කැනඩාවේ ඇමරිකාවේ ජනමාධ්‍ය කලාව හදාරන්න තරම් වටිනවා
ජනමාධ්‍ය සමාජයක තුන්වැනි ඇස යැයි ව්‍යවහාරයක් පවතී. සැබැවින්ම ජනමාධ්‍ය ව්‍යවස්ථාපිත අධිකරණයක් නොවූවත් ප්රජාතන්ත්රීය වටාපිටාවක එය ඉටු කරන්නේ එක්තරා යුක්තිය විනිශ්චය කිරීමේ කටයුත්තකි. ප්රජාතන්ත්රවාදයේ නිත්‍ය ආරක්ෂකයෙකු සේ ජනමාධ්‍ය ඉටුකරන භූමිකාව බටහිර ජනජීවිතයේ අවියෝජනීය අංගයක්ව පවතී. වසර හතර පහකට වරක් බටහිර රටවල පැවැත්වෙන මැතිවරණවලදී නිකුත් කෙරෙන මැතිවරණ ප්‍රකාශනවලදී ‘අප බලයට පත් වූ පසු ජනමාධ්‍ය නිදහස සුරකින්නෙමුයි’ වැනි වාක්‍යාංශ ඇතුළත් නොකරන්නේ එම සමාජවල කාට හෝ අලුතින් හඳුන්වා දෙන්නට අවශ්‍ය නොවන සේ සමාජ අත්තිවාරමේම මාධ්‍ය නිදහස පවතින නිසාය.
මා කැනඩාවේ පදිංචියට පැමිණියේ 2004 වසරේදීය. දැනට එසේ පැමිණ දස වසරක් ගෙවී ගොසිනි. එහෙත් මෙරටේ රූපවාහිනී නාලිකා සියල්ල කවරේදැයි හඳුනා ගැනීමට තවමත් මට නොහැකි විය. මේ ලියන දිනයට පෙරදා එක් චැනලයක ඇනා කැරනිනා ඔපෙරාව රඟ දැක්වුණි. ඊටත් පෙර දින බුදුන් පිළිබඳ පරිපූර්ණ චිත්‍රයක් මැවෙන Search of the Buddha නමැති වැඩසටහනක් වෙනත් චැනලයක විකාශනය විය. ඊටත් පෙර දවසක ලංකාවේ අලි ගැන වැඩසටහනක් වෙනස් චැනලයකදී හමුවිය. මීට වසර හතරකට පමණ පෙරාතුව මැදියම් රැයත් පසුවී රූපවාහිනිය දැමූ විට මා දුටුවේ විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිසයි.’
කැනේඩියානු රූපවාහිනියේ දහස් ගණන් වූ මේ චැනල හරහා නිකුත් කරන තොරතුරු ලෝකය විසින් මෙම චමත්කාර ජනක ප්රජාතන්ත්රවාදී සමාජයේ රුව ගුණ නංවා ඇත.
එකදාස් නවසිය අනූ ගණන් අග භාගයේ මංගල සමරවීර මහතා එවක ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඇමැතිවරයා විය. එකල ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා තෝරාගත් තවත් පිරිසක් සෑම බදාදාවකම සිය අමාත්‍යංශයට කැඳවා ආණ්ඩුවේ ජනමාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය සාකච්ඡා කළේය. වාසනාවකට හෝ අවාසනාවකට මමද එකී කමිටුවට ඇතුළත් විමි. අද අමාත්‍යවරයකු වී සිටින එකල රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඩිව් ගුණසේකර මහතා එක් රැස්වීමකදී අදහස් දක්වමින් රූපවාහිනි නාලිකා අටකුත්, ගුවන්විදුලි නාලිකා එකොළහකුත් තබාගෙන ආණ්ඩු කරන්නේ කොහොමදැයි සභාවෙන් විමසීය. එකල රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා තිබුණේ එපමණකි. ඩිව් ගුණසේකර මහතා එසේ කියද්දී උපදෙස් සඳහා ආරාධිතයකු සේ ගෙන්වා සිටි ලෝකය ගැන හොඳින් දන්නා ආචාර්ය රොහාන් සමරජීවත් ඒ මුසා බස් අනුමත කළා විනා ලෝකයේ දහස් ගණන් ජනමාධ්‍ය සමග වැඩ කරන රටාවක් ඇතැයි කියා නුදුන්නේය.
ආණ්ඩුව කැනඩාවේ ජනමාධ්‍ය හැසිරවීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම පාහේ මිදී සිටී. එහෙත් එම කටයුතු නියාමනය කිරීමේ කාර්යය සිද්ධ කරන ආයතනයක් තිබේ. ඒ Canada Radio and Television Commission නමැති ආයතනයයි. එහෙත් එම ආයතනය හිතවතුනට ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර දෙන ආයතනයක් නොව මහජනයාගේත් මාධ්‍යවලත් දෙකෙහිම අයිතීන් රැක දෙන ආයතනයකි. මාධ්‍යයේ ප්‍රධාන කාර්යභාරය නිවැරදි තොරතුරු එලෙසින්ම මහජනයාට ලබාදීමයි. එය ප්රවෘත්ති වශයෙනුත් විශේෂාංග වශයෙනුත් ගිනිය හැකිය. එමගින් මහජනයාගේ සිත් තුළ ජනිත වන චිත්‍රය ඔහුටම ආවේණික එකක් වන අතර ජනමාධ්‍ය කරන්නේ තමා අවට ලෝකය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ග්රාහකයාට ලබාදීම පමණකි. එහෙත් සමාජ ආරක්ෂණය පිළිබඳ ජනමාධ්‍ය අතර සම්මුතියක් පවතී. ඒ ඇතැම් තොරතුරු හෙළිදරව් කිරීම සමාජයේ අයහපතට හේතුවන්නේ නම් ඒවා හෙළිදරව් නොකර සිටීමය. උදාහරණයක් වශයෙන් විවිධ දුක්කරදර නිසා අසහනයට පත්වන මිනිසුන් උමං දුම්රියට පැන සියදිවි නසාගැනීම බහුල ලෙස මෙරට දැකිය හැකිය. එහෙත් සම්මුතියක් වශයෙන් ඒ තොරතුරු ජනමාධ්‍ය මගින් හෙළිදරව් නොකෙරේ. ඒවා හෙළිදරව් කිරීම මගින් සමාජය අයහපතට පෙළඹීමට නව දොරක් විවෘත වන බව ඔවුන් විශ්වාස කරයි. එහෙත් ඊට වඩා අඩු වැදගත්කමකින් යුත් පහත සඳහන් වැනි දෙයක් ජනමාධ්‍ය මගින් නොපමාව හෙළිකරයි. දරුවකු වාහනයකින් රැගෙන යාමේදී අසුන් බඳපටි නොපැළඳ ආරක්ෂක අංශවලින් අල්ලාගෙන ළමයා තමන් භාරයට ගැනීම, වයස 14ට අඩු දරුවකු තනිවම වාහනයක තබා සාප්පුවකට ගොඩවැදුණු දෙමාපිය භාරයෙන් දරුවා වෙන් කිරීම වැනි දෑය. ඒවා පළකිරීම මගින් සමාජය එවැනි වැරදි කිරීම් මගින් වැළකී සිටීමට පෙළඹේ.
පාලකයෝ, ආණ්ඩු කරන්නෝ, ඔවුන්ගේ පෙර තිබූ කීර්තිමත් බව නොසලකා නිශ්චිත අවධියකදී කරන වැරදි හෙළිදරව් කිරීම මගින් මාධ්‍ය තමන්ගේ යුතුකම් ඉටුකරයි. හිටපු අගමැතිවරු කීපදෙනෙක්ම තම වැරදි සඳහා මාධ්‍ය මගින් කළ හෙළිදරව් නිසා නීතිය හමුවට ගොස් දඬුවම් විඳ ඇත.
දැන් නවතම චිර ප්‍රසිද්ධ යුද්ධය යන්නේ ටොරොන්ටෝ නගරාධිපති රොබ් පෝඩ් හා මාධ්‍ය අතරය. කැනේඩියානු පාලන සම්ප්‍රදායන්ට නොගැළපෙන අශීලාචාර බවක් ප්‍රකට කරන හිතුවක්කාරයකු වූ රොබ් පෝඩ් කළ වැරදි එකින් එක මාධ්‍ය මගින් හෙළිදරව් විය. ඒ හෙළිදරව් කිරීම් සඳහා රොබ් පෝඩ්ගේම පෞද්ගලික කාර්ය මණ්ඩලයේම උදවිය පවා යොදා ගැනීමට මාධ්‍යයට හැකියාවක් ඇත. එමගින් යටකී කාර්යමණ්ඩල සේවකයන්ට රැකියාවෙන් වන්දි ගෙවීමට සිදුවන ක්‍රමයක් කැනඩාවේ නැත. තමන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන පාපන්දු කණ්ඩායමකට නගරසභාවේ අරමුදලින් ඩොලර් 30,000ක් වියදම් කිරීම මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම නිසා නගරාධිපති රොබ් පෝඩ්ට ගෙදර යාමට සිදුවිය. එහෙත් අධිකරණයේ පිහිට පතා ගිය පෝඩ්ව නගරාධිපති තනතුරට නැවත පැමිණීමට හැකි විය. දැන් පෝඩ්ට මාධ්‍ය මගින් පත්කොට ඇත්තේ අලි අමාරුවකටය. ඒ විටින් විට කොකේන් නම් මත්ද්‍රව්‍ය ඉරීමට පුරුදුව සිටින ඔහුගේ ඒ කටයුතු මාධ්‍ය මගින් හෙළිදරව් වීම නිසාය. ඉතා සූක්ෂම ගවේෂණශීලී මාධ්‍ය මෙහෙයුමක් මගින් කොටුකරගත් රොබ් පෝඩ්ව සිය ගණන් මාධ්‍ය හමුවේ හඬා දොඩමින් තමන් එවැනි දෙයක් මින්මතු නොකරන බවට පාපොච්චාරණයක් කිරීමට සිදුවිය. දැනට ඔහුගේ බලතල රාශියක්ම ඒ හේතුව නිසාම කපා දමා ඇත.
කැනඩාවේද ඊට අනුසාරීව ඇමෙරිකාවේද මාධ්‍ය ක්‍රියාවලිය හැදෑරිය යුතු තරම් අගනා එකකි. එය සමාජ ජීවිතයේ ආරක්ෂකයෙකු ලෙස කරන බැරෑරුම් භූමිකාව පිළිබඳ සමීප නිරීක්ෂණයක්ද වනු ඇත.
චන්ද්‍රරත්න බණ්ඩාර කැනඩාවේ සිට
( wanasapnmala@gmail.com)

එසයිලම් සොයා බටහිර රටවලට පැනීම දැන් හොඳ ලාභදායක වියාපෘතියක් වෙලා. බටහිර රටවල සිංහල මිනිස්සු ගොඩක් ඉන්නවා බොරුවට ලංකාවේ ආණ්ඩුවෙන් ජිවිත තර්ජන තියනවා කියාගෙන එසයිලම් ගහගෙන.රාවය පුවත්පතේ වැඩ කරපු චන්ද්‍රරත්න බණ්ඩාරකියන මාධ්‍යවේදියා කැනඩාවේ සරසවියකට එනවා ශිෂ්‍යත්වයකට , උපාධිය ඉවර වෙලා ඔහු ගල් වෙනවා. පස්සේ කැනඩාවේ ආගමන විගමන නිලධාරීන්ට ලිපියක් ලියලා කියනවා ලංකාවේ ආණ්ඩුවෙන් (සිංහලයන්ගෙන්) ජිවිත තර්ජන තියනවා කියාගෙන එසයිලම් ඉල්ලනවා. ඔහු කැනඩාවේ යාත්‍රා කියලා සිංහල පත්තරයක් ගහනවා. එකෙන් නිතරම ආණ්ඩුව , රාජපක්ෂලා අප් කරලා තමයි ලියන්නේ. සිංහල කොමියුනිටි එක අතරේ ජිවත් වෙන්නේ .නමුත් ඔහු ජිවත් වෙන්නේ කැනඩාවේ සිංහල මිනිස්සු අතරේ . ඉන්න තැනක් නැති කලේ වැටිලා හිටියේ ටොරොන්ටෝ පන්සලේ ඔහුට කන්න දුන්නේ සිංහල මිනිසුන් හාමුදුරුවන් . නමුත් කැනඩාවේ බලධාරීන්ට කියන්නේ ලංකාවේ සිංහල මිනිස්සු මිනි මරනවා මගේ ජිවිත තර්ජන තියනවා කියලා. නමුත් මාසෙකට සැරයක් එසයිලම් වලට කැනඩාවේ ආගමන විගමන නිලධාරීන් හමුවෙන්න යන කොට ලංකාවේ ආණ්ඩුවෙන් (සිංහලයන්ගෙන්) ජිවිත තර්ජන තියනවා කියන පාට් එක තමයි දාන්නේ . මේවගේ ඩබල් ගේම් කාරයෝ ලංකාවට ඇවිත් පෙන්නන්නේ ඔවුන් තරම් දේශප්‍රේමියෝ තවත් නැහැ කියලා.
ReplyDelete