Header Ads

2014 වර්ෂයේ ලෝකය වඩාත්ම සෙවු රාගාන්විතම ගැහැණිය ඇය විය...

අන්තර්ඡාලයට පිවිසෙන බොහෝ අය ‘Mia Khalifa’ නැමති අසභ්‍යයැයි සම්මත චිත්‍රපටිවල රගන ඒ නිළිය ගැන දන්නවාට කිසිදු සැකයක් නොමැත. ලෙබනන් තරුණියක වු ඇය ඇයට අවුරුදු 21 දී මාස කිහිපයක් නිල් චිත්‍රපට සදහා දායක විය. ඒ 2014 වසරේය. එක් ලිංගික ඡවනිකාවක ඇය පැළද සිටියේ හිඡාබයකි. ලෝකප්‍රකට ISIS අන්තවාදී සංවිධානයේ ඝාතන ලැයිස්තුවට එක්වීමට ඇයට එය ප්‍රමාණවත් විය. එවිට මුස්ලිමි අන්තවාදීන්ගේ අසිපත තිබුනේ ඇගේ හිසට පහතින් බෙල්ලට කිට්ටුවය.

කෙසේ වුවත් මෙි ඊණියා සංස්කෘතික සමාඡයේ තරුණයාගේ සිට මහල්ලා දක්වා ඇයට කෙළ හැලු මුත් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ ඇය කලු චරිතයක් බවයි. එහෙත් සෑම කලු වලාකුලකම රිදී රේඛාවන් තිබිය හැක. සියලු නිල් චිත්‍රපටවලට සමුදෙමින් අද වන විට ඇය සමාඡ ක්‍රියාකාරිනියකි. ඇගේ සමාඡමාධ්‍ය ගිනුම්වල අනුගාමිකයෝ ලක්ෂ ගණනකි.

මියා කලීෆා ගැන අප ලියන්නේ පසුගිය සතියේ ලෙබනන් බීරුට් වරායේ දැවැන්ත පිපිරීමෙන් ලෙබනන් ඡනතාව කම්පාවෙන් සිටින මොහොතක මෙි විශිෂ්ට ගැහැණිය ලෙබනන් ඡනතාවට කල කී දේවල්ය. මිලියන ගණනක් අනුගාමිකයන් සිටින ඇගේ විවිධ සමාජ මාධ්‍ය ගිණුම්වල ලෙබනන් පිපිරීම ගැන කලීෆා සිය ප්‍රකාශ සමගින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙි. එහිදී ඇය ලෙබනනයේ මානුෂීය අවශ්‍යතා ඉස්මතු කිරීමට උත්සාහ කරන අතරම එහි ආණ්ඩුවේ දූෂණ ද පෙන්වා දෙයි. ඉන් නොනැවතී සිය කාමුක රංගනයේදී පැළද සිටි ඒ ඉතිහාසගත උපැස් යුවල බේරූට් පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඩොලර් 100,000 ක් රැස් කිරීම සඳහා වෙන්දේසි කර තිබේ. ඇය eBay වෙන්දේසි අඩවියට එය හදුන්වා දී ඇත්තේ ‘‘පාවිච්චි කරන ලද සහ අපයෝජනයට ලක්වූ මගේ උපැස් යුවල" ලෙසිනි. එය වෙන්දේසියට තබා පැය 06 ක් තුල ලන්සු තැබීම ඩොලර් 11,400 ක් විය. එදින සවස් වන විට ලන්සුව ඩොලර් ලක්ෂයක් විය. 

වෙන්දේසියෙන් පසු කලීෆා සිය ඉන්ස්ටග්රෑම් ගිනුමෙි මෙසේ ලියා ඇත.. “මගේ රටට යමක් දීමට තිබෙිද ? තව දුරටත් නිදිවැදීමට නීති නැත.‘‘ එහි තව දුරටත් ලියන කළීෆා

"මට අවශ්‍ය වන්නේ මේ මොහොතේ ලෙබනනයේ මානුෂීය අර්බුදයක් පවතින බව ඔබට දැනුම් දීමටයි. ඔවුන්ට අපේ උදව් අවශ්‍යයි. ඔවුන්ගේ රජය දූෂිත නිසාත් ඒ ගැන කිසිවක් නොකරන නිසාත් ඉතින්, මම කරන්නේ මට කළ හැකි දෙයයි.‘‘

අවශ්‍ය නම් කලීෆා තව තවත් ඇය පරිහරණය කල දෑ ඇය ගැන සිතන කලීෆා උන්මාදයෙන් පෙළෙන මිනිසුන්ට විකුණා දමනු ඇත. විකුණා ලැබෙන සියලු ඩොලර් අන්තර් ඡාතික රතු කුරුසය හරහා සිය මාතෘ භූමියේ විපතට පත් ඡනතාව වෙනුවෙන් යවනු ඇත. ‍‍මෙි මොහොතේ ඇය ඡීවත්වන්නේ ඇමෙරිකා එක්සත් ඡනපදයේය. ධනයෙන් බලයෙන් පුර්ණනත්වයට පත්ව සුරක්ෂිත ලෙස දිවිගෙවන හා සීතා දේවියන් මෙන් රගන ලොව බොහෝ ගැහැණුන්ට වඩා මෙි කලුම කලුයැයි ඔබ හදුන්වාදෙන මියා කලිෆා මට සුදුම සුදුය, බාහිරවද අභ්‍යන්තරයෙන්ද... ස්තුතියි කලීෆා !

==============================

https://globalnews.ca/…/mia-khalifa-glasses-auction-beirut…/

Rohana Wijeweera ෆේස්ඉුක් පිටුවෙන්

No comments

Powered by Blogger.