කොටි දත් (එල්. ටී. ටී. ඊ. නොවේ.)
වනජීවී දෙපාර්තමේන්තුව රත්තරන් වැනි රාජ්‍ය ආයතනයකි. හොරා කන්නට ඕනෑ තරම් දේවල් මෙහි තිබේ. ගස් සහ දඩමස් ඒවාතුරින් ප්‍රමුඛය. අලි පැටව් ඊළඟට ය. මේ වන විට ලොව විශාලතම ඇත් පැටවුන් ජාවාරම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ විය යුතුය. බලය ඇති ඇතැම් චීවරධාරීන් හා සල්ලිකාරයෝ ද දේශපාලනඥයෝ ද බලු පැටවුන් හා පූස් පැටවුන් ගෙවල්වල ඇති කරන ගානට අලි පැටව් ඇති කරති. සමහරකුගේ ගෙවල් පිටුපස හරක් දිගේලි කරන්නාක් මෙන් අලි පැටව් බැඳ ඇත. ගිය ආණ්ඩුව යටතේ වනජීවී දේපළ කොල්ලකෑම ඉතා සරුවට සිදුවිය. තත්ත්වය කොතරම් නරක් වීද යත් ගේ පිටුපස අලින් බැඳ තැබූ ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ නඩුකාර උන්නාන්සේ කෙනෙක් ද මේ දවස්වල උසාවි යයි - එයි. මෙකී උන්නාන්සේ වෙනදා ගියේ නඩු අසන්නටය. දෛවය කෙතරම් විසිතුරුද? අද ඔහු උසාවි යන්නේ කූඩුවට නගින්නට ය.
ඒ කතාව පැත්තකට දාමු. අපගේ මාතෘකාව වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස් වූ අධ්යක්ෂ ජනරාල් ගැනය. මේ අධ්යක්ෂ ජනරාල් ඉවත්ව ගියේ දේශපාලනඥයකුගේ බලපෑම් තවදුරටත් ඉවසා සිටීමට බැරි තැන යෑයි කියනු ලැබේ. ඔහුට බලපෑම් කළේ කවුද? ඒ නම අපි දනිමු. හැබැයි, අපි දැනට ඒ නම හෙළි නොකරමු. එහෙත් සිද්ධිය කියමු. සිද්ධියට සම්බන්ධ දේශපාලනඥයා තරුණ වියේදී දේශපාලනයට පිවිස ක්‍රමයෙන් මැදි වයස පසු කරගෙන යමින් සිටින්නෙකි. ඔහුගේ පියා ද හිටපු බලවතෙකි. කෙසේ හෝ වේවා දයාබර පාඨකය, මේ බලගතු දේශපාලන පුතා අභයභූමිවල ටි්රප් යැමටත්, වන සතුන්ගේ පින්තූර ගැනීමටත් මහත් සේ ප්‍රිය කරන බව දැනගන්නට ඇත. ඒ මතුද නොව ඔහු විල්පත්තුව, යාල, කුමන වැනි අභය භූමියකට රිංගන්නේ නම් ඒ, රජය මගින් අනුමත කළ ප්‍රවේශ මාර්ග ඔස්සේ නොව වෙනත් මාර්ගවලිනි. ඔහු කැලයට රිංගන විට ඔහුගේ ආරක්ෂකයෝ ද කැලයට රිංගති. පසුගිය දවසක ගිය මෙවැනි ගමනකදී ඔහු විසින් දිවියකුට වෙඩි තබන ලදී. දිවියා මළ අතර දේශපාලනඥයා උගේ මුඛයේ වූ දඩයම් දත් ගලවා ගනු ලැබීය. දිවියන්ගේ දඩයම් දත් රනින් හෝ රිදියෙන් බැඳ පෙන්ඩන්ට් හදන අතර, ධනවතුන්ගේ කර මාලවල එල්ලෙන නමුදු ළඟ තබාගැනීම තහනම් බඩුවකි. මේ සිද්ධිය පසුගියදා ඉල්ලා අස් වූ වනජීවී අධ්යක්ෂ ජනරාල් දැන සිටි බවත් ඔහු එයට විරුද්ධ වූ බවත්, එතැන් පටන් අර පෙර කී දේශපාලනඥයා දිවියාට කළ වැඩේම වනජීවී අධ්‍යක්ෂට කරන්නට සූදානම් වන බවත් නූතන ජන වහරේ පවතී. නූතන යෑයි කීවාට ඉහත කතාව ඇති ජනවහර මාස දෙකක්වත් පැරණි නැත. එබැවින් මේ ගැන පරීක්ෂණයක් කළොත් උණු උණු බඩු ලබාගැනීමට බලධාරීන්ට හැකි වනවා ඇත.
රාජ්‍ය නිලධාරියා දේශපාලන බලපෑමෙන් ඉවත් නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් නො ඉල්ලමු. සිදු නොවන දේවල් ඉල්ලුවාට කවර ඵලයක්ද? එහෙත් වනජීවී සිද්ධිය ගැන සොයා බලනන්නැයි උදක්ම ඉල්ලමු.
divaina -
මේ දේශපාලන අමනයාගේ අම්මා ඒ කාලේ යාල කැලේට යන්නේ 'අලි කෙළි' බලන්නය. එයා ඒවා බලන්න ආසයි. එයා බිකිනිය ගහලා පූල් එකක නාන පොටෝ එකක් ගත්තු මාධ්‍යවේදියාට මොකද උනේ?
ReplyDelete