බිස්වාල් හදිසියේ ආවේ ඇයි? චීනය හොරෙන් ආවේ ඇයි?
ඇමෙරිකාවේ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හදිසියේම ලංකාවට ආවේ නිකම්ම නොවේ. දැනට මාස කිහිපයක් තිස්සේ ලංකාවේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගැන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇයගේ මේසය මතට ලැබුණු වාර්තා එතරම් හොඳ නැති නිසාය. විශේෂයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිගේ ප්රශ්නය ගැන මෛත්‍රි සහ රනිල් අතර වූ සීතල යුද්ධය පිළිබඳ වාර්තා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු අංශයේ ප්‍රධාන තැනක් ගත් ෆයිල් කවරයක් වන්නට ඇත. එයට හේතුව ඔබාමා ආණ්ඩුව ලංකාවේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තු තබා තිබීමය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වරක් කීවේ මහජන ඡන්දයෙන් ප්රජාතන්ත්රවාදය දිනා ගැනීම පිළිබඳ ලංකාව ලොවට ආදර්ශයක් දී ඇති බවය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ පසු පැවැති පළමු එ. ජා. මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ඇමෙරිකාව ලංකාව සමඟ එක්ව යෝජනාවක් ඉදිරිපත් කළේ නව ආණ්ඩුව ගැන ඇමෙරිකාව බලාපොරොත්තු තබා ඇති බව ලොවට පෙන්වන්නටය.
ඒ බලාපොරොත්තු සුන් කර ගන්න ඇමෙරිකාව සූදානම් වේ යැයි සිතිය නොහැකිය. ජාත්‍යන්තර යුද අධිකරණයකින්, යුද අපරාධ සඳහා නියෝග දුන් මහින්ද, ගෝඨාභය සහ ෆොන්සේකා ඇතුළු හමුදා නිලධාරීන්ට දඬුවම් දිය යුතු යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන බල කරද්දී ඇමෙරිකාව ජාත්‍යන්තර යුද අධිකරණ උගුලෙන් ගැලවෙන්න මෛත්‍රි - රනිල් ආණ්ඩුවට මාර්ග සිතියමක් දුන්නේය. ලංකාවේ අගවිනිසුරුවරයා දමිළ ජාතිකයෙක් වුණේත් විපක්ෂ නායක සම්බන්දන් වුණේත් මහ බැංකු අධිපති දමිළ ජාතිකයෙක් වුණේත් ඒ මාර්ග සිතියමට අනුවය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලංකාවෙන් මස් රාත්තලම ඉල්ලන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට ඇමෙරිකාව කීවේ ලංකාවේ අනාගතය සුබදායක නිසා යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ යුතු බවය. මෙහිදී ඇමෙරිකාවට සිද්ධ වූයේ 1987 ඉන්දියාවට වුණු දෙයය. ජේ. ආර්. ගේ ආණ්ඩුවට එරෙහිව එල්. ටී. ටී. ඊ.ය ඇතුළු දමිළ සටන්කාමීන් උසි ගැන්වූ ඉන්දියාව ජේ. ආර්. ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ වූ විට එල්. ටී. ටී. ඊ.ය ඇතුළු දමිළ සටන්කාමීන් ලංකාවට හීලෑ කර දීමේ කාර්ය භාර ගත්තේය. මහින්දගේ ආණ්ඩු කාලයේ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන උසි ගැන්වූ ඇමෙරිකාව දැන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව යටතේ ඔවුන්ගේ හඬ බාල කිරීමේ කාර්ය භාර ගෙන තිබේ. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයට ඇමෙරිකාව මැදිහත් වූයේ දමිළ ජාතිකයෙක් මහ බැංකු අධිපති ධුරයට පත් වීම සහතික කිරීමටත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගැටුමකට යෑම වැළැක්වීමටත් විය හැකිය. බිස්වාල් පැමිණියේ ආණ්ඩුව ශක්තිමත් කිරීමටය. ලංකාවේ ස්ථිරසාර සාමයක් ඇති කරන්න නම් ලංකාව ආර්ථික වශයෙන් ගොඩ ආ යුතු බව ඇය කීවේ ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්තිය පැහැදිලි ලෙස වෙනස් කරමිනි. යුද්ධයට පසු ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්තියේ අංක එක වූයේ මානව හිමිකම් වැනි දේශපාලන න්යායපත්රයක්ය. දැන් එය ආර්ථික න්‍යායපත්‍රයක් ලෙස වෙනස් වී ඇත. මෙය ලංකාවේ ජයග්‍රහණයකි.
නිශා බිස්වාල් මේ පණිවුඩය දෙන්න හදිසියේ ලංකාවට එද්දී චීන විදේශ ඇමැති කාටත් හොර රහසේ ලංකාවට පැමිණ තිබිණි. කාටත් හොර රහසේ කියන්නේ විදේශ ඇමැතිටත් චීන විදේශ ඇමැති සංචාරය රහසක් විය. චීනය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී රනිල් විදේශ අමාත්‍යාංශ අතේ දුරින් තියාගත්තේ තවමත් මහින්දවාදීන් විදේශ අමාත්‍යාංශය අරක් ගෙන සිටින නිසාය. රනිල් සිය චීන සංචාරය සැලසුම් කළේ විදේශ අමාත්‍යාංශය ගාවා නොගෙන අරලියගහ මන්දිරය තුළය. හම්බන්තොට වරාය, කොළඹ වරාය ව්‍යාපෘතිය, මත්තල ගුවන් තොටුපොළ දියුණු කිරීම චීනයට පවරා දෙන ගිවිසුම් සකස් වූයේ විදේශ අමාත්‍යාංශයටත් රහසිනි. චීන - විදේශ ඇමැති ලංකාවට ආවේ රනිල්ගේ ඒ චීන ලංකා රහස් මාර්ගය හරහාය. පෝට් සිටි ව්‍යාපෘතිය නතර කිරීම ගැන කෝප වී චීනය මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ මුල් කාලයේ ආණ්ඩුවට ඇන ගන්න ඉඩදී බලා සිටියත් චීන විදේශ ඇමැති සංචාරයෙන් පේන්නේ ලංකාවට යළි මිත්‍රත්වයේ හස්තය දිගු කරන්න චීනයට වුවමනා වී ඇති බවය. බිස්වාල් ලංකාව පිළිබඳ සිය නව ආර්ථික න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට පෙර ලංකාවට රහසින් දුවගෙන ආ චීන විදේශ ඇමැති කීවේ චීනය දැනටමත් ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කාරයෙක් බවය.
බිස්වාල්ගේ සංචාරය ඉන්දියාව දැන සිටියත් චීන විදේශ ඇමැති සංචාරය ඉන්දියාවට රහසක් විය. ඉන්දියාව එයට කලබල විය. ඉන්දියාව එලෙස කලබල වූයේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ක්‍රිෂ් සමාගම ලංකාවේ ඉඩම් ගනුදෙනුවක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ලංකා ආණ්ඩුවට අවශ්‍ය තොරතුරු ලබාදී තිබියදීය. ක්‍රිෂ් සමාගමෙන් ලංකා ආණ්ඩුව තොරතුරු ලබා ගත්තේ බොහෝ අමාරුවෙනි. එම වංචාව ගැන තොරතුරු හෙළිකර ගැනීම මෛත්‍රි - රනිල් ආණ්ඩුව ලබපු ලොකු ජයග්‍රහණයකි. එම නිසා චීනය වගේම ඉන්දියාවත් බැලන්ස් කර ගැනීම ලංකා ආණ්ඩුව අතුරේ යන ගමනකි.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

No comments