දේශපාලන දැනුම නැත්තේ නිළියන්ට විතරක් නොවේ
පළාත් සභා මැතිවරණයට ජනප්‍රිය නිළියන් දෙතුන් දෙනෙකු ඉදිරිපත් වීමට සූදානම් වීමත් සමග ඇති වූ ආන්දෝලනය තවමත් අපේ මතකයෙන් මැකී ගොස් නැත. එලෙස ඉදිරිපත් වූ සමහර නිළියන්ට අද වන විට නාම යෝජනා අහිමි වී ඇති අතර තවත් කිහිප දෙනෙකු නාම යෝජනා ලබා සිටී. මෙවර නිළියන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වීමත් සමග ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් ගොඩ නැගුණු බවක් පෙනිණි. එහිදී මතු වුණු ප්‍රධානම තර්කයක් වූයේ මෙම නිළියන්ට දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක්, අවබෝධයක් නොමැතිය යන කාරණයයි. ඔවුන් හුදෙක් නිළියන් ලෙස ලැබූ ජනප්‍රියත්වය පමණක් ප්‍රයෝජනයට ගනිමින් ජනතාවගේ ඡන්ද ඩැහැ ගැනීමට උත්සාහ කරනවාය යන්නයි. මෙහිදී මෙම චෝදනාවට ලක් වූ ඇතැම් නිළියන් විසින් නගන ලද තර්කයක් වූයේ අද ලංකාවේ දේශපාලනය පිළිබඳ දැනුමක් හෝ අවබෝධයක් නැත්තේ නිළියන්ට පමණක්ද යන්නයි. දේශපාලනයට අවතීර්ණ වී සිටින තවත් බොහෝ දෙනෙකුට දේශපාලන අවබෝධයක් නොමැති නමුත් නිළියන්ට පමණක් එම චෝදනාව එල්ල කිරීම කුහකකමක් බවද ඔවුහු පෙන්වා දෙන්නට වූහ.
මෙම තර්කය එකවර පසෙකට දැමිය හැකි තර්කයක් නොවන්නේ ඒ තුළ කිසියම් වලංගු බවක් ඇතැයිද සැලකිය හැකි නිසාය. එම නිසාම අපි කලා ක්‍ෂේත්‍රයට හා දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් මේ ගැන අදහස් විමසුවෙමු.
කීර්ති තෙන්නකෝන් (විධායක අධ්‍යක්ෂ- කැෆෙ මැතිවරණ නිරීක්ෂණ කමිටුව)
කිසිදා පාසල් අධ්‍යාපනයක් ලබා නොතිබූ ඉන්දියාවේ පුලාන් දේවි නමැති කාන්තාව ජනතා නියෝජිතවරියක ලෙස දේශපාලනය තුළ මතු වූ අන්දම අප බොහෝ දෙනෙකු හොඳින් දන්නවා. දේශපාලනඥයෙක් කියන්නේ යම්කිසි ජන කණ්ඩායමක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයෙකුට. ඉන්දියාවේ බිහිවූ පුලාන් දේවි තම ජන කණ්ඩායම තුළ පීඩනයට පත්වී ඒ තුළින් නැගී සිට එම ජන කණ්ඩායම නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණා. නමුත් ඇය පාසල් අධ්‍යාපනයක්වත් ලබා තිබුණේ නැහැ. දේශපාලනඥයකු වීමට නිශ්චිත උපාධියක් වැනි සුදුසුකමක් අවශ්‍ය බවට ලෝකයේ කොතැනක හෝ සඳහන් වී නැහැ. තමා නියෝජනය කරන්නා වූ ජන කණ්ඩායමේ ප්‍රශ්න අවබෝධ කර ගැනීමේ හැකියාව තමයි අවශ්‍ය වන්නේ. එම අවබෝධය ලබා ගැනීමට එම ජන කණ්ඩායම හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටිමින් ලබාගන්නා වූ අවබෝධය වැදගත්.
වෘත්තීය සමිති, ආගමික සංවිධාන, යම් යම් ජන කොටස් ආදී ක්‍ෂේත්‍රයන් තුළින් මෙබඳු දේශපාලන චරිත මතුවන්නට පුළුවන්. නමුත් අද තියෙන වාතාවරණය තුළ දේශපාලනඥයන්ගේ පවුල්වලින්, දේශපාලනඥයන්ට සම්බන්ධ ව්‍යාපාරික පවුල්වලින් දේශපාලනයට එන නවක පිරිස් ඉන්නවා. නිළියන් වැනි ජනප්‍රිය චරිත දේශපාලනයට පිවිසියේත් මේ පසුබිම තුළ. මේ අය අර මුලින් කී විදිහේ දේශපාලන නියෝජිතයන් නෙවෙයි. මෙවැනි අයගේ දේශපාලන දැනුම හා අවබෝධය ගැන ගැටලු තිබෙන බව අප පිළිගත යුතුයි. ඇත්ත වශයෙන්ම එය නිළියන්ට විතරක් බලපාන තත්ත්වයක් නමෛයි. පසුගියදා නාම යෝජනා ලැබූ අය අතරත් මෙවැනි අය ඕනතරම් සිටිනවා. ඒ විතරක් නමෛයි දැනට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ සිටින අය අතරත් දේශපාලන දැක්මක් නැති අය මොන තරම් සිටිනවාද? අද මේ රටේ හුඟක් අර්බුදවලට හේතුව එය බව අප පිළිගත යුතුයි.
ජනප්‍රිය සංගීත ශිල්පී සුනිල් පෙරේරා
දේශපාලනයට පිවිසෙන කලාකරුවන්ට, විශේෂයෙන් මෑත කාලයේ දේශපාලන කරළියට යොමුවන්නට ආ නිළියන්ට පමණක් දේශපාලන දැනුම නැති බවට චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ. එම චෝදනාව තව බොහෝ අය කරා පැතිර යා යුතුයි. දේශපාලනයට පිවිසෙන වගේම දැනට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින අය අතරත් දේශපාලන දැනුම නැති බොහෝ අය සිටිනවා.
විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල ඇතිවන ගැටුම් දිහා බලපුවාම ඒ අයගේ දේශපාලන දැනුම ගැන පැහැදිලියි. දේශපාලන දැනුම ඇති, අවබෝධය ඇති ඇතැම් අය අද දේශපාලනයට එන්නේ නැහැ. ඒ විදියේ අය ආවත් ඔවුන් අභිබවා අර වගේ බාල දේශපාලනඥයින් වෙනත් විවිධ ක්‍රමවලින් මතු වන අවස්ථාත් අප දැක තිබෙනවා. සමහර විට මැරබලය, මුදල් බලය, පවුල් බලය වැනි මාර්ගවලින් ඔවුන් මතුවී එනවා.
මෙහිදී විශේෂයෙන් යමක් කිව යුතුමයි. දේශපාලනයට පිවිසෙන හා දැනට එහි නිරත අය අතුරින් බහුතරයකට දේශපාලන දැනුමක් නැති බව පවසා කව්රුවත් ඔවුනට චෝදනා කරන්නේ නැහැ. ඒ අයව එතැනට යවන්නේත් ජනතාව විසින්මයි. බත් පැකට් එකට, ටොපියට ජනතාව රැවටෙන බව දේශපාලනඥයින් දන්නවා. ඔවුන් නිතරම ජනතාව ඇමතීමට බුද්ධිමත් ජනතාව යන යෙදුම යොදා ගත්තත් ජනතාව මෝඩ පිරිසක් බව ඒ අය දන්නවා. ඒ නිසා ජනතාව රවටා තම බලය තහවුරු කරගැනීමේ හැකියාව දේශපාලනඥයාට තියෙනවා. නමුත් මෙය වටහා ගැනීමේ හැකියාව නැති ජනතාව හැමදාම රැවටෙනවා.
නිදහස ලබා වසර 66ක් ගතවුණත් පොදු ජනතාව තවමත් ඉන්නේ පහත් අඩියක බව වටහා ගැනීමේ හැකියාව නැති ජනතාව තමයි නැවත නැවත අර මුලින් කී අයව ඔසවා තබන්නේ. දේශපාලන දැනුමින් යුතු සුදුසු අයකු ඡන්දයට ඉදිරිපත් වී නැතිනම්, කාට හෝ කතිරය ගසනවා වෙනුවට ඡන්දපොළට ගොස් තම ඡන්දය අවලංගු කිරීමේ හැකියාව, අවබෝධය ජනතාවට තිබිය යුතුයි. එවිට අවලංගු වූ ඡන්ද අනුව ජනතාව මේ අය ප්‍රතික්‍ෂේප කරන බව වැටහේවි. දේශපාලනයට පිවිසෙන , දේශපාලනයේ සිටින අයට දේශපාලන දැනුම ඇතිද නැතිද කියන එකට වඩා ඔවුන් තෝරා පත්කර ගන්නා ජනතාවට දේශපාලන දැනුම හෝ රටේ පවතින වාතාවරණය ගැන දැනුමක් තියෙනවාද කියන එකයි වඩා වැදගත් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ
දේශපාලනයට කව්රුන් හෝ පිවිසෙනවා නම් අනිවාර්යයෙන්ම මහජන සේවයක් කිරීමේ ච්ෙතනාවෙන් යුතු, පොළොවේ පය ගසා ජීවත් වන අයකු විය යුතුයි. කවර හෝ දේශපාලන පක්ෂයක් නාම යෝජනා දෙන විට එබඳු අය ඒ සඳහා තෝරාගත යුතුයි. මෑත කාලයේ නිළියන් දේශපාලනයට පිවිසෙන විට නොයෙක් කතිකාවන් ඇතිවූයේ ඔවුන්ගේ
ක්‍ෂේත්‍රය දේශපාලන ක්‍ෂේත්‍රයට වඩා සහමුලින්ම වෙනස් නිසා. උදාහරණ විදියට ගන්නවා නම් නිළිකමට එන කාන්තාවක් තමන්ගෙ රූප සෝභාව ගැන සැලකිලිමත් විය යුතුයි. ඒක ඔවුන්ගේ වෘත්තියේ ස්වභාවය. නමුත් දේශපාලනයට යොමු වූ අප වැනි කාන්තාවක් ඊට වඩා වෙනස්. අනෙක පසුගිය දිනවල දේශපාලනයට යොමු වූ කලාකාරියන් බොහොමයක් දේශපාලන පසුබිමක් මත නමෛයි මෙයට යොමුවන්නේ. ඔවුන්ට ප්‍රධාන සුදුසුකම් වුණේ තමා නියෝජනය කරන ක්‍ෂේත්‍රය තුළින් ලද ජනප්‍රියත්වය. නිළියන් නමෛයි මාධ්‍යවේදියෙකු වුවත් තම
ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රිය වූ පමණින් දේශපාලනය තුළ සාර්ථක චරිතයක් වේ යැයි කියන්නට බැරි බවයි මගේ අදහස. කෙසේ වෙතත් මේ විදියේ ජනප්‍රිය චරිත විශේෂයෙන් නිළියන් දේශපාලනයට යොමුවීම බොහෝ කතා බහට හේතු වුණේ ඒ නිසයි.
නිළියන් නොවන, දේශපාලනයට යොමු වූ සෙසු අයට දේශපාලන දැනුම තිබෙනවාද කියන පැනයට දියහැකි පිළිතුර මෙයයි. කවර දේශපාලන
පක්ෂයක් හෝ නාම යෝජනා දිය යුතු වන්නේ ඊට සුදුසු අයටයි. එය ඒ අයගේ මෙන්ම පක්ෂයේත් යහපතට හේතු වනවා. ඉතින් දැනට නාම යෝජනා ලැබූ අයට දේශපාලනයට සුදුසුකම් ඇති. දැනුමක් ඇති. ඒ හින්දයි ඒ අයට අවස්ථා ලැබුණේ කියල මෙහිදී මම කියනවා. එසේ නොවී, දේශපාලන දැනුමක් නැති, නුසුදුසු අයට නාම යෝජනා ලැබුණ නම් එහි අනිටු ප්‍රතිඵල ඔවුන් බිහිකළ දේශපාලන පක්ෂවලට අත්විඳින්නට සිදුවේවි.
ප්‍රවීණ කලා ශිල්පී ජයලාල් රෝහණ
දේශපාලනය තුළින් ජනතා නියෝජිතයන් වීමට උගත්කම, සමාජ දැනුම, දේශපාලන දැනුම අවශ්‍ය වෙනවා. මෑත කාලයේ අලුතින් දේශපාලන
ක්‍ෂේත්‍රයට පිවිසි බොහෝ අයට ඔය කියන සුදුසුකම් තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මේ අතර සිටින නිළියන් ගැන අවධානය යොමු වී, ඒ අය ගැන කතිකා ගොඩනැගුනේ ඒ අය නිළිකම තුළින් ලද ජනප්‍රියත්වය මත දේශපාලනයට පිවිසුණු නිසා. මේ අනුව නිළියන්ට දේශපාලන දැනුම නැතිනම් නිළියන් නොවී දේශපාලනයට එන වෙනත් අයට ඔය කියන දේශපාලන දැනුම තියෙනවාද කියන ප්‍රශ්නය නැගීම සාධාරණයි. ඒ අය ගැන කියන්න මා දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ පිරිසේ දේශපාලන දැනුම ගැනත් සොයා බැලිය යුතුයි. ඒ විතරක් නමෛයි දැනට දේශපාලනය තුළ රැඳී සිටින සියලු දෙනාගේ දේශපාලන දැනුම කතෛක් දැයි සොයා බැලීම ඉතා වටිනවා. ඒ සඳහා සුදුසු පරීක්ෂණයක් කරනවා නම් ඉතා හොඳයි. හැබැයි ඉතින් එබඳු පරීක්ෂණයක් කළොත් කී දෙනෙක් ඉතුරු වේවිද, කී දෙනෙක් හැලී යාවි දැයි කියන්න බැහැ. මෙවැනි කතා දේශපාලනයේ අතුරු කතා. දැන් අපි දේශපාලනයේ අතුරු කතාවල යෙදී සිටිය යුතු නැහැ. දැන් අපට අවශ්‍ය ප්‍රබල දේශපාලන කතිකාවක්. අද වන විට අපේ රටේ දේශපාලනය අවුල් වියවුල් වී ගිහින්. එය නැවත නගා සිටුවීමට නම් අප රටේ දේශපාලනය ගැන ප්‍රබල වටිනාකමක් ඇතිවීමයි සිදුවිය යුත්තේ.
ආරියවංශ කුලතිලක

වර්ෂ 1977 පසු ජේ ආර් ජයවර්දනගේ අලුත් විධායක ජනාදිපති ක්‍රමය සමග අතිවු පාර්ලිමෙන්තුවෙ නියොජනය වන්නේ උගතුන් නොව වෙදගත් අය නොව දෙෂපාලන දෙනුමක් ඈති අය නොව මී හරක්ය . 1977 පෙර දේෂපාලනයට පිවිසියෙ සමජයේ උගත් වෙදගත් දේශපලනය ගෙන දෙනුමක් එති පිරිමින් සහ ගෙහෙනුන්ය . ඔවුන්ට දේෂපාලන වේදිකාවකදි රට ගෙන හො දෙෂපලන අර්තය එති කතවක් කිරිමිට සහ එය මිනිසුන්ට තෙරුම් යන ආකාරයට දිය හෙකිය . ඔවුන් බොහො කටයුතු කලේ . රටෙ දියුනුව සහ ආර්තිකය නගා සිටුවිමට පමනය . 1977 පෙර සිටි දෙෂපලකයන් තම දෙපල අහිමි කරගෙන හො රටට වෙඩක් කලෙය . වෙනස අද 1977 පසු දෙෂපලනයට එන්නේ කසිප්පු කරයන්, මත් කුඩු වෙලදාම් කරුවන් ලපා දූෂන සහ ස්ත්‍රි දූෂන කරුවන් සහ රටටම එපාවු හොර තක්කඩි මෑරයන්ය. එන විට අතේ සතය නෑති උනත් රට විකුනා මහජනය තලා පෙලා බදු මුදල් අය කර යන්නේ කෝටි ප්‍රකෝටි පතියන් වීය .මෙය නිස අපට කිමට හෙක්කෙ අද දේෂපාලනය කරන්න එන්නේ මී හරක් සහ ගොන්නු ( ගනිකාවන් ) කියය . මෙම ලිපියෙ ඔවුන් සදාරරනය කිරිමට ලියා එති අයගෙ චරිත දිහා බෙලුවිට අපට පෙනෙන්වා ඔවුන් මෙසෙ කියනේ එයිද කිය ; විශේශයෙන් සුනිල් පෙරෙරා වෙනි අය අප දෙකල තියෙනවා ප්‍රසිද්ද වේදිකාවෙ නිරුවත් ගෙහෙනුන් ලන්ග දන්ගසා සින්දු කියන අකාරය සහ ඔහුගෙ ක්‍රියා පටිපාටිය ගෙන . ඔහුගෙ දුවගෙන් ම එය ඔප්පු වෙනවා
ReplyDelete