවේ පොදු ස්ථාවරය ලෙස රටට කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර සිදුවීමට අදාළව වැරැදිකරුවා නොවන බවය. ඒ බව සිහිපත් කරගන්නට වැඩිදුර සාක්ෂි අවශ්‍ය නැත. පාර්ලිමේන්තුවේ ඊට සාක්ෂි දැක්වෙන හැන්සාඩ් වාර්තා පවතී. එනිසා මේ හමුවේ යමකු, ”ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් සොයා බැලිය යුත්තේ බැඳුම්කර ගැන නොව ජනතාව ගෙදර යැවූ සමහරුන් ගැන බවත්” අවධාරණය කරමින් අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිරවද්‍යතාව සම්බන්ධව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප‍්‍රකාශය අසත්‍යයක්ද? එවැනි අසත්‍යයක් අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ සිදු කළා නම් ඔහුට එරෙහිවත් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා නේද? යනුවෙන් ආණ්ඩුව ප‍්‍රශ්න කළහොත් එය වැරැදී යැයි කියන්නට ද නොහැකිය. ඉතින් ආණ්ඩුව මහේන්ද්‍රන්ව ගෙදර යවන්නේ ඉහත චෝදනා පදනම් කර ගනිමින් නම් අග‍්‍රාමාත්‍යවරයා සම්බන්ධව පැනනැෙඟන ඉහත ප‍්‍රශ්න දෙකටවත් පිළිතුරු දිය යුතුව ඇත.
මෙහි දී ඉදිරිපත් කර තිබෙන චෝදනා සත්‍යය නම් අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු ධුරය පිරිනැමීමේ සිට මේ දක්වා එකී චෝදනාවල සම චූදිතයකු බවට වත්මන් ආණ්ඩුව පත්වීම වළක්වා ගන්නට නොහැකිය. එසේම යහපාලනය උපන්ගෙයි කෙලෙසා ගන්නට සිදුකර ගත් පාප කර්මයට 2015 ජනවාරි 08 වෙනසේ සියලූ දෙනාම අනියමින් හෝ කරගසා ඇති බව ද පිළිගන්නට සිදු වේ.
එසේම බැඳුම්කර ගනුදෙනුව ආරම්භක මොහොතේ සිට විපක්ෂය එල්ල කළ චෝදනාවලට වලංගුභාවයක් ලැබීම, ආණ්ඩුවට අදාළව මේ මොහොතේ එල්ල කරමින් තිබෙන චෝදනාවලට ඇති වලංගුභාවය ගුණාත්මකව වැඩි වීම ඇතුළු රට තුළ පොදුජන විශ්වාසය කෙලෙසා ගැනීමට අදාළ බරපතළ තත්ත්වයකට මුහුණ දීමට ද ආණ්ඩුවට සිදු වේ.
එය එතැනින් නවතින්නේ නැත. දූෂිත රෙජීමයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමා තුළ පෙරළා දැමීම මෙන්ම රටේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතුව එක් ආණ්ඩුවක් පිහිටුවමින් නියෝජිත පාලන ක‍්‍රමයට වෙනස් අත්දැකීමක් එක් කිරීම තුළ ලැබූ ජාත්‍යන්තර කීර්තිය ද මේ හමුවේ කැළැල් වෙයි. ඒ පාලනය ආරම්භයේම නුසුදුසු පුද්ගලයකු පත් කරගත් නිසා පමණක් නොවේය. රාජකාරි ආරම්භ කර දින කිහිපයක් ගතවෙන තැන බරපතළ දූෂණ කටයුත්තකට සම්බන්ධ අයකු රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම, එම නිලධාරියා රටේ මූල්‍ය කළමනාකරණයට අදාළ ඉහළ නිලයක් දරන්නකු වීම, ඔහුගේ පත්වීම දේශපාලනික පත්වීමක් වීම, ඒ වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ මුදුන් මල්කඩ වන පාර්ලිමේන්තුව යොදා ගැනීම, අග‍්‍රාමාත්‍යවරයා සිය නිලය යොදා ගනිමින් ඒ වෙනුවෙන් පෙනී සිටීම ආදී කප්පරක් කාරණා මේ තුළ ඉස්මතු වීම වළක්වා ගන්නට නොහැකිය.
සැබැවින්ම ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන අතරතුර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව ඇත. එහි දී අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව පුද්ගලයන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී නීතියක් උල්ලංඝනය කර තිබේද, කිසියම් පනතක් උල්ලංඝනය කර තිබේද, එමඟින් කොපමණ පාඩුවක් සිදුව තිබේද, යන්න සම්බන්ධයෙන් ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අසමත් විය. ඒ නිසා ඔවුන්ගේ පෙත්සම ඉවතට විසි විය. ඒ අනුව මෙරට නීතියෙන් අර්ජුන් වැරැදිකරුවකු කර නොමැත.
ඒ පසුබිමේ හදිසියේ අර්ජුන් වරදකරුවා කරන්නේ ආණ්ඩුවෙන් නම් මෙරට අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය වී තිබීම යන්න රාජපක්ෂ රෙජීම සමයට පමණක් නොව වත්මන් යහපාලනයට ද අදාළ බවට එල්ල වන චෝදනා අලූත් වන්නට ඉඩ ඇත.
ඉතින් මේ තත්ත්වය ආණ්ඩුවට දේශපාලන උභතෝකෝටිකයක් වීම ඉතා පැහැදිලිය. ඒ ප‍්‍රශ්නවලට ”අර්ජුන්ට චෝදනා ආවා අපි එයාලව ගෙදර යැව්වා.. ඒක තමයි යහපාලනය” වැනි කතා අදාළ නැත. මන්ද, යහපත් මූල්‍ය කළමනාකරණයක් ගැන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගැන විශ්වාසය තැබිය හැකි අපේක්ෂා මාත‍්‍රයක්වත් ඒ පිළිතුරේ අඩංගු නොවන නිසාය.
ඒ අර්ථයෙන් පළමුව මහ බැංකු අධිපතිකම කාට දුන්නත් ඒ තුළ රටේ මූල්‍ය කළමනාකරණයට අදාළ වඩාත් විශ්වසනීය තීන්දුවක් ප‍්‍රකාශ විය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව රටේ ආර්ථිකය බරපතළ දුෂ්කරතාවක පවතින නිසාය. වඩාත් සරලව නම් 2015 අවසානය වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 8475 ක් විය. එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක් අප ණය වෙනුවෙන් දැරිය යුතුය. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීම් ප‍්‍රමාණය රුපියල් බිලියන 1209 ක්ය. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම් සඳහා වන අතර රුපියල් බිලියන 562 ක් ණය මත ගෙවන පොලිය වෙනුවෙන්ය. මීට අමතරව ජාතික ණය පද්ධතියට ඇතුළත් නොකළ රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1042.8 ක් ලෙස සටහන්ව ඇත. ඒකපුද්ගල ණය රුපියල් ලක්ෂ 4ක සීමාවට පැමිණ ඇත. මේ අයුරින් රට කරවූ කෙරුමන් රටේ ආර්ථිකය ඇදදැමූ තත්ත්වයට අදාළ සංඛ්‍යා දත්ත රාශියක් ඉදිරිපත් කරන්නට පුළුවන. එහෙත් මේ ඒ වෙනුවෙන් අවස්ථාව නොවේය. රටේ ආර්ථිකය ගැන තේරුම් ගන්න මීට වඩා ආර්ථික විද්‍යාවක් අවශ්‍ය නැත.
දෙවනුව අර්ජුන් ගෙදර ගියත් නැතත් ඉදිරියේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිළිබඳ විශ්වසනීය තීන්දුවක් ඒ තුළ ප‍්‍රකාශ විය යුතුව ඇත. එනම් අර්ජුන් වරදක් කර ඇත්නම් ඔහුව නීතිය හමුවට ගෙන ඒමය. ඔහුට එරෙහිව රටේ නීතිය බලාත්මක කරවීමය. අර්ජුන්ට පමණක් නොව රාජ්‍ය මූල්‍ය සමඟ කැත සෙල්ලම් කළ රාජපක්ෂ රෙජීමයේ නීලකාස හොරුන්ට ද ඔවුන්ට නියමිත තැන ලබා දිය යුතුව ඇත. ඒ හැර අනිත් වැඩ සියල්ල මහ බැංකුවට අදාළව ”යහපාලන බෝතලයේ එන රාජපක්ෂ කසිප්පු”ය. අපට අනුව නම් ඒ කසිප්පුවලින් රටේ ප‍්‍රශ්නවලට පිළියම් යෙදිය නොහැකිය.
කෙසේ වුවත් යහපාලනය නාමයෙන් අද ජනාධිපතිට ලියන උදවියට ඒ නීලකාස හොරු අමතකව ඇති ගානය. ඒ නිසා ඊළඟ සතියේ මේ ඉඩ ඔවුන් වෙනුවෙන් ය. අලූත් බෝතලේ එන පරණ කසිප්පු අප ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි යන්න එවිට තේරුම් යනු ඇත.
සංජය ලියනගේ
sathhanda

No comments