මයිගෝඞ් ෆාදර් - විමලනාත් වීරරත්න
මා හැර අන් කිසිදු දෙවි කෙනකු දස පනතට අනුව නුඹට නොසිටිය යුතුය’’ කියා ජෝන් අමරතුංග අරාබි ගිහිං ගෙදර ආ ගමන් රනිල් ටෙලිෆෝන් කර කීවේය. ජෝන් කීවේ ඒක ප්රජාතන්ත්රවාදයට පටහැනියි සර් ජනාධිපතිතුමාත් අවුරුදු හතළිහක් තිස්සේ මං ආස්සරේ කරනවනෙ කියාය. අවුරුදු හතළිහක් යාළුවො ආස්සරේ කරන එක විතරක් කරපු කෙනෙක් රටේ එග්සකටිව් ප්රසිඩන්ට්කමට පත්වුණත් මට නම් වැඩක් නැහැ කී රනිල් තමුන් අපේ මීසමෙන් දුන්නු උපදෙස්වලට පිටිං ගියේ ඇයි කියා ජෝන් බිත්තියටම හේත්තු කර ඇසුවේය. බිත්තිය අතගගා සිටි ජෝන් ඇසුවේ මං කළේ බෙත්ලෙහෙම වැඳ ගත්තු එක විතරයි ඒක වරදක්ද කියාය. ඒක හරි කියමු කියූ රනිල් කීවේ ඒත් පලස්තීනෙයි ජෝර්දානෙයි අතනයි මෙතනයි යන්න ඔයාට අපි අවසරේ දුන්නෙ නැහැ ඒ ගිය ගමන් වැරදියි කියාය. ජෝන් මඳක් කල්පනා කරමින් සිට කීවේ ඒ වුණාට සර් කණ්ඩායමක් එක්ක යනකොට මට ජුදාස් කෙනෙක් වෙන්න බැරි නිසා මං ඔහේ දෙන දෙන රොටිය කකා බෙත්ලෙහෙමටත් ගිහිං අනික් ගමන් ටිකටත් ජනාධිපතිතුමා එක්ක ගියා කියාය. ඒ එක්කම ජෝන්ට ඇසුණේ ඒ වුණාට සර් ලොකුතැන පලස්තීන තරුව ගන්න කොටත් අපේ මෑන් ළඟ හිටියනෙ මෙහෙදි ලෙබ්බෙලට කෙළලා එහෙදි ලෙබ්බෙලා වෙනුවෙන් සම්මාන ගන්න එකම ෆුල් අප්සට් උත්සවයක්නෙ කියාය. ජෝන් වැඩි කලබලයක් නැතුව ඇසුවේ කවුද සර් අස්සෙ, තිත්ත නායකද කියාය.
රනිල් ජෝන්ගෙන් ඇසුවේ බෙත්ලෙහෙමටත් ගිය එකේ ලොක්කා අනික් ගමන්වලටත් ආරාධනා කළාද කියාය. ජෝන් කීවේ එහෙමමත් නෙමෙයි සර් ජනාධිපතිතුමා ඉතිං තකට පුට්ටුවක් දාලා ලෙට්ස් ගෝ කිව්වාම ඕනෙ පොරකට කියන දිහාවකට නිකම්ම යන්න වෙනවා කියාය. රනිල් කීවේ ඉතිං ඔයාට ජනාධිපතිතුමා ඕනෙ රෝන්දයක් ගහලා එනකං හෝටලේට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන නිදහසේ ඉන්න තිබුණනෙ කියාය. එතකොට දවල්ට ?ට කන්න දෙන්නෙ පොලිසියෙන්ද කියා ඇසූ ජෝන් ගෙදර සල්ලි තිබුණෙත් නැහැ මං යනකොට ගෙනිච්චෙ ඩොලර් පනහයි කියා හෙන දුක් ගීයක්ද ගැයුවේය. රනිල් ඇසුවේ කන ගමන් කෑම පෙන්වා මේ මාගේ ශරීරයයි. ඕනෙ නම් ඒකත් කාපල්ලා කියලා ලොකු තැන කිව්වෙ නැද්ද කියාය. ජෝන් කීවේ එතුමා හිස් පිඟන් පෙන්වා මගේ නොවන මං නිසා ලැබෙන කෑම දැන් බෙදයි බඩ පැලෙනකං කාපල්ලා කිව්වා කියාය ජෙරුසලමට ගිය ගමන කොහොමද කියා ඇසූ රනිල් යමිං ගමං පේදුරුට වගේ ජෝන්ටත් මාළු අල්ලන විදිය කියා දුන්නද කියා ඇසුවේය. ජෝ්න් කීවේ එතුමාට අවශ්‍ය වැඩෙත් කරලා දීලා ඕනෙ මාළු අහිනකට ඇම දාගත්තට කමක් නැහැ කියන එකයි එතුමගේ ප්‍රතිපත්තිය කියාය. රනිල් ඇසුවේ ඔය යන අස්සෙ පවුකාරියට ගල් ගැසීමේ ඉන්සිඩන්ට් එකටත් මුහුණ දෙන්න වුණාද කියාය. ජෝන් කීවේ ජනාධිපතිතුමා ඇතුළු පිරිස ජූදා සිට බෙත්ලෙහෙම දක්වා යන මාර්ගයට එකපාරටම කොණ්ඩෙත් කඩාගෙන පව්කාරියක් දුවගෙන ආවා කියාය. රනිල් ඇසුවේ කවුද චන්ද්‍රිකාද තලතාද කියාය. ජනාධිපතිතුමා එක්ක ගිය කවුරුත් ගල් අතට අරං තමන් කැමති පව්කාරියට ගහන්න හැදුවා කී ජෝන් ජනාධිපතිතුමා වහා මැදිහත් වී ‘‘කිසිමදාක කුට්ටියක් කඩා නොගත් කෙනෙක් ඇත්නම් පළමු ගල ගහන්න කිව්වා’’ කියා කීවේය. ඉතිං ඉතිං කී රනිල්ට ජෝන් කීවේ ඒ ගමන වටේ පිටේ හිටපු ඇමතිවරුයි, නසරානියොයි සේරම ගල් බිම අත ඇරියා මම විතරයි ගල දිගටම අතේ තියං හිටියේ කියාය. යූ ආ කරෙක්ට් කී රනිල්ට ජෝන් කීවේ ඒ වුණාට ජනාධිපතිතුමා මං දිහා බලලා අපේ අවුරුදු දාහත මතක් කළාට පස්සෙ මාත් පටස් ගාලා ගල අතහැරියා කියාය. අනික් අය ගල් අත ඇරලා විස්කි ගහන්න ගත්තු එක කවුරුත් දන්නවා කී රනිල් ඔයත් ගල අතඅරින කැරැුක්ටර් එක කරන්න යයි කියලා අපේ කට්ටිය කියන කතාව මොකක්ද කියා ඇසුවේය. මට විරුද්ධව චෝදනා කරන අයට මම සත් වරක් කමා කළහොත් ප්‍රමාණවත්ද කියා ජනාධිපතිතුමාගෙන් ඇහුවාම සත් වරක් නොව සත්සැත්තෑ වාරයක් කමා කරන මෙන් ජනාධිපතිතුමා මට දේශනා කළා යනුවෙන් ජෝන් පිළිතුරු වශයෙන් කීවේය. අනතුරුව රනිල් ඇසුවේ ඔයා රට යන්න කලින් කබඞ්වලයි ලාච්චුවලයි සේරම බඩු අස්කරන් ගියේ ඇයි කියාය. ජෝන් කීවේ ඒක අලූත් වැඩක් නෙමේ අවුරුද්දකට වතාවක් කරන වැඩක් කියාය. රනිල් ළඟ සිටි අස්ස තිත්තනායක කීවේ ඒ වුණාට සර් එයා සැකයට බඳුන් වෙන ෆයිල් දෙක තුනක්ම අරං ගිහින් තියනවා කියාය. ඒ මෙනවද කියා ඇසූ රනිල්ට තිස්ස කීවේ කටුනායක හයිවේ එකේ වියහියදම් ගැන ෂැඩෝ කැබිනට් මිනිස්ටි්රයෙ ෆයිල් එක එකක් කියාය. වෙන වෙන කියා ඇසූ රනිල්ට තිස්ස තවත් ආණ්ඩුවේ ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වගයක් ගැන සඳහන් ෆයිල් කීපයක් ජෝන් බාස් උන්නැහේ අරං ගිහිං කියා කීවේය. ඒවා ගැන රනිල් ඩබල් එකේම ජෝන්ගෙන් ඇසූවිට ජෝන් කීවේ ඔය කියන සේරම ෆයිල්ස් තියනවා ඒවා වෙලාවට අතට ලැබෙයි කියාය. කාගෙ අතටද කියා ඇසූ රනිල්ට යළි තිස්ස මතක් කළේ පරණ සරොං දෙකකුයි කට්ලන් දෙකකුයි තිබුණා ඒවත් ගෙනියලා කියාය. ඒවා ගැන රනිල් විමසූ විට ජෝන් කීවේ සරොං දෙකම ඉරිලා, කට්ලන්වල පස්ස පැත්ත වෙඩි වැදිලා වගේ හිල්වෙලා. ඉතිං මං ඒවා අපේ වත්තෙ මදුරුවො එලවන්න පුච්චන්න ගෙනාවා. මයි කට්ලන් මයි සරොං ඒ ගැන කාටවත් තියන රුදාව මොකක්ද කියාය. තව බූරුවා කුට්ටමකුත් කබඞ් එකේ තිබුණා කියා තිස්ස මතක් කළවිට ජෝන් කීවේ හරි ඉතිං නිකං ඉන්න කාලේ ඕමි ගැහුවා, බේබි කැපුවා. හැමදාම මිනිස්සු ඕමි බල බලා ඉන්නෙ නැහැනේ කියාය. ඊළඟට තිස්ස කීවේ සර්, ජනාධිපතිතුමා ජෝන්ව බස්නාහිරට දාන්න යනවලූ ඒකත් ඇත්තක්ද කියලා අහන්න කියාය. රනිල් ජෝන්ගෙන් ඇසුවේ ජෝන්, ප්‍රසිඩන්ට් ඔයාව ජෙරුසලමට හරි බෙත්ලෙහෙමට හරි දාන්න යනවා කියන්නෙ ඇත්තද කියාය. විකාර කතානෙ සර් කී ජෝන්ට රනිල් කීවේ කවුරුත් මුලින් කිව්වේ ඕකම තමා කියාය.
ප්රශ්නය අමතක කරවන්න හිතාගෙන එජාප මීසමේ කටයුතු ගැන ජෝන් ප්‍රශ්නයක් ඇසුවත් රනිල් මාතෘකාවෙන් පිට නොපැන ඇසුවේ කොහොමද, ලොක්කා පොරොන්දු දේශයට යනවා කිව්වද කියාය. ජෝන් කීවේ කාගෙත් සපෝට් එක තියනවා නම් ඉක්මනින් පොරොන්දු දේශයට යනවා කිව්වා කියාය. රනිල් හිනාවී කීවේ ඉතිං තුනෙන් දෙකත් තියාගෙන පොරොන්දු දේශයට යන්න බැරිනම් ආයෙ කවද කවුරු යන්නද කියාය. ජෝර්දාන් ගඟින් එගොඩ වී එතෙර ඇති සරුසාර රටද, දැකුම්කළු කඳුකරයද මිනිස්ටි්රයක්ද සමග ඒ පොරොන්දු දේශය දැකගන්නට අවසර ඉල්ලමි කියලා ජෝන් ගංතෙරේදී ඉල්ලීමක් කළේ නැද්ද කියා වැඩිදුරටත් ඇසූ රනිල්ට ජෝන් කීවේ ඔන්න ඔන්න ඉතිං ඔබතුමාත් අනික් එවුං වගේ මාව බයිට් කරන්න හදනවා කියාය. දුරකතනය කට් කළ රනිල් මඳ වේලාවකින් කොල්ලූපිටියේ ගල්පල්ලිය ළඟ ගෙදරට කතා කළේය. කටහඬ ටිකක් ජෝන් වගේ ගොරෝසු කරගෙන ජෝන් අමරතුංග හියර් කියා කීවේය. ඒ සමගම ගල්පල්ලිය ළඟ ගෙදරින් ‘කීකරුවීමේ ආශිර්වාද පූජාව’’ ඇසෙන්නට පටන් ගත්තේය. ඔබ මේ නියෝගවලට සවන්දී ඒවා ආරක්ෂා කොට පිළිපදින්නෙහු නම් ස්වාමි දරුවානෝ ඔබේ ගිවිසුම් ඉටු කරන සේක. සියාදරියා වැනි පෙර අදේවවාදී පුත්‍රයින්ට දැක්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක. තවද උන්වහන්සේ ඔබට පේ්රමකොට ඔබේ ගවමහීෂාදීන්ද, බැටළු පට්ටිද ගණනින් බහුල කරන සේක. ඔබ මෙතෙක් අත්දුටු ‘කොරිසිත මීසමේ’ තිබුණු භයානක රෝෂයන් මින් මනත ඔබ වෙත නොපැමිණෙනු ඇත. ගිවිසුමට අනුව ස්වාමි දරුවාණන් ඔබට පාවාදෙන සියලූ සෙනඟ ෂක බ්ලාස් කළ යුතුය. ඕනෑම අප්සට් වැඩක් කිරීමට සැදී පැහැදී සිටිය යුතුය. ඔබේ දෙව්පියාණන්ගේ පවුල විතරක් අලිපුචෙන් පැමිණි බව සිහි තබාගෙන ඉදිරියට කටයුතු කළ යුතුය.
රනිල් දුරකතනය කට්කර කේන්තියෙන් පුපුර පුපුරා ජනාධිපතිතුමාගේ මොබයිල් එකට ගත්තේ මෙදාපාර දෙකෙන් එකෙක් බේරාගන්නටය. රනිල්ගේ කෝපාග්නිය අඩුවනතුරු ඉවසාගෙන සිටි ජනාධිපතිතුමා කීවේ අපි කලබල වුණාට වැඩක් නැහැ, මේක දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකක් කියාය. අනතුරුව එතුමා රනිල්ට කීවේ ජෝන් අයියා බෙත්ලෙහෙම්පුරේ ගිය වෙලේ තව සීක්රට් කාරණයක් දෙවියන්වහන්සේට කියලා තියනවා කියාය. ඒ මොකක්ද කියා රහසින් වගේ ඇසූ රනිල්ට ජනාධිපතිතුමා කීවේ දිළිඳු ගව ලෙනේ තවදුරටත් ඉන්න අමාරුයි කියන එක කියාය.

No comments