පුළුවන්නම් කාපියව්
“සීනි නැතුව තේ බොන්නම්,
මිරිස් නැතුව හොදි කන්නම්, පුළුවන්නම් කාපියව්
මැතිනි අපිට කියනව නම්
පිදුරු වුණත් අපි කන්නම්”
මේ 70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් මැයි පෙළපාළියේ යද්දී කීව සටන් පාඨය. මේ සටන් පාඨය මතක් වුණේ පසුගියදා අනුරාධපුර ඔයාමඩුව ගමේ දවස් පහක් කරවිල කාලා ජීවත් වෙන පවුලක් ගැන අහපු කතාවක් නිසාය.
‘ජනපතිඳුන් කියනව නම් කරවිල වුණත් අපි කන්නම්.....’
මෙවර මැයි පෙළපාළියට ශ්‍රී ලංකාකාරයන් ඔය සටන් පාඨය කිය කියා යයිද දන්නේ නැත.
‘බඩු මිල වැඩි වුණාට මොකද? මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවටනේ.....’
මේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් කියන කතාවය.
කතාව ඇත්තය. මේතාක් බලයේ හිටපු ආණ්ඩු ඡන්ද කාලෙට බඩු මිල අඩු කරනවා මිස වැඩි කරන්නේ නැත. මේ කාලයට බඩු මිල වැඩිවෙයි කියලා හිතනවා නම් එයට කලින් ඡන්දය තියයි. ඒ බලයේ හිටපු ආණ්ඩු ජනතාවට තියෙන බය නිසාය. ආණ්ඩුවක් වුණාම ජනතාවට බය වෙන්න ඕනෑය. ලොව ඒකාධිපති ආණ්ඩු කියන්නේ එහෙම ජනතාවට බය නැති ආණ්ඩුය. ආණ්ඩුවකට ලැජ්ජා බය නැති වුණ දවසට ඒ ආණ්ඩුව මහජන ආණ්ඩුවක් නොවේ. එක අධිපතියකුගේ නොහොත් ඒකාධිපති ආණ්ඩුවකි.
‘මේ ආණ්ඩුව ජනතාවට බය නැද්ද....’
බය තියෙනවා නම් පළාත් සභා ඡන්ද කට ළඟ තියාගෙන කිරිපිටි මිල වැඩි කරන්නේ නැත. ඡන්දයක් අත ළඟ තියාගෙන බඩු මිල වැඩි කරපු එකම ආණ්ඩුව ලෙස මේ ආණ්ඩුව ඉතිහාසගත වී ඇත. ඒකෙන්ම පේන්නේ මේ ආණ්ඩුව ජනතාවට බය නැති බවය.
‘බය වෙන්නේ මොනවාටද? ඡන්ද තියන්නත් කලින් දිනලානේ.....’
මිනිස්සු කියන්නේ එහෙමය.
කතාව ඇත්තය. ආණ්ඩුව ඡන්දයක් ප්‍රකාශයට පත් කළ හැටියේ මිනිස්සු කියන්නේ ඕකත් උඩින් දිනයි කියලාය.
‘බඩු මිල වැඩියි තමයි. ඒ වුණාට අපිට ඡන්ද දෙනවානේ.....’
ආණ්ඩුව කියන්නේ ඔය කතාවය.
‘ඒ කියන්නේ බඩු මිල තව වැඩි කරන්න කියල මිනිස්සු ආණ්ඩුවට ඡන්දය දෙනවාද...?’
හෙට අනිද්දා ආණ්ඩුව මෙහෙම කිව්වත් පුදුම වෙන්න දෙයක් නැත. මේ ආණ්ඩු කාලය තරම් බඩු මිල අහස උසට නැග්ග ආණ්ඩු කාලයක් නැති තරම්ය. පාන් ගෙඩිය නැග්ග හැටි බැලුවත් ඒ ටික පෙනේ.
එ.ජා.ප.ය 1977 ආණ්ඩුව පිහිටුවන විට පාන් ගෙඩිය තිබුණේ ශත 75ටය. එ.ජා.ප.ය අවුරුදු 17ක් රට ආණ්ඩු කරලා 1994 චන්ද්‍රිකාට රට භාර දෙන විට පාන් ගෙඩියේ මිල රුපියල් 5.50කි. ඒ කියන්නේ වසර 17කට පාන් ගෙඩිය රුපියල් 4.25කින් වැඩි වී ඇත. අවුරුදු 17ක් තුළ ශත 75 සිට රුපියල් 5.50 දක්වා පාන් ගෙඩියේ මිල වැඩිවී ඇති ආකාරය දිහා බලන විට අවුරුද්දකට වැඩි වී ඇත්තේ ශත 30ත් 31ත් අතර ප්‍රමාණයකින්ය.
1994 චන්ද්‍රිකා ආණ්ඩුව භාර ගන්නා විට පාන් ගෙඩිය රුපියල් 5.50කි. ඇයගේත් මහින්ද රාජපක්‍ෂ ඇතුළු වත්මන් මැති ඇමැතිවරුන්ගේත් ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ 5.50 පාන් ගෙඩියේ රුපියල් 2ක්ම දූෂණය නිසා පාන් ගෙඩියේ මිල රුපියල් 3.50 දක්වා අඩු කරන බවය. ඇගේ ආණ්ඩුව බලයට පත් වූ විගස පාන් ගෙඩිය රුපියල් 3.50ට බස්සනු ලැබීය. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව පාන් ගෙඩියේ මිල පටන් ගන්නේ 3.50කිනි. ඇය මහින්ද රාජපක්‍ෂට රට භාරදී ගෙදර ගියේ 2005දීය. 2005 වන විට පාන් ගෙඩියේ මිල රුපියල් 9කි. චන්ද්‍රිකා අවුරුදු 11ක් රට ආණ්ඩු කළාය. ඒ අවුරුදු 11ට පාන් ගෙඩියේ මිල වැඩිවීම රුපියල් 5.50කි. ඒ කියන්නේ 1977 සිට 1994 දක්වා එ.ජා.ප ආණ්ඩුවේ වසර 17 තුළ පාන් ගෙඩිය අවුරුද්දට ශත 30කින් 31කින් වැඩි වන විට චන්ද්‍රිකාගේ වසර 11ක ආණ්ඩුවේ අවුරුද්දකට පාන් මිල වැඩිවීමේ වේගය ශත 90කි. එ.ජා.ප ආණ්ඩුවට වඩා දෙගුණයක වැඩි වීමකි.
මහින්ද රට භාර ගත්තේ 2005දීය. මහින්ද 2005 රට භාර ගන්නා විට පාන් ගෙඩිය රුපියල් 9කි. මේ 2014ය. 2005 සිට 2014ට මහින්දගේ ආණ්ඩුවට වයස අවුරුදු 9කි. අද පාන් ගෙඩියේ මිල රුපියල් 60කි. ඒ කියන්නේ මහින්දගේ ආණ්ඩුවේ අවුරුදු 9ට පාන් ගෙඩිය රුපියල් 51කින් වැඩිවී ඇත. වසරකට වැඩි වන වේගය රුපියල් 5කට වැඩිය.
‘ඒ කියන්නේ ආණ්ඩුවට තව අවුරුදු 6ක් දුන්නොත් පාන් ගෙඩිය කීයට නඟියිද.....?’
පාන් ගෙඩිය පමණක් නොවේ. ඩීසල්, භූමිතෙල් පෙට්රල්, හාල්, පිටි, බස් ගාස්තු මේ හැම දෙයකම මිල වැඩිවී ඇත්තේ රොකට් එකක් අහසට ගියා වගේය. අනෙක් අතට මෙවැනි මිලකට ජනතාවට බඩු මිලදී ගැනීමට අතේ තියෙන මුදල මැන බලද්දී ජනතාව වැටිලා ඉන්නේ කබලෙන් ළිපටය. 1970-77 සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ පුවත්පත්හි පළ වුණ රැකියා ඇබෑර්තු කියවා බලන විට යතුරු ලේඛිකාවක ලබන වැටුප රුපියල් 120කි. ඒ රුපියල් 120න් පාන් ගෙඩියට වැය වුණේ ශත 75කි. 1977 සිට 94 දක්වා එ.ජා.ප. ආණ්ඩු කාලයේ පුවත්පත්හි පළවූ රැකියා ඇබෑර්තු තීරය කියවා බලන විට යතුරු ලේඛිකාවක ලබන වැටුප රුපියල් 4,000කි. ඒ 4,000න් පාන් ගෙඩියට වැය වුණේ 5.50කි. අද පරිගණක ක්‍රියාකරවන්නියක් ලබන වැටුප රුපියල් 10,000-12,000 අතරය. 1994 සිට 2014 දක්වා වසර 20ක් තුළ පඩිය වැඩි වී ඇත්තේ 6,000ක් පමණි. හැබැයි පාන් ගෙඩිය 5.50 සිට 60 දක්වා වැඩි වී ඇත. ශත 75 පාන් ගෙඩිය රුපියල් 4.25කින් වැඩි වන විට පඩිය 120 සිට 3,880කින් වැඩි විය. රුපියල් 5.50 පාන් ගෙඩිය රපියල් 54.50කින් වැඩි වෙද්දී පඩිය වැඩි වී ඇත්තේ රුපියල් 6,000කිනි.
මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැහැ කියන්නේ ඒ නිසාය. ජේ.ආර්.ගේ ආණ්ඩුව 1980දී පාන් ගෙඩියේ මිල රුපියල් 1.35 සිට 2.16 දක්වා වැඩි කළ විට ඇත්ත පත්තරේ කතු වැකි ලියපු සිරා අපූරු කතු වැකියක් ලීවේය. එම කතු වැකියේ මුල සහ අග මෙලෙස පළ කරන්නේ අනුරාධපුරයේ ඔයාමඩුව ගමේ පවුලක් දවස් පහක් කරවිල කන්නේ බඩ ගින්නට නොව කිරි එරෙන්න යැයි කියපු ආණ්ඩුවට බඩගින්නට හඬන කරවිල කන හුදී ජනයා වෙනුවෙන් කිරි එරේවා කියා පතමින්ය.
‘මෙහෙමත් දුෂ්ටකමක්!
මුන් දැන් මිල වැඩි කරන්නේ ‘පුළුවන්නම් හෙඩින් දමාපියව්’ කියා අපටම අභියෝග කරන්නට වගේ යැයි ලාල් කීවේය. අභියෝගය පිළිගෙන කුලසිරි හෙඩිම දැමුවේය.
‘උතුමාණෙනි, දැන් .......පාන්’
රාත්තල රු. 2.16යි?
‘පාඨකයෙනි, අපේ කන්තෝරුවේ ඇතුළත කතාබහෙකින් මෙය පටන් ගත්තාට සමා වුව මැනවි. ලාලුත්, කුලසිරිත් අපේ කර්තෘ මණ්ඩලයේ සගයෝ දෙදෙනකි. පාන් රාත්තලේ මිල රුපියල් 1.35 සිට රුපියල් 2.16 දක්වා වැඩි කරන්නට යන පුවතට මැයක් යොදා ගැනීමට ඇතිවූ සාකච්ඡාවේදී ඔවුන් දෙදෙනා කී කළ හරියයි, පටන් ගැන්මේ දී දැක්වූයේ. අමාරු දේ දිරවා ගන්නට හාස්‍ය රසය උදව්වෙකි. අපට රසයක් ගෙන දුන් ඇතුළත සිද්ධියක් මෙසේ එළිපිට පළ කරන්නේ, අපේ පාඨකයනට ද වැඩි මිල පාන් දිරවනු පහසු වනු පිණිස ය.
ලාල් කීවා හරි ය. මේ ආණ්ඩුව වරින් වර පාන් මිල වැඩි කළ හැම වතාවෙක ම ‘පාන් කියා ගන්නවත් බෑ’ ‘පාන් නොකා පාන්’ ‘පුළුවන්නම් කා පාන්’ ආදී වශයෙන් අපේ නිර්මාණ ශක්තිය අන්තිමට ම හෙම්බත් වන තෙක් ම නොයෙක් ජාතියේ වයිවාරන්න හෙඩිං දැමුවෙමු. උනුත් ඇරියේ නැත. හෙඩිං දමන හැටි බලන්නටමදෝ තව තව මිල නැංවිණි.
කුලසිරි කළාත් හරි ය. පුවතට මැය යොදනවා මිස වෙන මොනවා ද? දැන්නම් ‘උතුමාණනි, ....... පාන් තමා!’
ඉවක් බවක් නැතිව හිතක් පපුවක් නැතිව, මිනිසුන් කොහොම කනවාද, කොහොම ජීවත් වෙනවා ද යනු යන්තමකට සලකන්නේ නැතුව, කඩුව අතට ගත් පිස්සකු ලෙසින් හැසිරෙමින් මේ දුෂ්ටයන් එක දිගට කපාගෙන කපාගෙන මිල ඉහළ නංවාගෙන නංවාගෙන යන විට එක් අවස්ථාවෙක කන්නේ තොපේ කැවුතු දැයි අසන්නට අපට සිදු විය. එයින් පළ වූයේ ඒ අවස්ථාවේදී නැති බැරි මිනිසා තුළ ඇති වී තිබුණු දැවෙන සාධාරණ කෝපයයි. එතැනදී මීටියාගොඩ කියන අර කහකඩයා අපට විරුද්ධව පෝස්ටරයක් ගසන්නට කැසපට ගසාගෙන ගිය හැටි අපට මතකය. දැන් අපි ආයෙත් උන් සියලු දෙනාගෙන් අසමු. තොපට නම් කන්නත් ඇත. බොන්නත් ඇත. දුප්පතා කන්නේ තොපේ කැවුතු නැත්නම් රීරි මාංස ද? ඒකටත් උත්තර දෙන්නට පෝස්ටරයක් ගසාපියවු, අධර්මිෂ්ට දුෂ්ට පාපිෂ්ට හැත්ත!
යකඩ දාච්ච ගෙයි පුළුන් හොයන්නා වගේ, සිගරැට් මිල වැඩි කිරීම ගැන අපි කතා නො කරමු. එය අත්‍යවශ්‍ය දෙයක් නොවේ.
එහෙත් දෙවියනේ: පාන් රාත්තලේ මිල එක හුස්මට සත 81කින් වැඩි කළ විට දුප්පත් මිනිසා ජීවත් වන්නේ කෙසේ ද? මෙය අමු අමුවේ ම මිනී මැරිල්ලක් නොවේ ද?
අප මේ කරුණු දැක්වූයේ මේ ආණ්ඩුව කරන දුෂ්ටකමත් ඒ හා සම්බන්ධ ප්‍රෝඩාවත් පෙන්වා දීමටය. දුෂ්ටකම, දුප්පත් මිනිසාගේ ජීවිතය ගැන අබමල් රේණුවෙක අනුකම්පාවක් නැතිව ගහන ගැහිල්ලයි. ප්‍රෝඩාව නම් මේ ආණ්ඩුවත් එහි හාම්පුතා වන ඇමෙරිකාව ප්‍රමුඛ ධනපති ලෝකයත් විසින් ඇති කොට තිබෙන ධනපති ආර්ථික අර්බුදය නොවැළැක්විය හැකි දෙයක් හෝ තෙල් මිල වැඩි කිරීම නිසා ඇති වූ දෙයක් හෝ ලෙසින් දක්වා ජනතාව මුළා කරන්නට බැලීමයි.
ආණ්ඩුව හිතන්නේ ‘අපට බලය තියෙනවා, ඒ නිසා අපට ඕනෑ දෙයක් කරනවා’ යන බලයෙන් උමතු වුණු උද්දච්ච හැඟීමෙනි. ‘පුළුවන් නම් කාපියවු - බැරිනම් මැරියවු’ කියන තාලයෙන් දුප්පතාගේ ආහාරයම මිල නංවන්නේ ඒ නිසාය. හොඳයි අපිත් බලමු. දුප්පත් මිනිසුන් නිකම්ම මැරේවිද කියා!
(1980.02.22)
උපුල් ජෝශප් ප්‍රනාන්දු

සාපේක්ෂව ගත් විට ජේ ආර් ජයවර්දන ගෙ සිට පේමදාස කාලය . සත 75 ක් වු දෙය 5. 50ක් වි තිබේ. චන්ද්‍රිකාගෙ කලයේ රුපියල් 9 ක් වු දෙය දෙන් රජපක්ශ රෙජිමයෙන් රුපියල් 60 ක් වි එත . එසේ බෙලු විට වෙඩිවි තිබෙන සාපක්ෂය රාජපක්ශගෙ කලයේ අඩුය
ReplyDelete