මැනලද රජුනි වැඩ කෙරුවේ මා ඔබට....
කරු ඇතුළු 17ක් මහින්දගේ ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් ගත්තාට ටික කලකට පසු එකල විදේශ ඇමැති මංගල සමරවීරගේ ගෙදර රහස් සාකච්ඡාවක් තිබිණි. සාකච්ඡාව පැවැතියේ ජ.වි.පෙ. සමඟය. සාකච්ඡාවට ශ්‍රීපති සූරියආරච්චිත් සහභාගි විය. ජ.වි.පෙ. නියෝජනය කරමින් එකල ජ.වි.පෙ. නායක සෝමවංශ, විමල් වීරවංශ, අනුර කුමාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.
'ආණ්ඩුව යන මාර්ගය වැරැදියි. මේ විදියට ආණ්ඩුව එක්ක යන්න අමාරුයි...'
මංගල පළමුවැනි වරට මහින්ද සහ ආණ්ඩුව ගැන සිය අප්‍රසාදය පළ කෙළේ එසේය. ජ.වි.පෙ.ත් එය පිළිගත්තේය. තමා සමඟ මේ මතයේ ශ්‍රීපති වගේම අනුර බණ්ඩාරනායකත් තව ඇමැතිවරුන් කිහිපදෙනෙක්ද සිටින බව හෙළි කෙළේය.
ඒ රහස් සාකච්ඡාව තියා වැඩි කලක් ගියේ නැත. මහින්ද හිටි හැටියේ මංගල, අනුර සහ ශ්‍රීපතිව ඇමැතිකම්වලින් අයින් කෙළේය. මේ ඉවත් කිරීමට හේතුව ජ.වි.පෙ. රහස් සාකච්ඡාව බව මංගලට තේරුණි. ඔහු සෝමවංශට මේ බව දන්වා සිටියේය. රැස්වීමෙන් පසු විමල්ගේ හැසිරීම් ගැන සැක කළ මංගල රැස්වීම ගැන මහින්ද දැනුවත් කළේ විමල් යැයි තමාට තොරතුරු තිබෙන බව සෝමවංශට දැන්වූයේය. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේදී සෝමවංශ විමල්ගෙන් මේ ගැන ප්‍රශ්න කළද විමල් උත්තර දුන්නේ නැත. පසුව විමල් රැස්වීම ගැන මහින්ද දැනුවත් කළේ තමා යැයි පිළිගත්තේය.
සියල්ලට පළමුව ජ.වි.පෙ. කියා අදහපු විමල්ට සියල්ලට පළමුව මහින්දව ලොකු වුණේ එසේය. විමල් මහින්දගේ මිත්‍රයෙක් නොවේ. විමල් මංගලගේ මිත්රයෙකි. මංගල සහ ජ.වි.පෙ. අතර පණිවුඩ හුවමාරු වුණේ විමල් හරහාය. 2001දී හකීම් ඉවත් වීමෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය නැතිවූ විට එ.ජා.ප.ය ආණ්ඩුව පෙරළන්න ඔළු ගෙඩි එකතු කරද්දී චන්ද්‍රිකාට පරිවාස ආණ්ඩුවක් හදලා දෙන්න ජ.වි.පෙ. එකඟ කර ගත්තේ විමල්ය. ඒ වගේම 2001 මහ මැතිවරණයේදී පොදු පෙරමුණු ආණ්ඩුව පරාජයට පත් වූ විට යළි ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් බලයට ගේන්න මංගලට ජ.වි.පෙ. සන්ධානය හදල දුන්නෙත් විමල්ය. එතෙක් විමල් හිටියේ මහින්දට එරෙහිව මංගල පිලේය. මහින්ද 2001 පරිවාස ආණ්ඩුවට පමණක් නොව 2004 ජ.වි.පෙ. සන්ධානයටද එරෙහි විය. මහින්දට එකල විමල්ව පේන්න බැරි විය. එයට ප්‍රධාන හේතුව විමල්, මංගල සමඟ එක්ව තම දේශපාලන ජීවිතය විනාශ කිරීමට වැඩ කිරීමය. 2002දී මහින්ද විපක්ෂ නායක ධුරයට පත්වූ විටදී විමල් එයට එරෙහි වූවා පමණක් නොව මහින්ද විපක්ෂ නායක ලෙස රනිල්ගේ කොන්ත්‍රාත් කරනවා යැයි ප්‍රසිද්ධියේ චෝදනා කෙළේය. 2004 මහ මැතිවරණයට පසු මහින්දට අගමැති ධුරය දෙන්න එපා යැයි අනතුරු අඟවමින් ජ.වි.පෙ. චන්ද්‍රිකාට යවපු ලිපිය පිටුපස සිටියෙත් විමල්ය. මහින්ද අගමැතිධුරයට පත්වීමෙන් පසුත් මහින්දට විමල්ව රිස්සුවේ නැත. සුනාමි විපත බලන්න මහින්ද අගමැති ලෙස යාපනයට යද්දී විමල්ද එහි ගියේය. මහින්දලා හෙලිකොප්ටරයෙන් යාපනයට යන විට යාපනයේ අම්මලා කොසු ඉදල් අතට ගෙන විරෝධය දක්වද්දී මහින්ද එහෙ සිට සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්තට කතා කරල කීවේ යාපනයේ අම්මලා කොසු ඉදල් අරගෙන ඉන්නේ තමන්ට විරෝධය පාන්න නොව විමල්ට විරෝධය පාන්න කියාය.
දෙදෙනා අතර විරසකය එසේ විය. හැබැයි විමල් කියන්නේ දැඩි යූ.ඇන්.පී. විරෝධියෙකි. දැඩි රනිල් විරෝධියෙකි. විමල් සහ යූ.ඇන්.පී.ය අතර බද්ධ වෛරය හැදුවේ මංගලය. විමල් මහින්ද නොරිස්සුවේ මහින්ද ශ්‍රීල.නි.ප.ය තුළ සිට රනිල්ට සහ යූ.ඇන්.පී.යට කොන්ත්‍රාත් කරනවා යැයි හිතාගෙනය. 2005දී චන්ද්‍රිකා එල්.ටී.ටී.ඊ.ය සමඟ සුනාමි සහන ගිවිසුම අස්සන් කිරීම හේතු කොට විමල් සහ ජ.වි.පෙ. සන්ධාන ආණ්ඩුවෙන් කැඩුණත් විමල් සහ මංගල හවුල කැඩුණේ නැත. අගවිනිසුරු සරත් සිල්වා 2005 ජනාධිපතිවරණයට දින නියම කරන තෙක් විමල් හිටියේ මහින්දව විනාශ කළ යුතුය කියන තැනය. විමල්, මහින්දට සහාය පළ කළ යුතු යැයි තීරණය කරන්නේ 2005 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී.ය සහ රනිල් පරද්දන්නටය. ඒ වෙලාවේ ජ.වි.පෙ. මහින්දට සහාය නොදිය යුතුය යන ස්ථාවරයක සිටියත් යූ.ඇන්.පී.ය පරද්දන්න නම් මහින්ද දිනවන්න ඕනෑ කියන මන්තරය ජ.වි.පෙ. තුළ ජප කළේ විමල්ය. රනිල් ජනාධිපති වුණොත් තමන් ඉවර යැයි විමල්ට බයක් තිබිණි. මේ බය මංගලටත් තිබිණි. මහින්ද බලයට ගෙනාවේ මේ දෙන්නා තුළ තිබුණ රනිල් වෛරයය.
මහින්ද ජනාධිපති වූ පසු මංගලට රනිල් වෛරය නැති වුණේ මහින්ද මංගලට කුඩුකේඩුකම් කරද්දීය. රනිල් පරම හතුරා වුණත් තමන් දරදිය ඇදල ජනාධිපති කළ මහින්දට වඩා රනිල් හොඳ යැයි මංගලට හිතෙන්න පටන් ගෙන තිබිණි. විමල්ට එහෙම හිතුණේ නැත. විමල්ට රනිල්ව පෙනුණේ හතුරා විදිහටමය. එයට හේතුව මහින්ද හීන් නූලෙන් පී.ආර්. එක පාවිච්චි කොට විමල්ගේ පරම මිතුරු ලැයිස්තුවේ මංගල හිටි තැනට රිංගා ගැනීම නිසාය. මංගලට රනිල් මිතුරා ලෙස පේන්න පටන් ගනිද්දී මංගල, විමල්ගේ හතුරා වීමට වැඩි කලක් ගත වූයේ නැත. මංගල සහ විමල් කැඩෙන්නේ එතැනින්ය. මංගල, රනිල්ගේ මිතුරා වෙද්දී විමල්, මහින්දගේ මිතුරා විය.
මංගල 2001 සිට රනිල්ට ගහන්න විමල්ව පාවිච්චි කළා සේ මහින්ද රනිල්ට ගහන්න විමල්ව පාවිච්චි කරන්නේ 2007 මංගල කැඩිල ගිය දින සිටය. මංගල, රනිල් එක්ක මිතුරු වී 2008 අය-වැයෙන් මහින්දගේ ආණ්ඩුව වට්ටවන්න ජ.වි.පෙ. එක්ක කතා කරද්දී ජ.වි.පෙ.ට හතුරා වෙන්නේ විමල්ය. 2008 අය-වැයෙන් ආණ්ඩුව ආරක්ෂා කරන තැනට ජ.වි.පෙ. ගේන්නේ විමල්ය. ඒ මංගල ජ.වි.පෙ.ට තමා 2001 සිට පෙන්වපු රනිල් නමැති ගෝනිබිල්ලාව දෙවියෙක් කරලා පෙන්නන්න දත කද්දීය. ජ.වි.පෙ.ට රනිල්ව මිතුරෙක් වෙන්නේ මේ කාලයේදීය. විමල් ජ.වි.පෙ.න් කැඩෙන්නේ එතැනදීය. විමල්ව ජ.වි.පෙ.න් කඩන්නේ මහින්දය.
2010 ජනාධිපතිවරණයට රනිල් එයි යැයි විමල් හිතා හිටියත් එන්නේ ෆොන්සේකාය. විමල්, රනිල්ට අලවපු දේශද්‍රෝහී ලේබලය ෆොන්සේකාට අලවන එක ලේසි නොවීය. ඒත් විමල් බෙල්ල දීලා ඒ වැඩේ තිතට කළේය. මහින්ද යළි ජනාධිපති විය. ජනාධිපති වූ පසු මහින්දට රනිල්ව මිතුරෙක් ලෙස පෙනෙන්න පටන් ගත්තේය. ඒ ෆොන්සේකාව පරද්දන්න රනිල් ඉටුකළ වැඩ කොටස නිසාය.
මහින්දට රනිල් මිතුරෙක් වූ විට විමල්ට හතුරෙක් නොවීය. හතුරෙක් නැතිව විමල්ට දේශපාලනයක් නැත.
බෑන් කී මූන්ලා, හිලරි ක්ලින්ටන්ලා, ඔබාමලාව හතුරෙක් කර ගන්න විමල් දත කෑවත් මිනිසුන්ට දිරෙව්වේ නැත.
මහින්දට රනිල් මිතුරා වූ පසු විමල්ගෙන් වැඩක් නැති විය. මහින්ද විමල්ව දෙකේ කොළේ ගාණට දැම්මේය. විමල් ආණ්ඩුව ඇතුළේ හතුරෝ හොයන්න පටන් ගත්තේ ඉන් පසුවය. මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ඉන් එක් අයෙකි.
මහින්දටත් මහින්දට කඩේ යන අයව ටික කලක් යනකොට නොරුස්සන ගතියක් ඇතිවේ. එතකොට මහින්ද මහින්දට කඩේ යන අයව මඩේ යවයි. මහින්දව 2005 ජනාධිපති කළ මංගලට සහ ශ්‍රී පතිට කළෙත් ඒකය.
මහින්දට ජනාධිපති අපේක්ෂකයා වෙන්න 2005ට ජනාධිපතිවරණය අරන් දුන්න හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට කළෙත් ඒකය.
මහින්දට 2010 ජනාධිපති වෙන්න යුද්ධය දිනවල දුන්න ෆොන්සේකාටත් ඒකම කෙළේය. මහින්ද තෙවැනි වරට ජනාධිපතිවරණයට තරග කරන්න සම්මත කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අධිකරණ තීන්දුව දුන් 43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට කළෙත් ඒකය.
මහින්ද මංගලව මඩේ යවද්දී මංගලට මඩ ගැහුවේ විමල්ය. මහින්ද සරත් සිල්වාව මඩේ යවද්දී සරත් සිල්වාට ගැහුවේත් විමල්ය. මහින්ද ෆොන්සේකාව මඩේ යවද්දී ෆොන්සේකාට මඩ ගැහුවේත් විමල්ය. මහින්ද ශිරාණි බණ්ඩාරනායකව මඩේ යවද්දී ඇයට මඩ ගැහුවේත් විමල්ය.
මහින්දට කඩේ ගොස් තමන්ටත් මඩේ යන්න වෙන බව විමල්ට දැන් තේරුම් ගිහින් ඇතිවාට සැක නැත.
'විමල් මෙතැනින් කොතැනටද...?'
විමල් ගැන ලියපු ගුරුදා විග්රහයන් කීපයකින් උපුටා ගත් කොටස් පහත දැක්වේ.
'ආණ්ඩුවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් අතර අස්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට වසරක් පිරෙන දා ගිවිසුමට එරෙහිව අරලියගහ මැඳුරට පෙළපාළියෙන් යෑම එහි ආරම්භය විය හැකිය. එදා බණ්ඩාරනායක මැතිනිය විහාරමහාදේවි උද්‍යානයේ රට රකින්නට ප්‍රතිඥා දී මන්ත්‍රිවරුන් සහ මහා සංඝරත්නය කැටුව අරලියගහ මන්දිරය හරහා පාර්ලිමේන්තුවට ගිය පෙළපාළිය 70 පෙරළියේ ආරම්භය විය. අද විමල්ට සහ මංගලට අවශ්‍යත් ඒ ආරම්භය යළිත් සනිටුහන් කරන්නට විය යුතුය. ඉන්පසු ජවිපෙ ශ්‍රීලනිප හවුලත් ඒ හවුලේ ප්‍රතිපත්ති ප්රකාශනයත් කරළියට පිවිසෙනු ඇත. මේ දවස්වල මංගල සහ විමල් රෑ දවල් නොබලා වෙහෙසෙන්නේ ඒ සඳහාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ජේයෂ්ඨ නායකයන්ගේ විරෝධතා මධ්‍යයේ පක්ෂය දිය කරන්නට හදනවා යැයි නඟන චෝදනා මධ්‍යයේ මංගල හදන්නේ විමල්වත් එකතු කරගෙන කොහොම හරි හවුල හදාගෙන යූ.ඇන්.පී.ය. නැතිකර දමන්නට විය යුතුය.
එදා ටී.බී. සහ ඇන්.ඇම්. අද මංගල සහ විමල් අතර බොහෝ වෙනස්කම් ඇත. ඇතැම් වෙනස්කම් කාලයත් සමඟ වර්ධනය වූ වෙනස්කම්ය. ටී.බී. එදා සාම්ප්‍රදායික යූ.ඇන්.පී. විරෝධියෙක් විය. අද මංගල නවීකරණයට ලක්වූ නූතන තාරුණ්‍යයේ යූ.ඇන්.පී. විරෝධියෙකි. එදා ඇන්.ඇම්. සාම්ප්‍රදායික වාමාංශිකයෙක් විය. අද විමල් නවීකරණයට ලක්වූ නූතන තාරුණ්‍යයේ වාමාංශිකයෙකි. 70 පෙරළිය තාරුණයේ ආකර්ෂණය ලැබූ සම්ප්රදායවාදීන්ගේ විප්ලවයක් විය. අද මංගලටත් විමල්ටත් අවශ්‍යව ඇත්තේ සාම්ප්රදායවාදීන්ගේ ආකර්ෂණය ලබන නවීකරණයට ලක්වූ තාරුණ්‍යයේ විප්ලවයක් කරන්නට විය යුතුය. එදා රතු පාට එකතු වූයේ රෙද්ද බැනියමටය. අද මංගලට හා විමල්ට අවශ්‍ය නූතන තාරුණ්‍යයට රතු පාට එක්කර විප්ලවයක් කරන්නට විය යුතුය.
මොනවැයින් මොනවා වෙයිද කියා තවම කියන්න බැරිය. මොනව කරන්නත් ටී.බී. - ඇන්.ඇම්.ට තිබූ ඉවසීම තිබිය යුතුය. හදිසියට කොරොස් කටේත් අත දා ගන්න බැරි බව පමණක් මංගල සේම විමල්ද දත යුතුය.'
ඉතිහාසයේ පුනරුච්චාරණය
ගුරුදා විග්‍රහය
13.02.2003
'ප්‍රේමදාස තමන් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වනතුරු මාධ්‍යයන් වගේම තමන්ට දිනා ගැනීමට දුෂ්කර මෙරට ප්‍රභූ පන්තිය, ව්‍යාපාරික පන්තිය, ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියේය. ප්‍රධාන චරිතයක් බවට පත්වූ පසු සිතුවේ මේ සියල්ලන් තම මතය අදහමින් තමන් කියන කරන දේට එකඟතාව පළ කළ යුතු බවය. එසේ නොවූ තැන මොහු කළේ ආපසු හැරී මේ සියල්ලන්ටම පහර ගැසීමය.
මේ රටේ කෝපි කඩේ සිට තරු පහේ හෝටලය දක්වා වූ ජනතාවත් තානාපති අංශ හරහා මුළු මහත් ලෝකයාත් දිනා ගන්න කතා කළ විමල් වීරවංශ අද කතා කරන්නේ ආණ්ඩුව අද හෙටම පෙරළීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත විය යුතුය යන ඔහුගේ මතය අදහන්නන්ට පමණය. ඔහු කතා කරන්නේ ඔවුන් පිනවන්නටය. ඔහු කතා කරන්නේ ඔවුන් ආකර්ෂණය කර ගන්නටය. ඔවුන් පිනවන්නට තමන් මේ තාක්කල් පක්ෂය දිනා දුන් හැමෝම තරහ කරගන්න යෑම සුබ නැත.
එසේ නොවිය යුතුය. ප්‍රේමදාස වගේම විමල් වීරවංශත් මෙතැනට ආවේ ධන බලයෙන්, පවුල් බලයෙන් හෝ ජාත්‍යන්තර බලයකින් නොවේ. තම තමන්ගේ දක්ෂකම්වලින්ය. එහෙව් මිනිසුන් රටකට අවශ්‍යය. වෙන කවරදාකටවත් වඩා අදට අවශ්‍යය.'
කටේ බලෙන් දේශපාලනය
ගුරුදා විග්‍රහය
03.04.2003
'ජනාධිපතිවරණ කාලයේ විමල් වීරවංශ අපූරු කතාවක් කීවේය.
එම කතාව නම් මහින්ද රාජපක්ෂගේ හැටවැනි උපන් දිනයට උපන් දින තෑග්ග ලෙස ජනාධිපති කම දෙන්න යැයි කියාය.
මහින්ද රාජපක්ෂගේ හැට වැනි උපන් දිනයට උපන් දින තෑග්ග ලෙස රෝහණ විජේවීර ගොඩනැඟූ පක්ෂය තව තවත් ජනතාව අතරට ගෙන යෑමටද දායක වූ විමල් වීරවංශ මේ හදන්නේ මහින්ද මාධ්‍ය තුළත් පක්ෂය තුළත් අනාරක්ෂිත කොට මහින්දගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටිමින් මහින්දගේ නොම්මර දෙක වෙන්නටය.
එහෙම බලනකොට විමල් යන්න හදන්නේත් ඔසී ගිය පාරේමදැයි සැකයක් මතුවේ. 1988 ප්‍රේමදාස දිනවල ඔසී මහජන පක්ෂයට ලබා දුන් ජයග්‍රහණයක් නැත. ඔසීට ඕනෑ වුණේ මහජන පක්ෂය ඉණිමගක් කරගෙන නායකයකු වී ප්‍රේමදාසගේ දෙක වෙන්නටය. ප්‍රධාන පක්ෂ දෙකටම අභියෝග කොට තුන්වැනි බලවේගයක් හරහා කොළඹට ඡන්දය ඉල්ලූ ඔසීගේ දේශපාලනය ඉවර වුණේ ප්‍රධාන පක්ෂයක් වූ එජාපයෙන් කොළඹට ඡන්දය ඉල්ලලාය.
ප්‍රධාන පක්ෂ දෙකටම අභියෝග කොට තුන්වැනි බලවේගයක් හරහා කොළඹට ඡන්දය ඉල්ලූ විමල්ගේ දේශපාලන ගමන් මඟ ගැන දැන්ම කේන්දර බැලීම උගහටය.
ඔසී මෙන් දේශපාලනයේ නන්නත්තාර නොවීමට විමල් වග බලා ගත යුතුය.'
මහින්දගේ දෙවැනි තැන ගන්න විමල් මවන හීන
ගුරුදා විග්‍රහය
16.02.2006
දැන් විමල් ඔසීගේ හැව ඇරල අඳින්න ගන්නේ කාටද....?
කාට වුණත් විමල් පරලවෙලා ඉන්න හැටි දකිනකොට මතක් වන්නේ මේ කවියය.
යම්දෝ නොයම්දෝ කියලා හිතුණි මට
මැනලද රජුනි වැඩ කෙරුවේ මා ඔබට
උපුල් ජෝශප් ප්‍රනාන්දු

ayi mee article ekata comments naththe aaaaaaaaaaaa...........
ReplyDelete