Header Ads

ජනමාද්‍ය ලෝකයේ චොප්පෙලා - වික්ටර් අයිවන්

Lumpenization යන යෙදුම සදහා " පාදඩකරනය " යන සින්හල යෙදුම යොදාගත් පලමු පුද්ගලයා මා විය හැකිය.රාවය මාසික සගරාවක් වශයෙන් පැවති මුල් කාලයේදී මා "සමාජ පාදඩකරනය" නමින් කවරයේ කතාවක් ලියා පලකලෙමි.එය ලන්කා සමාජයේ වේගයෙන් වරදනය වෙමින් තිබූ පාදඩ කරනය ව්ග්‍රහ කිරීමට දරන ලද උත්සහායක් ලෙස සැලකිය හැකිය.

ඕනෑම සමාජයක් තුල පාදඩ හෝ ලුම්පන් ගනෙහි ලා සැලකිය හැකි සමාජ තීරුවක් තිබිය හැකිය.විදිමත් සමාජයක එහි පරිමාව විශාල නැත.එහෙත් 1977 න් පසුව ලුම්පන් සමාජ තීරුවේ අති විශාල ප්‍රසාරනයක් ඇති විය.අද වනවිට එම ප්‍රවනතාව මුලු මහත් සමාජයම ගිලගත් තත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.නීතියට බය නැතිව කලු ආරතිකයක් තුල ජීවත්වන සියලු දෙනා ලුම්පන් ගනෙහි ලා සැලකිය හැකිය.

මාක්ස් හා එන්ගල්ස් ලුම්පන් නිර්දන පන්තිය ගැන සලකා බලා තිබේ.ලුම්පන් දනපතීන් හෝ ජනමාද්‍ය වේදීන් ගැන සලකා බලා නැත.එහෙත් ලුම්පන් සමාජය ගැන මාක්ස් හා එන්ගල්ස් පෙන්නුම් කර තිබෙන සැකය අදටත් වලන්ගුය.

මගේ මතය අනුව ලන්කාවේ ජනමාද්‍ය කරමාන්තය විශාල ප්‍රමානයකට ලුම්පන් කරනයකට ලක්වු කරමාන්තයකි.එහි හිමිකරුවන් තුල සේම ජනමාද්‍ය වේදීන් තුල ජනමාද්‍ය අන්තර් ගතය තුල ද එම ලක්ෂනය ප්‍රබල ලෙස දැකිය හැකිය.මේ ගනෙහි ලා සැලකිය හැකි ජනමාද්‍ය වේදීන් අතරද දක්ෂයින්සිටිය හැකිය.

ඔවුන් බැලූ බැල්මට ඉතා හොදය.මිත්‍රශීලි සේම පරිත්‍යාග ශීලිද විය හැකිය.එක මොහොත්කදී එවැන්නෙකු ඔබ වෙනුවෙන් ජීවිතය වුවද පූජා කල හැකිය.එහෙත් තවත් මොහොතකදී එම පුද්ගලයාම ඔබ ඉදිරියේ ඉතාමත් සාහාසික පුද්ගල යෙකු ලෙස ක්‍රියාකලහැකිය.ඔබ සතුහැම දෙයක්ම උදුරා ගත හැකිය.ඔබව තුවාල කල හැකිය මරා දැමිය හැකිය.ඔබේ මව, බිරිද,දියනිය යන ඕනෑම කෙනෙකු දූෂනය කලහැකිය.මා මෙම ප්‍රවනතාව ගැන රාවය කතෘ විමලනාත් වීරරත්නද සහබාගිවූ අවසාන අද්‍යක්ෂක මන්ඩල සාක්ච්චාවේදිද කතා කලෙමි.මට වැඩ කරන්නට සිදුවූයේ මා පුහුනු කොට හදාගත් ජනමාද්‍ය වේදීන් සමග නොව සමාජයේ සැරිසරන ජනමාද්‍ය වේදීන් සමග බවත් ඔවුන් අතර හොද අය සිටියා සේම අදම අය සිටිබවත් මම එදා මම ඔවුන්ට කීවෙමි.රාවය නාමය පවත්වාගෙන යන්නට ඉඩ දෙන්නට මා කැමති නැත්තේ ඒ සදහා අවශ්‍ය තරමේ දියුනුවක් පෙන්නුම් කිරීමට රාවයේ වර්තමාන කතෘ මන්ඩලය සමත්වී නැති නිසා බවදමම කීවෙමි.

නන්දන වීරරත්න ලන්කාවෙ ජනමාද්‍ය විෂයෙහි සිටින චොප්පෙ කෙනෙකු ලෙස සැලකිය හැකිය.ඔහු මා ගැන ලියාතිබෙන සටහනෙන් පසු ලියනලද කෙටි සටහනක නම් කර තිබූ චන්ද්‍ර ගුප්ත අමරසින්හ අයත් වන්නේද එම ගනයටය.චන්ද්‍රිකා පාලන කාලයේදී මරා දමනු ලැබූ සටන කතෘ රෝහන කුමාර අයත් වන්නේද මේ ගනයටය.

   චන්ද්‍ර ගුප්ත  අමරසින්හ.

චන්ද්‍ර ගුප්තද අතීතයේදී කිසියම් විප්ලව කාරි කන්ඩායමකට සම්බන්දවී වැඩ කරන පුද්ගලයෙකි.71 කැරැල්ල කාලයේදී අතඩන්ගුවේ සිටි බවද කියනු ලැබේ.යුක්තිය පුවත් පතේ මෙහෙය වීමෙන් එහි නගරාදිපතිනියට එරෙහිව පැවති උද්ඝෝෂණ ‍යකට සහාබාගීවීම සදහා මා එහි ගිය අවස්තාවකදී එම සිද්දිය ආවරනය කරන්නට පැමිනි කැමරා කරුවෙකු වශයෙන් මට ඔහු එහිදී හමු විය.ඔහු ලොකු දුක්ගැනවිල්ලක් එහිදී මට ඉදිරි පත් කලේය. 

කාරායාලයට පැමින හමුවන ලෙස මම ඔහුට කීවෙමි.ඒ අනුව ඔහු මා හමුවන්නට ආවේය.ඉන් පසු රාවයේ වැඩ කරන්නට වූ අතර ක්‍රමයෙන් රාවයේ කැමරා ශීල්පියෙකු බවටද පත් විය.ඔහු 83 කලු ජූලියේ දී ඔහු විසින් ගන්නා ලද චායාරූප එකතුවක පිටපත්ද රාවයේ ප්‍රයෝජනය පිනිස දුන්නේය.ඔහු ප්‍රිය ජනක පුද්ගලයෙකු නොවීය.තිබුනේ කරක්ෂක පීඩිත පෙනුමකි.අඩියක් ගැසූ විට කා සමග හෝ රන්ඩු කලේය.

ඔහු කිසියම් කාලයක් රාවයේ වැඩ කලේය.ඔහු සිය යතුරු පැදියේ ඉන්දන වියදම් ලබාගැනීම සදහා විටින් විට ඉදිරිපත් කර තිබෙන සියලු රිසිට් පත් එකම ඉන්දන පිරවුම් හලකින් ලබා ගෙන තිබෙන ඒවා බව කිසියම් දිනකදී මට රාවයේ එවකට සිටි මූල්‍ය කලමනා කරු ඇනුම් දුන්නේය.ඉන්දන පිරවුම් හලේ ලිපිනය ලෙස යොදා තිබුනේ නාවල ලිපිනයක් බැවින් එහි ගොස් සැබෑ තත්වය සොයා දැනගන්නා ලෙස මම ඔහුට උපදෙස් දුන්නෙමි.ඔහු එහි ගොස් මට වාරතා කලේ එම ලිපිනයේ ඉන්දන පිරවුම් හලක් නැති බවත් ඔහු ඉන්දනවියදම් ලබාගැනීම සදහා හැම විටම ලබා දී ඇත්තේ මුද්‍රනය කරවා ගත් වියාජ බිල් පොතක් බවත්‍ ය.මම චන්ද්‍රගුප්ත මා වෙත කැදවා ඒ ගැන විමසීමක් කරන ලද අතර ඒ සමග එදින සිට ඔහු රාවයට නාවේය.

      අග විනිසුරුගෙ සහාය ලබා ගැනීම

ඉන් තවත් කලකට පසුව ඔහු මට හා රාවයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් පැවරුවේය.ඔහු ගේ මූල්‍ය වන්චාවට අදාල සියලු තොරතුරු අප ලග තිබූ බැවින් නඩුව ගැන බියක් ඇති කර ගැනීමේ හේතුවක් නොතිබුනි.නඩුව ආරම්බයේදීම නිශ්ප්‍රබා කරගැනීමට හැකිවනු ඇතැයි අපේ විස්වාසය වී තිබුනි.එම නඩුව වෙනුවෙන් පෙනී සිටියේ සුරන්ජිත් හේවමාන්නය.ඔහු මාගේ නීතිඥයා පමනක් නොව මගේ විස්වාසවන්ත මිට්බුරාද විය.

නඩු වාර දෙක තුනක් ගිය පසුව සුරන්ජිත් ඒ නඩුව ගැන මට අපූරු කතාවක්කලේය.එය මා අගවිනිසුරු සරත් සිල්වා සමග ලොකු සටනක නිරතවී සිටි කාලයේදීය.ඔහු මට මෙසේ කීවේය." චන්ද්‍ර ගුප්තගෙ නඩුව අපට දිනන්නබැහැ..නඩුව ඇහෙන්නෙ නීතියට අනුකූලව නෙමෙයි.නඩුව අහන නඩු කාරයාගෙ පස්සෙ CJ ගෙ අවතාරෙ තිබෙනවා.චන්ද්‍ර ගුප්ත වෙනුවෙන් ලොකු වන්දියක්නියම කරාවි.ඒ කට අබියෝග කරන්න එපා.ගෙවලා දාන්න.අබියෝග කරන්න ගියොත් CJ තව තව බෙල්ල තද කරාවි."

අවසානයේ සිදුවූයේද එයයි.නියමකරන ලද වන්දිය ගෙව්වා මිස ඊට අබ්‍යෝග කරන්න ගියේ නැත.පසුව වැඩේ සිදුවූ ආකාරය හෙලිදරව් විය.රෝහන කුමාර නමින් අගවිනිසුරු සරත් සිල්වා කිරිපොවා හදාගත් අපරාද කරුවකු ඔහුට සිටියේය.චන්ද්‍ර ගුප්ත වාසිසහගත නඩු තීන්දුවක් ලබා ගැනීම සදහා අල්ලා ගත්තේ ඔහුය.චන්ද්‍ර ගුප්ත එම අපරාදකාරයා සමග එක්තුවී"රාවයේ මළ ගම " නමින් පොතක්ද පලකලේය.එහි ඉන්ග්‍රීසි සන්ස්කරනය අගවිනිසුරු සරත් සිල්වාගේය.

  වීරරත්නගෙ නන්දන.    

නන්දන වීරරත්න සමහර දේවල් ලස්සනට ලිවීමේ හැකියාවක් තිබූ කෙනෙකු විය.ඔහු 1982 කාලය වන විට ජේවීපී ක්‍රියාදරයෙකි.83 ජේවීපී ය තහනම් කිරීමෙන් පසු කීරිති බාලසූරියගේ විකොසට එකතු විය.රාවයට එකතු වූයේ 2009 මුල් කාලයේදීය.දෙවැනි ජේවීපී කැරැල්ලේදී ගම්වල සිදුවී තිබූ මනුෂය ගාතන හා එවායේ කුල පසුබ්ම ගැන ඔහු විසින් ලියා පලකරන ලද ලිපි සමාජ වැදගත් කමක් තිබූ ලිපි ලෙස සැලකිය හැකිය.එහෙත් රාවයේ වියදමින් කරන ලද දේවල් වෙනත් අයට විකුනන්නට ලැබෙන හැම අවස්තාවකදීම රාවයේ අවසර ලබා ගැනීමකින් තොරව එසේකලේය.

බටලන්ද කොමිෂම ඔහු ගේ උත්සහායකපලයක් ලෙස සැලකිය හැකිය.එහෙත් එම උත්සහායද සැගවුනු කූට අර්මුනුද සහිත උත්සහායක් විය.නන්දන හා එම වැඩ සැලැස්මට සම්බන්ද තරුන නීතිඥයෙකුගේ අර්මුන වී ඇත්තේ රනිල් වික්‍රම සින්හටඵර දෙනවාට අතිරේකව බටහිර රටකට පැනගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇතිකරගැනීමය.

චන්ද්‍රිකා පාලනයේ මුල් කාලයේදී බීබීසී  සිනහල සේවයේ ප්‍රදානියා ලෙස ක්‍රියා කල වසන්ත රාජා ලන්කාවට ගෙන්වාගත්තේ මගේ ඉල්ලීමක්  අනුවය.බීබීසි ය ආදර්ශය ට ගෙන රජයේ එක රූපවාහිනී නාලිකාවක් හෝ ඊට ගැලපෙන ලෙස වෙනස් කල යුතු බව හා ඒ සදහා වසන්ත උපදේශක යකු වශයෙන්ලන්කාවට ගෙන්වා ගත යුතු මගේ මතය විය.උපදේශකයින්ට බලයක් නැති නිසා වසන්තට රූපවාහිනියේ සබාපතිකම ලබා දිය යුතු බව චන්ද්‍රිකාගේ මතය විය.

වසන්ත රාජා ලන්කාවේ රූපවාහිනී සන්ස්තාවේ වැඩ බාර ගැනීමත් සමග සන්දේශයේ දෙවනියා ලෙස වැඩ කල ප්‍රියත් එහි ප්‍රදානියා විය.ලන්කාවෙන් තොරතුරු ලබාගත් පුද්ගලයෙක් වශයෙන් ප්‍රියත්ට නන්දන සමග සම්බන්දයක් තිබුනු අතර සන්දේශයේ ඇතිවී තිබෙන පුරප්පාඩුවට තමන්ව ගන්නා ලෙස නන්දන ප්‍රියත්ට බලපාමින් තිබුනි.ඒ ගැන ප්‍රියත් මා සමග කතා කල අවස්ථ්වෙදී මම කීවේ ඔහුට නන්දන ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඊට මගේ විරෝදයක් නැති බවය.ඒ නිසා බටහිර රටකට පැනගැනීමේ ආශාව සපුරාගැනීමේ අන් මගක් නන්දන සොයා ගෙන තිබුනි.එහෙත් ඔහු ගේ නීතිඤ මිතුරා ඒ අරමුන සපුරා ගත්තේ බටලන්ද කොමොෂම මුවාක් කරගෙනය.නන්දනද බටලන්ද කොමිෂම ඉදිරියේ සාක්ෂි දුන්නද හරස් ප්‍රස්නවලට මුහුන නොදී රටින් පලා ගියේය.

ලුම්පන් සොබාවය

නන්දන එක්සත් රාජදානියේදී රගපා තිබෙන බූමිකාව ඉතාමත් සුවිශේෂ ය.ඔහු ප්වුලට සම්බන්ද ලොකු පිරිසක් එක්සත් රාජදානියට ගෙන්වාගෙන තිබෙන්නේ වියාජ ගමන් බල පත්‍ර යොදාගෙනය.එවැනි සමහර අය අදත් එහි ජීවත් වන්නේ මෙහි ඔවුන්ගේ උප්පැන්න සහතික වල තිබෙන නම් වලින් නොව ගමන් බල පත්‍ර සදහා යොදාගත් වියාජ නම් වලිනි.Human Sumggling ඔහුට ආදායම් උපයාදෙන මාරගයක් වී තිබේ.එක්නැලිගොඩ පැහැර ගැනීම සදහා යොදාගත් දෙමල තරුනයා කලක් එල්ටීටීඊය ට සම්බන්ද පසුවා හමුදා ඔත්තු සේවයට සම්බන්දවූ කෙනෙකි.ඔහුටද ඇත්තට හෝ බොරුවට බටහිර රටකට පලා යාමට අවශ්‍යවී ඒ සදහා එක්නැලිගොඩගෙන් උදව් ලබා ගැනීමට දරන ලද උත්සහායේදී ඒ සදහා එක්නැලිගොඩ උදව් ලබා ගැනීමට උත්සහ කර ඇත්තේද නන්දනගෙනි.

නන්දනගේ ශරීරයේ තිබෙන නියම ලුම්පන් සොබාවය පෙන්නුම් කිරීම සදහා දැක්විය හැකි හොදම හා ප්‍රකටම නිදරශනය මෙසේය.ඔහු සින්හල සේවයෙන් ඉවත් වීමෙන් පසු එහි ටැක්සි රියදුරකු ලෙස සේවය කලේය.ඔහු ලන්කාවට පැමින ආපසු යන හැම විටම රුපියල්  පහේ කාසි තොගයක් ගෙන ගියේය.කුලක්සදහාද? මෙහි රුපියල් පහේ කාසියක් බාහිර පෙනුමෙන් එහි පවුමේ කාසියකට සමානය.ඔහු කර තිබෙන්නේ රාත්‍රී  කාලයේදී ටැක්සියේ යන එන මගීන්ට ඉතුරු කාසි දෙනව්ට පවුමක් වෙනුවට රුපියල් පහේ කාසියක් දීමය.

නන්දනට දොස්කීම තේරුමක් නැත.රාවයේ විමලේ හෝ එහි අන් කිසිවකු මේ දුෂකර පැයේදී තමන්ට ආදාර කරන ලෙස නන්දේගෙන් ඉල්ලන්නට ඇත.චොප්පේ ප්‍රාදේශීය ගනන් කාරයින් ඔවුන් දුෂකර තත්වයකට පත්වී ඔහුගේ ආදාර ඉල්ලා සිටින අවස්තාවලදී පොඩි සද්දයක් දමා ආදාර කරන්නා සේ මට එරෙහිව සද්දයක් දමන්නට ඇතිය.

- වික්ටර් අයිවන්

No comments

Powered by Blogger.