ඔහොම යං..... (ජනාධිපතිතුමාගේ විනෝද සමය සහ බර්ටි ගුණතිලකගේ විනෝද සමය)
ජනාධිපතිතුමා සහ බර්ටි ගුණතිලක මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වුණි. ඊට පසුදා පත්තරවල සිද්ධිය ගියේ විනෝද සමයෙන් රටක් ප්රමෝදයට පත් කළ ප්‍රවීණ කලාකරු බර්ටි මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් යන හෙඩිම යටතේය. රටක් දිනූ රාජ්‍ය නායකයාත් රටක් හිනැස්සූ කලාකරුවාත් යන හෙඩිම හැමතැනම පළවූවත් කවුරුහරි අලූගුත්තේරුවකු කරන වෙබ් එකක රටක් දිනූ සහ රටක් හිනැස්සූ යන ටයිටල්වලට නම් මාරු වී පළවී තිබුණි. එදා ඉතිං ආගිය කතා බොහොමයකින් පසු බර්ටි ජනාධිපතිතුමාට කීවේ බෙහෙත් ගන්න කොළඹ ආවිට නවතින්න තැනක් නැතිකමේ ප්රශ්නය හරියට බලපානවා ජනාධිපතිතුමනි කියාය. ආ ඇත්තද මටත් ඒ කාලෙ ඔය ප්‍රශ්නෙ මාර විදියට තිබුණා කී ජනාධිපතිතුමා හැබැයි මම නම් ඒ දවස්වල හවස් වරුවෙදි අහුවෙච්ච එකෙකුගෙ ගෙදර ලකා ගහනවා කියා කීවේය. ඉතිං ඉතිං හරි ෂෝක්නෙ කී බර්ටිට ජනාධිපතිතුමා කීවේ එදාට ඉතිං ගෙදර ඉන්නවට වඩා හොඳයි ඒ ගෙවල්වලින් උපරිම සැලකිල්ල ලැබෙනවා කියාය. බර්ටි පුරුද්දට වගේ විහිළුවක් කරන අටියෙන් කීවේ ඒ යාළුවගෙ මව්පියො ඔබතුමා අනාගතයේදී ජනාධිපති කෙනෙක් වෙන බව ටක්කෙටම දැනගෙන හොඳට සලකන්න ඇති කියාය. අපිට ඉතිං කොලූ කාලෙ කරපු වැඩ දැනුත් කරන්න බැහැනෙ කියා ඩබල් එකේම කී බර්ටිට ජනාධිපතිතුමා මඳක් කල්පනා භරිතව කීවේ හැබැයි ඉතිං බර්ටිට කොළඹ ආවම අමාරිස් අයියලගෙ බෝඩිමේ කරදරයක් නැතුව නවතින්න පුළුවන්නේ කියාය. අමාරිස් කියන්නෙ කවුද කියා ෆුල් අඤ්ඤකොරොස් වී ඇසූ බර්ටිට ජනාධිපතිතුමාකීවේ දෙයියෝ සාලෙ ඔය ඩිංගට එකට විහිළු කරපු අය අමතක වුණාද මට නම් එහෙම අය අමතක වෙන්නේ නැහැ කියාය. බර්ටි නිහඬව ඉන්න කොට ජනාධිපතිතුමා නැවත කීවේ ඔයාලගෙ විනෝද සමයෙත් මත බෙදිලි ඇතිවුණා මට මතකයි කියාය. බර්ටි කීවේ ඔව් සර් ඒ වුණාට අපේ විනෝද සමයත් ඔබතුමාලගෙ වැඬේ වගේම තමයි වෙනසක් නැහැ කියාය. ඒ කිව්වේ කියා ඇසූ ජනාධිපතිතුමාට බර්ටි කීවේ විනෝද සමයෙත් සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැහැ කියාය. ජනාධිපතිතුමා කීවේ විනෝද සමයේ හාමු මහත්තයාට ඇක්ට් කරපු ඇනස්ලි ඩයස්ට විධායක බලතල තිබුණා නම් මට වගේ මත බෙදීම්වලින් තොරව එකමුතු විනෝද සමයක් ගෙනියන්න තිබුණා කියාය. ජනාධිපතිතුමා සීරියස් විහිළු තහලූ කරන්නෙක් බව තවදුරටත් තේරුම් ගනිමින් සිටි බර්ටිට ජනාධිපතිතුමා කීවේ ඇත්තටම හාමු මහත්තයගෙ ගෙදර වුණත් බර්ටිට කොළඹ ආවම නවතින්න පුළුවන්නේ කියාය. බැරිම තැන බර්ටි කීවේ දැන්ම ඔය කියපු දෙන්නගෙම ගෙදර යන්න මගේ අදහසක් නැහැ කියාය.
අනතුරුව ජනාධිපතිතුමා වංස පුතාට කතා කළේ බර්ටි මහත්තයාගේ කොළඹ නවාතැන් ප්‍රශ්නයට මොකක් නමුත් විසඳුමක් ලබාදෙන්න පුළුවන්ද බලන්නය. රිං රිරිං වී විනාඩි පහ හයකට විතර පසු වංස පුතාලාගේ ගෙදර ෆෝන් එක කවුරුහරි ඉස්සුවත් හලෝ නොකී උස්සපු පොර ඒක පැත්තකින් තබා වෙන කතාවක පැටලී සිටිනු ජනාධිපතිතුමාට ඇසුණේය. වංස පුතා එකපාරටම කාට හෝ හයියෙන් කියනවා ඇසුණේ තමුසෙලා උදේ පාන්දරත් ඒසී දාගෙන ඉන්න එපා ඕයි මං දැන් ලයිට් බිල් කේස් එකෙන් අම්බානට කිච වෙලා ඉන්නෙ කියාය. ෆෝන් එක දෙසට නහය හරවාගෙන පිඹිනවා වගේ හුස්ම ගනිමින් සිටි වංස පුතාගෙන් ගෑනු පරාණයක් යකඩ කටින් අහනවා වගේ ඇසුවේ ඇයි දේශපේ‍්‍රමී රෝල් එකට අප්සට් වගේද කියාය. රෙද්ද තමයි කියා මාරාවේෂයෙන් කියූ වංස පුතාට ගෑනු පරානේ තවත් මොන මොනවාදෝ අවඥාවෙන් කී අතර වංස පුතා හයියෙන් කීවේ තමුසෙලගෙ හත්මුතු පරම්පරාවෙ එවුනුත් මෙහේ ඇවිත් ඒසී දාගෙන සති ගණන් ඉඳලා යනකොට බිල නගින එක අහන්න දෙයක්ද ඕයි කියාය. ගෑනු පරානෙ කීවේ ඉතිං අපේ එවුං නේන්නං ඡුන්දෙට මැරීගෙන මනාප එකතු කළේ උන් ඒසී කාමරවල දවස් දෙක තුනක් ඉඳලා ගියාම මොකෝ ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච මුල් දවස්වලත් එයාගෙ ගමේ කට්ටිය ඇවිත් අරලියගහ මන්දිරේ ආසාවට සති ගණන් ඉඳලා ගියේ කියාය. ඒ වුණාට මේක මගේ කැරියර් එකට අවුලක් කී වංස පුතා පොඞ්ඩක් ඉන්නවා මීඩියා පොරක්ද කොහෙද කතා කරනවා කියා මේසය උඩ අතහැර තිබුණු රිසීවරය අතට ගත්තේය. එසැණින්ම කීවේ ඔයාලට ඕනි නම් ඉතිං අපේ ගෙදර ඇවිත් සප්ලයි දීලා තියන විදිහ බලන්න ප්‍රශ්නයක් නැහැ කියාය. එහා පැත්තේ සිටි අමුතු මාධ්‍යකාරයා ඇසුවේ ඔබතුමාලගෙ ගෙදර ඒ.සී. කාමර දෙකක් තියෙන්නේ මොකටද කියාය. වංස පුතා කීවේ අමුත්තෙක් ආවොත් නිදියන්න එකක් තියනවා. අනික වයිෆ්ටයි ළමයින්ටයි කියාය. අප්පට සිරි ඇමතිතුමාට එකක් නැද්ද කියා ඇසූ අමුතු මාධ්‍යවේදියාට වංස පුතා කීවේ ඒකනෙ මම තාම නිදියන්නෙ ගමේ ගෙදරදි වගේ සාලෙ පැදුරක් එලාගෙන කියාය. අප්පට ඩෙන තත්වෙ එච්චර දරුණුද කියා ඇසූ මාධ්‍යකාරයා හරි කවුද ඉතිං අර එනවයි කියපු විශේෂ අමුත්තො කියා ඇසුවේය. ගමේ ඉඳන් හිටපු ගමන් අපේ මලයා එනවා, වයිපරේගෙ ගමේ නෑයො පාත්වෙනවා, උන්ට දැන් මෙහේ ආවොත් ඒ සී නැතුව නින්ද යන්නෙ නැහැ කියා වංස පුතා කීවේය. මාධ්‍යකාරයො ඇසුවේ ජනතාව ලයිට් බිල ගෙවාගන්න හැටි ඔබතුමා දන්නවද කියාය. වංස පුතා කීවේ ඒගොල්ලන්ට ඉතිං අපේ ජනාධිපතිතුමා කියල තියනවනෙ කොහොම හරි යුනිට් අනූවට අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. ජනතාව ඉතිං ජනාධිපතිතුමා කියන එක අහලා ඒ වැඬේ කරගන්නවා කියාය. මාධ්‍යවේදියා කීවේ ඉතිං ජනාධිපතිතුමා කියන එක අහලා ඇමතිවරුන්ටත් ලයිට් බිල කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්නේ කියාය. වංස පුතා කීවේ මම නම් එහෙම කරනවා. ඒත් අපේ වැඩ කරන අයටයි සිකියුරිටි එකටයි සෑහෙන ලයිට් බිලක් යනවා කියාය. ඔච්චර ලොකු සිකියුරිටි එකක් නැතුවම බැරිද කියා ඇසූ මාධ්‍යවේදියාට වංස පුතා කීවේ පිස්සුද මල්ලි ජේවීපී එකේ ඉන්න කාලෙත් මට අන් ඔෆීෂියල් සිකියුරිටි එකක් තිබුණා කියාය. ඒ කිව්වෙ කියා ඇසූ මාධ්‍යවේදියාට වංස පුතා කීවේ අපි ඉස්සර නිතරම චන්ද්‍රිකාගෙ ආණ්ඩුවට විරුද්ධව පෙළපාළි ගියානෙ. ඒවාට කඳුළු ගෑස් බැටන් ප්‍රහාර එල්ල වුණානෙ කියාය. ඔව් ඉතිං කියා හූමිටි තැබූ මාධ්‍යවේදියාට වංස පුතා කීවේ ඉතිං වටකරලා පොලිසිය අපිට ගහන වෙලාවට පක්ෂ සහෝදරයො මට ෆුල් සිකියුරිටි එකක් දීලා මාව මාර විදියට කවර් කරගන්නවා කියාය. ඉතිං ඒක වැරදි දෙයක් නෙවෙයිනෙ හරි හොඳ ආදර්ශයක්නෙ කී මාධ්‍යවේදියාට වංස පුතා කීවේ හොඳයි තමයි ඒත් ඒ වෙලාවට ටිල්වින් අයියා දිහා මොන සහෝදරයෙක්වත් උන්නද මළාද කියලා බලන්නෙ නැහැ මෑන් තනියම කඳුළු ගෑස්වලට මූණ දිදී තෙත ලේන්සුවෙන් මූණ පිහදදා ඉන්නවා ඒකයි අප්සට් එක කියාය. මාධ්‍යවේදියා ඊළඟට ඇසුවේ ජර්නලිස්ට්ලගෙ ඇමතිතුමාගෙ ගෙදර විසිට් එක කවදද කියාය. වංස පුතා කීවේ ළඟදීම ග්රෑන්ඞ් පාටි එකක් ඕගනයිස් කරනවා මගේ යාළු ජර්නලිස්ට්ලා ඇවිත් කාලා බීලා වැඩිවෙන එවුන්ට ඒසී කාමරවල නින්දත් ගස්සෝලා යවනවා ඊට පස්සෙ උන් ගිහින් ඇත්ත තත්ත්වය ජනතාවට පහදලා දෙයි කියාය. හඬෙහි වේෂය මාරු කළ ජනාධිපතිතුමා මෙතෙක් වෙලා ඉවසාගෙන ළඟ සිටි බර්ටිට වෙරි සොරි කියා දුරකතනය තිබ්බේය.
බර්ටි ගියාට පසු ජනාධිපතිතුමා ජිනීවා රෙසලූෂන් එක පාස්කිරීම ගැන නවී පිල්ලේටත් ඔබාමාටත් කැමරන්ටත් අම්බානට දොස් කිව්වේය. හියුමන් රයිට් කවුන්සිලය නොපිළිගන්නා බව කීවේය. ඒවා ෆොරින් මීඩියාවල ගියේය. ඊටත් පසුදා චාලි චැප්ලින් ස්පෙෂල් ලයිසන් එකක් ගෙන ජනාධිපතිතුමා හම්බවෙන්න ආවේය. ඒක පත්තරවල ගියේ ලෝකයම දිනූ ජනාධිපතිවරයෙක් සහ ලෝකයම හිනැස්සූ නළුවෙක් අතර හමුවක් යනුවෙනි. ඒත් බර්ටිගේ නිව්ස් එක ටයිටල් මාරු කරලා දැමූ එකාගේ වෙබ් එකේ චැප්ලින් සහ ජනාධිපති හමුවත් ගියේ ටයිටල් මාරු කරලාය.
විමලනාත් වීරරත්න -

No comments