යටගිය දවස සහ උඩගිය සරම
මත් කුඩු, රත්රන් සහ මිනිස් ජාවාරම් කරන මුදලාලිලාගේ දේපළ රාජසන්තක කරන්නට ආණ්ඩුව තීරණය කර තිබේ. ළඟදී ක්‍රියාත්මක වෙතැයි කියන නමුදු කවදා ක්‍රියාත්මක වේද යන්න තවමත් නොදන්නා මේ තීරණය කට්ටියකට හොඳයá කට්ටියකට නරකය. මෙය හොඳ වන්නේ යහපාලනය ප්‍රිය කරන මහජනතාවට ය. මෙය නරක් වන්නේ පෙර කී ජාවාරම්කාරයන්ට අමතරව රටේ දූෂණ පිටරටවලට හෙළි කිරීමෙන් එදා වේල සොයාගත් රාජ්‍ය නොවන සංවිධානවලට ය. ඉන්ටර්නැෂනල් යන්න මුලට හෝ අගට දමාගත් රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක් අපේ රටේ තිබෙන අතර තවත් සිය ගණනක් පටන් ගැනීමට සූදානම් ය. රාජ්‍ය නොවන සංවිධානවලට අයත් වැඩ ආණ්ඩුව කරන්නට යැමෙන් එම සංවිධානවල ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලවලට රස්සා නැති වී පිටකොටුවේ බෝගස යට හිඟා කන්නට සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු ය. කොළඹ නගර සභාවේ ඇතැම් නාගරික මන්ත්‍රීන් හිඟන්නන්ගෙන් ද කප්පම් ගන්නා නිසා ඉස්සරට වඩා තත්ත්වය බැරෑරුම් ය.
ඉහත සඳහන් තීරණය ක්‍රියාත්මක කළ තැන් පටන් මේ රටේ ධනපතියන්ගෙන් 20% ක් පමණ මහපාරට වැටෙති. එම 20% න් 5% ක් පමණ දේශපාලනඥයෝ ය. මත් කුඩු යනු ඉතා පහසු ධන මාර්ගයකි. අල කිලෝ දසලක්ෂයක් හෝ පරිප්පු කිලෝ දසලක්ෂයක් විකුණා ලබන ලාභය එක කුඩු කිලෝවක් විකුණා සොයාගත හැකි ය. අල හෝ පරිප්පු සඳහා මෙන් කුඩු සඳහා ගබඩා පහසුකම් අවශ්‍ය නැත. ඇඳ සිටින යට ඇඳුම තුළ පවා කුඩු ගබඩාවක් පවත්වාගෙන යැමට පුළුවන. මෙයට ඉන්කම් ටැක්ස් නැත. ලයිට් බිල් නැත. වතුර බිල් නැත. එහෙත් ඊකැබාසබට ඇත. බ්ලෙන්ඩින් යනු හෙරොයින් කුඩු, හුණු කුඩු, සමර කුඩු යනාදිය සමඟ මිශ්‍ර කර දෙගුණ කිරීමට ය. ඒ අනුව රටේ වෙළෙඳ ද්‍රව්‍යවල තත්ත්වය කොතරම් නරකද යත් පිරිසිදු කුඩු ටිකක්වත් සොයාගැනීමට බැරි ය.
කෙසේ හෝ වේවා කුඩු සහ දේශපාලනඥයන් අතර යහපත් සම්බන්ධයක් තිබේ. කුඩ්ඩෝ දේශපාලනඥයන් සුරකිති. දේශපාලනඥයන් කුඩ්ඩෝ සුරකිස්ති. මෙය චක්‍රයක් සේ භ්‍රමණය වෙයි. මෙයට අවුරුදු 35 කට පෙර කුඩ්ඩන්ගේ තැන සිටියෝ කසිප්පු මුදලාලිලා ය. ඊට අවුරුදු 50 කට පෙර එතැන සිටියෝ අරක්කු රේන්දකාරයෝ ය. අද වන විට දේශපාලනඥයන් සමඟ සිටින කණ්ඩායම විවිධාංගීකරණය වූ පිරිසකි. කුඩ්ඩන් සහ කසිප්පුකාරයන් පමණක් නොව ගංජා හේන්කාරයන් ද පාතාල සාමාජිකයන් ද හරක් හොරු ද මෙකල දේශපාලනඥයන් සමඟ සිටිති. සමහර දේශපාලනඥයකු හමුවිය හැක්කේ හරක් හොරකු දෙන රෙකමදාරු ලියුමක් හරහා ය.
ශ්‍රී ලංකාවේ කුඩු ව්‍යාපාරය අතුගා දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ පොලිස්පතිට උවමනාවක් තිබේ. මේ උවමනාව zයටගිය දවස් සිටි ඇතැම් පොලිස් ප්‍රධානීන්ට තිබූ නමුත් දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසා 'උඩගිය සරම' මෙන් ආපසු පහළට දමා ගැනීමට සිදු විය. එහෙත් මෙවර නම් ගැලවීමක් නැති බව පෙනෙයි. ආරක්ෂක ලේකම්තුමා කප්පම්කාරයන් මර්දනය කිරීම සඳහා අයෝමය හස්තයක් යෙදවූ කෙනෙකි. යුද ජයග්‍රහණය මෙහෙයවූ කෙනකුට කුඩුකාරයන් මැඬපැවැත්වීමට නොහැක්කේ මන්දැයි කෙනකු විමසනවා ඇත. කුඩු යනු යුද්ධයට වඩා සංකීර්ණ ප්රශ්නයකි. කුඩු විකුණා සල්ලි හම්බ කරන මුදලාලි හෝ මිනිසුන් බෝට්ටුවලින් ඔස්ටේ්රලියාවට පටවන මුදලාලි හෝ කොළඹට තරුණියන් ප්‍රවාහනය කර මසාඡ් ක්ලිනික් හරහා ඔවුන් ගණිකාවන් බවට පත්කරන මුදලාලි අප ඉදිරිපිට සිටින්නේ සුදු ඇඳගෙන ය. සමහර විට ඔහු අත සුදු මල් වට්ටියක් ද තිබේ. ඔහු මල් වට්ටිය යටින් පිස්තෝලයක් තබාගෙන, මල් යටින් කුඩු මුල් ද තබාගෙන සිටිය ද ඒවා අත්අඩංගුවට ගන්නා කෙනකු නැත. හේතුව ඔවුන් සමාජයේ ඉතාම පිරිසිදු, ඉතාම යහපත්, ඉතාම ලස්සන, ඉතාම පියකරු දේශපාලනඥයන් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කිරීම ය. තමන් අසලටම පැමිණ බෝම්බය පුපුරුවා ගන්නා තුරු බාබු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදියකු බව ජනාධිපති ප්‍රේමදාස දැන සිටියේ නැත. අද සිටින්නේ කොටි බාබුලා නොව කුඩු බාබුලා ය.
divaina -

No comments