සෙරෙප්පු දැරියගේ කතාවට පසු වදනක්
සපත්තු නැතුව පාසල් පැමිණි සිසුවියකට සිදුවූ අකාරුණික සිද්ධිය දැන් මුළු රටම දනී. සැබවින්ම දැරිවිය සෙරෙප්පු දමාගෙන පැමිණ ඇත්තේ සපත්තු යුගළයක් ගන්නට මුදල් නැතිකම නිසාය. ගුරුවරිය ඇයට දඬුවම් දුන්නේ සෙරෙප්පු දෙක ඇගේ බෙල්ලේ එල්ලීමෙනි.
ගුරුවරුන් ගැන වරින් වර මෙවැනි කතා අසන්නට ලැබේ. ෆේස් බුක්, පෙම් හසුන්, පෙම් සබඳතා හසුවූ කල ඇතැම් ගුරුවරු ගන්නා තකතීරු ක්‍රියා
මාර්ග නිසා අකල්හී ජීවිත හානි කරගන්නා සිසු සිසුවියන් ගැන වරින් වර අසන්නට ලැබේ.
ගුරුවරුන්ගේ තර්කය වන්නේ පෙම් සබඳතා නිසා සිසුන්ගේ ඉගෙනුම කඩා කප්පල් වේය යන්න නම් එය ඉතා මෝඩ කාර්යයකි. ඉගෙනුම තීන්දු වන්නේ ශිෂ්‍යාවගේ හෝ ශිෂ්‍යයාගේ දක්ෂතාවය මත මිස ප්‍රේමය මත නොවේ. පෙම් සබඳතා පවත්වමින් හොඳින් විභාග සමත්වන සිසු සිසුවියන් ගැන ඕනෑ තරම් උදාහරණ දැක්විය හැක.
මා දන්නා සිසුවියකගේ සහ සිසුවෙකුගේ ප්‍රේම සම්බන්ධතාවය හසුවූ කල එම ගුරුවරිය කළේ දෙදෙනාගේම දෙමවුපියන් පාසලට ගෙන්වා ඔවුන් ඉදිරියේදී සිසුවිය හා සිසුවා ඉමහත් ලඡ්ජාවට පත් කිරීමයි. නමුත් ඒ දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරේම හොඳින් ඉගෙන දෙදෙනාම රජයේ රැකියාවන්ද ලැබ ගත්හ. අනතුරුව මවුපිය කැමැත්තෙන්ම විවාහ වූහ. මා නම් යෝජනා කළේ අර ගුරුවරිය ද විවාහ මංගල්‍යයට ගෙන්විය යුතු බවය.
ප්‍රේම සබඳතාවයක් හසුවූ කල ලෝකයේ ලොකුම වරද තමා සොයා ගත්තේ යෑයි අත්පුඩි ගසන ඇතැම් මානසික රෝගී ගුරුවරු සිටිති. නමුත් හැම ගුරුවරියක්ම ගුරුවරයෙක්ම එසේ නොවේ. පෙම් කළ යුතු වයස එළඹුණු විට පෙම් කිරීම නීරෝගී බවේ ලකුණක් බව දන්නා ගුරුවරු බොහෝ සිටිති.
සෙරෙප්පු බෙල්ලේ එල්ලීම මීට වඩා භයානක රෝගයකි. දුප්පත්කම කුමක්දැයි යන්න ඕනෑම ප්‍රකෝටිපතියකු වුවද දනී.
එහෙත් මේ ගුරුවරියට දුප්පත්කම කුමක්දැයි යන්න හඳුනා ගන්නට තරම් ඥනයක් නැතුවා විය හැක. ඇය දැරියගේ බෙල්ලේ සෙරෙප්පු එල්ලුවේ එබැවින් විය හැක.
ඉගෙනුම, සිසු විනය ආදී සියලු සාධකවලට වඩා ඉහළින් සිටින්නේ දරිද්‍රතාවයයි. ඉගෙනුමෙහි කෙතරම් දක්ෂ වුවද සිසුවා දුගී නම් ඔහුට ඉහළට ඉගෙනුමට අවස්ථාව නොලැබෙන්නට ඉඩ ඇත. පාසලේ හොඳම විනය ගරුක සිසුවිය වුවද දුගී දුප්පත්කම අයට හරස් වන්නට පුළුවන.
ඥනය තිබුණි නම් ගුරුවරිය කළ යුතුව තිබුණේ සිසුවිය සෙරෙප්පු පැළඳගෙන එන්නේ ඇයි දැයි සෙවීමය. එවිට හේතුව හෙළිවනු ඇත. එසේ නම් ඇයට තනිව මේ පරිත්‍යාගය කළ නොහැකි නම් පාසලේ ගුරුවරුන්ගෙන් කුඩා මුදල බැගින් එකතු කොට දැරියට සපත්තු ජෝඩුවක් පිරිනමන්නට හැකියාව තිබිණි. එසේ කළා නම් අද එම ගුරුවරිය ලබන අපකීර්තියට වඩා ඉමහත් ආත්ම තෘප්තියකින් ළය පුරවා ගන්නට ඇයට ඉඩ තිබිණි. එමෙන්ම එම ශිෂ්‍යාවටද මුළු ජීවිත කාලයේදීම එම සපත්තු ජෝඩුව අමතක නොවන වස්තුවක් වනු ඇත.
ගුරුවරියගේ සහායට එකී විදුහලේ විදුහල්පතිද ප්‍රකාශ කර තිබුණේ ගුරුවරිය කළේ පාසලේ විනය රැකීමේ කටයුත්තකැයි කියාය. මේ දෙදෙනාම අවුරුද්දකට හමාරකට පාසලෙන් ඉවත් කොට අධ්‍යාපන මනෝ විද්‍යා පාඨමාලාවක් හැදැරීම පිණිස යවන්නේ නම් වඩාත් යෙහෙකි.
දකුණේ පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක පෙර පුහුණුවක් පැවැත්විණි. එක් ශිෂ්‍යයෙකුට ත්‍යාගය තිබුණේ නොකඩවා මුළු වසරේම පාසල් පැමිණි බැවිනි. පෙර පුහුණුව දවසේද සර්ව සම්පූර්ණ පාසල් ඇඳුමින් සැරසී පුහුණුවට ආ යුතුව තිබූ නමුත් මේ ශිෂ්‍යයාට එදිනට පමණක් නොව කිසිදාක පාසලට පළඳින්නට සපත්තු තිබුණේ නැත. ඔහු පෙර පුහුණුවට පැමිණ ත්‍යාග ලබා ගත්තේද සපත්තු නැතිවය. කිසිත් නොදෙඩු විදුහල්පතිතුමා එම ශිෂ්‍යයා කැටිව නගරයේ හොඳම සාප්පුවට ගොස් ශිෂ්‍යයාට අලුත් සපත්තු ජෝඩුවක් මිලට ගෙන දුන්නේය. ශිෂ්‍යයා එය ලැබුණු සැණින් ගෙදර දිවගියේ තමාට ලැබුණු මහාර්ඝ ත්‍යාගය මවුපියන්ට පෙන්වනු පිණිසය.
අප පාසල් ගියේ සපත්තු තබා සෙරෙප්පු ද නොමැතිවය. නිරුවත් දෙපාවලිනි. එහෙත් අපේ ගුරුවරු සපත්තු දාගෙන වරෙල්ලා යෑයි දඬුවම් කළේ නැත. ඔවුහු අපට හොඳින් ඉගැන්වූහ. සපත්තු පළඳිනවා වෙනුවට අපි හොඳින් ඉගෙන ගත්තෙමු.
සෙරෙප්පු පාසලේ සිදුවී ඇත්තේ විනය පිළිබඳ ප්‍රශ්නයක් හෝ දුප්පත්කම නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ යෑයි මට සිතේ.
මෙය පාසලේ අලංකාරය පිළිබඳ ප්‍රශ්නයක් බව පෙනේ. අද කාලයේ විදුහල්පතිවරු වැඩි දෙනෙක් දත කනුයේ පාසල අලංකාර තැනක් ලෙස තබාගනු පිණිසය. පාසල් තාප්පවල චිත්‍ර අන්දවනවා සේම බුදු මැදුරු තනනවා සේම පාසල් සිසුන්ද අලංකාර ලෙස තබා ගැනීම ඔවුන්ගේ උත්සාහයයි. සුදු ඇඳුම් ටයි පටිය සපත්තු මේස් ළමයාට අනිවාර්ය කරන්නේ එබැවිනි. අලංකාරය එකට පැමිණ අධ්‍යාපනය දෙකට දමා ඇත. සෙරෙප්පු පාසලේ සිදුවූයේද එවැන්නක් විය හැක. කෙතරම් නැති බැරි වුවද සපත්තු දාගෙන ආ යුතුමය. මක් නිසාද පාසල අලංකාර ලෙස තබාගත යුතු බැවිනි.
මේ එක සිද්ධියක් නිසා පාසල් ගුරු පද්ධතියම අපකීර්තියට පත්විය යුතු නොවේ. ඈත ගම් දනව්වල උදැසන අහරක් නැතිව පාසලට විත් "ඇසැම්බ්ලියේදී" ක්ලාන්තව වැටෙන ගැමි දරුවාට සිය සාක්කුවෙන් කෑම් බීම් රැගෙන දෙන සත් ගුණවත් ගුරුවර ගුරුවරියෝ එමට සිටිති. සිසුවා හෝ සිසුවිය අහිංසක කමින් පෙළෙන බව ඉවෙන් වටහාගෙන රහසේ මිල මුදලින්ද ඇඳුම් පැළඳුම්වලින්ද පොත පතින්ද උදව් කරන හොඳ හදවත් ඇති මානුෂීය ගුරුවරු එමට සිටිති. එක් ගුරුවරියක් නිසා එවැනි දහසක් ගුරුවරුන්ගේ උතුම් බවට හානියක් නොවිය යුතුය.
සෙරෙප්පු දැරියට සපත්තු යුගළයක් සිය සාක්කුවේ මුදලින් රැගෙන දුන් පොලිස් ස්ථානාධිපතිතුමා ගැන වෙනමම ස්තුති පත්‍රිකාවක් ලිවිය යුතුවේ.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ

වටිනා ලිපියක්. මෙවන් අසාධාරණ ඕන තරම් පාසල් වල ඉන්න දුප්පත් ලමයිට සිද්ධ වෙනවා. මං මගෙ ඇස් දෙකෙන් ම දැකලා තියෙනවා ගමේ ඉදන් නගරේ ඉස්කොලේට එන ලමයිට වෙන අසාධාරණ කම්. ඔබ කීවා වගෙ මේ ගුරුවරුන් නම් මානසික ලෙඩ්ඩු.
ReplyDeleteමට මතකයි මාත් ඉස්කොලේ ගියේ නිරුවත් දෙපා වලින්. හැබයි හැමදාම පංතියේ පලවෙනියා හරියට කලා ඇඳලවත් නොවේ. ඇඳපු ඇඳුම් පවා ඉරිච්චා මහපුවා. මේ වගෙ දුක් විඳලා ඉගෙන ගන්න ගන්න අය කොච්චර නම් ඇද්ද? ඒත් ඇයි ගුරුවරු මේ තරම්ම පහත් මානසිකත්වයට පත් වෙලා.
මට මතකයි අපිත් එක්ක එකම පන්තියේ උසස් පෙල කරපු ලමයි දෙන්නෙක් හිටියා. ඒ කෙල්ලයි කොල්ලයි යාලු වෙලා හිටියේ. දෙන්නම ශිෂ්‍යය නායකයෝ. අන්තිමේදි උසස් පෙල A තුනක් දෙන්නම අරන් කැම්පස් ගියේ.
මට මතකයි මම උසස් පෙල ගණිත අංශයෙන් කරන්න ජාතික පාසලකට ගියාම මාව ජාතික පාසලට ගන්න බෑ කීවා. හැබයි මගේ සා/පෙල රිසල්ට් එකට වැඩිය ජාතික පාසලේ පවා හිටියේ දෙන්නයි තුන්දෙනයි.
ඔය වගේ අසාදාරනකම් නම් කොච්චර වෙනවද? ගුරුවරුන්ගෙන්. ඒ වගෙම තමන්ගේ දරුවන්ටත් තරමටම අපිට ආදරය කළ රත්තරං ගුරුවරු හිටියා.
අදටත් අපි උපාදිය කරන්නේ. රබර් කිරි කපලා ඒ සල්ලි වලින් හත් අඩ දෙනෙකුත් බලා ගෙනයි. ඒකයි ඇත්ත.
ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
Schoolta avashyavana badu muttu aran denna barinam, thamange daruwanva schoolata yawannathuwa inna amma, thaaththala denaganna one.
ReplyDelete