බොත්තම් දෙකම ‘ස්විච් ඕෆ්’
පසුගිය දවසක ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු සමඟ අපූරු කතාවක් කීවේය.
මේ ඒ කතාවය.
‘ජේ.ආර්. කියන්නේ හොඳ මොළකාරයෙක්. සමහරු හිතනවා ජනාධිපතිතුමා ජේ.ආර්.ට වඩා මොළකාරයෙක් කියලා. මේ දෙන්නා දෙවිදියක්. ජේ.ආර්.ට ඒ කාලේ කිව්වේ කපටි නරියා කියලා. ජේ.ආර්. කපටියි. ගේම්කාරයා, මොළෙන් තමයි ගේම ගහන්නේ. ජේ.ආර්.ගේ දක්‍ෂකම මොළය.
මහින්ද ගේම ගහන්නේ මොළෙන් නෙවෙයි. ජනාධිපතිතුමාට දක්‍ෂකම් දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලන ඉව. අනෙක තමයි පී.ආර්. එක. ජනාධිපතිතුමා මෙතැනට ආවේ මේ දෙක පාවිච්චි කරලා. හොඳට බලන්න 1989 විපක්‍ෂ මන්ත්‍රිවරයෙක් වෙලා ඉඳිද්දී ජනාධිපතිතුමාට ඕනෑ වුණේ හම්බන්තොට ඡන්ද බේස් එක ආරක්‍ෂා කරගන්නයි දකුණේ ශ්‍රී ල.නි.ප. නායකයා හැටියට ඉන්නයි. මේ වැඩේට ප්‍රේමදාසගේ මර්දනයෙන් පස්සේ සී.සී. කඩ ගිය ජේ.වී.පී.කාරයන්ව චූන් කරන්න මොනවා හරි කරන්න ඕනෑ කියලා ජනාධිපතිතුමා හිතුවා. ඒකට මරපු අතුරුදන් වුණ ජේ.වී.පී.කාරයන් ගැන කතා කරන්න ජිනීවා ගියා. දකුණ ජේ.වී.පී. බේස් එක. ඒ බේස් එකේ ඉන්න ඕනෑ කියලා ජනාධිපතිතුමාගේ ඉවට දැනුණා.
1992 පාද යාත්‍රාව යන්න පටන් ගත්තේ ප්‍රේමදාසගේ ආණ්ඩුව පෙරළන්න නෙවේ. ජනාධිපතිතුමාට ඉවට දැනුණා ලලිත් - ගාමිණී එළියට ඇවිත් විපක්‍ෂයේ බලය අල්ලන්න යනවා කියල. මේ විදියට ගියොත් තමන්ටත් ශ්‍රී ල.නි.ප.යටත් තැනක් නැති වෙයි කියලා ජනාධිපතිතුමා බය වුණා. ලලිත් - ගාමිණීලාට වඩා බලයක් පෙන්නන්න පාද යාත්‍රාවක් ගියා. ඒකට ලලිත් - ගාමිණීලා එකතු වුණේ නැත්තේ ජනාධිපතිතුමා ගහන්න යන ගේම දැනගෙන. ජනාධිපතිතුමා හැම තිස්සේම ගියේ අනුර පස්සේ. ඒ කියන්නේ එතුමාගේ ඉවට දැනුණේ නැහැ අනුර පක්‍ෂයෙයි රටෙයි නායකයා වෙයි කියලා. එතුමාගේ ඉවට දැනුණේ අනුර එක්ක හිටියොත් පක්‍ෂයේ නොම්බර දෙක වෙන්න පුළුවන් කියන එකයි. චන්ද්‍රිකා මැඩම් එක්ක ජනාධිපතිතුමාගේ ඇයි හොඳයියක් තිබුණේ නැහැ. හැබැයි අනුර එ.ජා.ප.යට ගියාම ජනාධිපතිතුමා මම අනුරගේ නොම්බර දෙක, මාව පක්‍ෂයේ තියාගන්න ඕනෑ නම් මට හිමි තැන දෙන්න කියලයි පෙන්නුවේ. චන්ද්‍රිකා මැඩම් පක්‍ෂයේ සිංහල බෞද්ධ ජන පදනම වෙනස් කරන්න පැකේජය ගේන කොට ජනාධිපතිතුමා සිංහල බෞද්ධ ජන පදනමේ නායිකාව වුණ මැතිනියව ඉස්සරහ තියාගෙන ඒ ජන පදනමේ නායකයා වුණා.
මැතිනිය නැති වුණාම ඉබේම ඒකෙ නායකයා වුණා. චන්ද්‍රිකා මැඩම්ගේ අධිරාජ්‍ය ගැති ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව පක්‍ෂයේ වාමවාදී ජන පදනමේ වීරයෙක් වුණා. චන්ද්‍රිකා මැඩම් ජ.වි.පෙ. එක්ක සන්ධාන ගහ ගත්තාම සන්ධානයට මන්ත්‍රිකම බිලි දුන්න ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායකයන්ගේ පැත්ත ගත්තා. චන්ද්‍රිකා මැඩම් කොටි එක්ක සුනාමි ගිවිසුම් ගහන කොට ජ.වි.පෙ. සහ හෙළ උරුමයේ වීරයෙක් වුණා. මේකට තමයි ඉව කියන්නේ. අපි නම් මේකට කිව්වේ පල්ස් බට්න්් එක කියල. හැම තිස්සේම ඒ බට්න් එක ඔබලා දේශපාලනය කියවගන්නවා. අනෙක තමයි පී.ආර්. බට්න් එක. විපක්‍ෂයේ පක්‍ෂ ඔක්කොම කැඩුවේ පී.ආර්. බට්න් එක ඔබලා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හරි ආණ්ඩුවේ කොටස්කාර පක්‍ෂයක හරි ඇමැති කෙනෙක් ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්තාම ඒක පල්ස් බට්න් එකෙන් දැන ගන්නවා. පට් ගාලා පී.ආර්. එක දානවා. අරලියගහ මන්දිරයට හරි ජනාධිපති මන්දියට හරි කෑමකට එන්න කියලා පී.ආර්. එක දමලා ෂේප් කර ගන්නවා.
‘හැබැයි අද දන්නවාද මොකද වෙලා තියෙන්නේ කියලා...?’
අද කාලයක ඉඳලා පල්ස් බට්න් එක වැඩ කරන්නෙත් නැහැ. පී.ආර්. බට්න් එක වැඩ කරන්නෙත් නැහැ. දැන් වැඩ කරන්නේ එක බට්න් එකයි. ඒක රනිල්ගේ බට්න් එක. ඒකෙන් තමයි දැන් ජනාධිපතිතුමා දේශපාලනය කියවන්නේ. මම දැකල තියෙනවා සමහර ත්‍රීවීල්වල ගහල තියෙනවා ජීවිතේ මල් අම්මා ඉන්න කල් කියලා. මේ ආණ්ඩුව දුවන්නේ ජීවිතේ මල් රනිල් ඉන්න කල් කියල ගහගෙනයි. දැන් ඒකෙන් අන්ධ වෙලා ඉන්නේ. ඇමැතිවරු එළිපිට බනිනවා. ඒක පල්ස් බට්න් එකට දැනෙන්නේ නැහැ. දැනුණත් රනිල් ඉන්නකන් මුන් කොහේ යන්නද කියල හිතනවා ඇති. පල්ස් බට්න් එක වැඩ නැති වුණාම පී.ආර්. බට්න් එක වැඩ කරන්නෙත් නැහැ. ඉතින් කවුරු හරි ඇවිත් ඇමැති කෙනෙක්ගේ ප්‍රශ්නයක් කිව්වොත්’ යනවා නම් යන්න කියනවා. යූ.ඇන්.පී. මන්ත්‍රිවරු ඕනෑ හැටියේ එන්න ඉන්නවා...’ කියල තමයි කියන්නේ. දැන් රටේ තොටේ වෙන ඒවා ගැන හොයන්නේ නැහැ. මාධ්‍යවල ආණ්ඩුවට ගහල ගියත් දැනෙන්නේ නැහැ.
ඒ කාලයේ රනිල්ට විපක්‍ෂයට පන්න පන්නා ගහපු ඇමැතිවරු අද තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම බලාගෙන ඉන්නේ රාජපක්‍ෂලා කොතැනක හරි ගිහින් ඇනගන්නකන්. ඇනගෙන තමන්ගේ කකුල් දෙක ළඟට එනකන්. ඉස්සර මේ අය රාජපක්‍ෂ කියන නාඩගමේ වේදිකාවේ චරිත. අද මේ අය ප්‍රේක්‍ෂකයෝ වෙලා. බලන්න මේ ආණ්ඩුව ආරක්‍ෂා කරපු කසකාරයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් විමල්, අනෙකා චම්පික. මේ දෙන්නා ආණ්ඩුවට එරෙහි රනිල්ටයි හතුරු බළමුළුවලටයි වටකරගෙන ගැහුවා. දැන් රනිල් හතුරෙක් නෙවේනේ. හතුරෝ නැහැ. ඉතින් මේ දෙන්නා කස ගෙදර තියල රෙස්ට් කරනවා. ඉස්සර ආණ්ඩුවේ මුරදේවතාවුන් වගේ ඉන්න විමල්ලා, චම්පිකලා, රාජිතලා, ඩලස්ලා වගේ තව ඇමැතිවරු සතියකට සැරයක් අරලියගහ මන්දිරයේ හම්බවෙලා ගහන්න ඕනෑ කාටද, දිනාගන්න ඕනෑ කාවද කියල ගේම් ප්ලෑන් එක හදනවා. මාර ස්ප්‍රිට් එකක් තිබුණ ටීම් එකක් එතැන හිටියා.
දැන් ඔක්කොම විසිරිලා. ආණ්ඩුවේ මාධ්‍ය ඒ අයව වැද්දගන්නේ නැහැ. ආණ්ඩුවට අයිතිකාරයෝ වැඩියි කියල බැලන්ස් වෙන්න හදනවා. ආණ්ඩුව රිමෝට් එකෙන් පාලනය කරන නිදහස් මාධ්‍ය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ගොඩ දාලා දෙන්නම් කියල ආණ්ඩුවට ගහල බැලන්ස් එක පෙන්නනවා. මාධ්‍යවල යන කිසි දෙයක් මොනිටර් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා හිතන් ඉන්නේ මාධ්‍ය ඔක්කොම එයාගේ අතේ කියලා. බලන් ගියාම ආණ්ඩුව සල්ලි දමල දුවන මාධ්‍යත් ආණ්ඩුවටම ගහනවා. මේ, වැටෙන ලකුණු මිසක් ගොඩ එන ලකුණු නෙවේ. ජනාධිපතිතුමාගේ පල්ස් බට්න් එකයි පී.ආර්. බට්න් එකයි ‘ස්වීච් ඕෆ්’ කියන්නේ දේශපාලනයක් නැහැ කියන එකයි. දැන් ඒ දෙකම වැඩ කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව දුවන්නෙත් නැහැ. ඇවිදින්නෙත් නැහැ. පාවෙනවා විතරයි. පාවෙනකොට වැටෙන වෙලාව දන්නේ නැහැ. අපිට තියෙන බය ඒකයි.’
ඇමැතිවරයාගේ මේ කතාව අහනකොට මතක් වන්නේ බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුව ගැන කියන්න ඉන්දියාවෙන් හොයාගත් යාං හෑල්ලකි. මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අය-වැය විවාදයට සහභාගි වෙමින් කීවේ ඉන්දියාවේ මොරාජි දේශායිගේ ආණ්ඩුවට එරට මාධ්‍ය හදපු යාං හෑල්ලක් ජේ.ආර්.ගේ ආණ්ඩුවටද හොඳින් ගැළපෙන බවය.
‘ඒ යාං හෑල්ල පටන් ගන්නේ ‘ජනතා’ යන නමින් වෙළෙඳපොළට හඳුන්වා දෙන අලුත්ම අලුත් කාර් එකක් සම්බන්ධයෙනි. මේ කාර් එක ගැන පළවූ දැන්වීම් සහ ප්‍රචාරවලට හිත ඇදී ගොස් ප්‍රධාන පෙළේ ගැනුම්කරුවෙක් මේ කාරය මිලදී ගන්නට පැමිණියේය. ඉස්සෙල්ලාම කාර් එක කොහොමද කියල බලන්න රියැදුරෙකුත් සමඟ ගැනුම්කරුට වටයක් ගහන්නට එහෙමත් නැතිනම් ‘ට්‍රයල් රන්’ එකක් යන්න අවස්ථාව ලැබිණි. ටික දුරක් ගොස් වාහනය නතර විය.
‘අලුත් වාහනය නිසා ඇන්ජින් එකේ අප්සෙට් එකක් ඇතිවෙන්න විදියක් නෑනේ. ගෑස් ඉවර වෙලා ඇති’ යැයි කීවේ ගැනුම්කරුවාය.
“නෑ. සර් මම ටැංකිය පිරෙන්න ගෑස් ගැහුවානේ” යැයි රියැදුරා ගත් කටටම කීවේය.
එහෙනම් ඇන්ජින් එකේ වරදක් ඇති යැයි කීවේ ගැනුම්කරුවාය.
‘මොන එන්ජිමක්ද සර්? මේකේ ඇති ඇන්ජිමක් නෑ’ යැයි පිළිතුරු දුන්නේ රියැදුරාය.
ගැනුම්කරුවාගේ ඇස් උඩ ගියේය.
එන්ජිමක් නෑ. එහෙනම් කොහොමද මිනිහෝ මේ කාර් එක දුවවන්නේ? යැයි කෝපාවිෂ්ට වී ඇසුවේ ගැනුම්කරුය.
‘ප්‍රචාරයෙන් සර්’ යැයි රියැදුරා උත්තර දුන්නේ ඇහෙන නොඇහෙන ගානටය.
මැතිනිය කිව්වේ මොරාජිගේ ආණ්ඩුවත් ජේ.ආර්.ගේ ආණ්ඩුවත් දුවන්නේ ප්‍රචාරය කියන එන්ජින් එකෙන් කියලාය. මහින්දගේ ආණ්ඩුව නම් පසුගිය කාලය පුරාම දිව්වේ පල්ස් එක සහ පී.ආර්. එක කියන ඇන්ජිමෙන්ය. හැබැයි දැන් දුවන්නේ රනිල්ගේ ඇන්ජිමෙන්ය.
රනිල් ඉස්සරහින් යයි. මහින්ද පස්සෙන් යයි. රනිල් යන්නේ විනාශයටය. මහින්ද මේ ආණ්ඩුව අරගෙන යන්නෙත් එතැනටද කියන්න දන්නේ නැත.
උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments