මෙල් ඝාතනයේ පාඩම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරය කට උඩ තිබියදී තවත් මාධ්‍යවේදිනියක මරා දැමිණි. ඒ, මෙල් ගුණසේකරය. මෙය ලසන්ත වික්රමතුංගගේ ඝාතනයට හෝ ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් කිරීමට සමාන කළ නොහැකි බව ඇත්තය. ලසන්තලාගේ, එක්නැලිගොඩලාගේ සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ ෆයිල් පුස් කද්දී, ඊට වගකිවයුත්තන් කිසිවකු සොයා ගන්නට නොහැකිව තිබියදී මෙල් ගුණසේකරගේ ඝාතකයා පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ ඝාතනයෙන් දිනකට පසුවය.
මේ වෙනස් ආකාරයේ සිද්ධීන් දෙකක් වුවද, ජාත්‍යන්තරය මේ දෙස බලන්නේ තවත් මාධ්‍යවේදියකුගේ ඝාතනයක් ලෙසටය. රටේ සිවුවැනි ආණ්ඩුවවූ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වූ තර්ජනයක් ලෙසටය. දැනටමත් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය සහ රටට එරෙහිව චෝදනා ගොනු කරන්නට බලා සිටින පාර්ශ්වයන් මෙල් ගුණසේකරගේ ඝාතනයටත් අදාළව මේ බව කියන්නේය. පොලිසිය මේ සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීම වැදගත් වන්නේ ඒ නිසාය.
පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති ආකාරයට සැකකරු මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කර ඇත්තේ රුපියල් 1,200ක් සොරා ගන්නටය. එසේ සොරාගත් මුදලින් රුපියල් 410ක් වියදම් කර මත්පැන් පානය කර ඇති සැකකරු ඉතිරිය ළඟ තබාගෙන සිට ඇත. අනෙක් අතට මාධ්‍යවේදිනියගේ ජංගම දුරකකතනයද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට දුරකතන භාවිතය ගැන දැනීමක් නොමැති නිසා එහි බැටරිය පමණක් ගලවා විසි කර ඇත. පොලිසිය අනාවරණය කරන ආකාරයට 1991 වර්ෂයේදී තලංගම ප්‍රදේශයේ සිදුකළ ගෙවල් බිඳුමකට අදාළව සැකකරු අත්හිටවූ සිරදඬුවම් ලබා ඇත.
ආරක්ෂක රැකවල් මැදින් ගොස් ජාතික කෞතුගාරය බින්ඳේ යැයි සැක කෙරෙන්නේ කන්ගැට්ටාය. ඔහු මේසන් බාස් කෙනෙකි. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ 2005 වර්ෂයේ සිට මේ දක්වා විවිධ පාර්ශ්වයන්ගෙන් මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සුළුපටු නොවේ. තර්ජනය කිරීම්, පහරදීම්, ඝාතනය කිරීම් එමටය. ඒ නිසා මෙල් ගුණසේකර මහත්මියගේ ඝාතනයට අදාළ පරීක්ෂණ විධිමත්ව සහ කඩිනම්ව සිදුකිරීම අගය කළ යුතුය.
'හැම එකටම ආණ්ඩුවට විරුද්ධව ඇඟිල්ල දික් කරනවා.'
'එතකොට මාධ්‍යවේදීන්ගේ ගෙවල්වල ප්‍රශ්නවලටත් ආණ්ඩුව පළිද?'
ආණ්ඩුව පැත්තෙන් අහන මේ ප්රශ්නය සාධාරණය. රටේ සිවුවැනි ආණ්ඩුව වුණාට, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියාට මාධ්‍යවේදීන්ගේ ගෙවල්වල ප්‍රශ්න සහ වෙනත් පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන සොරකම්, මංකොල්ලකෑම් වැනි සිද්ධීන්වලට ආණ්ඩුව වගකිව යුතු නැත.
ඒත් ජාත්‍යන්තර තලය තුළ ලංකාව මේ මොහොතේ මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමකි.
මේ මරා දැමුණේ මාධ්‍යවේදිනියක වන නිසා රටේ අවධානය සැණින් ඊට යොමු විය. රටේ දිනපතා මේ ආකාරයට මිනිස්සු මරා දැමෙති. ඒ ඇතැම් සිද්ධීන්වලට මුල්වී ඇත්තේ රුපියල් 50ක, 100ක ගනුදෙනුවකි. ඒවා සමාජ අවධානයට ලක් නොවන්නේය.
මෙල් ගුණසේකර මහත්මියගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රුපියල් 1,200ක් සොරකම් කිරීමට ගෙට පැන ඇත.
මේ ජාතියේ සිද්ධීන් හෙළිදරව් වනවාට ආණ්ඩුව බයය. දින පහක් තිස්සේ බඩගින්නට කරවිල පමණක් කෑ අම්මා කෙනෙක් සහ දරුවන්ගේ ඛේදජනක කතාව 'මව්බිම' හෙළිදරව් කළේය. ඉන්පසු ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු අදාළ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ලවා ඒ පවුලට තර්ජනය කර කතාව වෙන පැත්තකට ගෙන යන්නට උත්සාහ කළහ. තවමත් ඔවුහු ඒ උත්සාහයේ යෙදී සිටිති. ඇතැම් මාධ්‍ය හරහා 'මව්බිමේ' හෙළිදරව්ව බොරු යැයි රටට කියන්නට ප්‍රබල උත්සාහයක යෙදී සිටිති. මේ ඇත්ත වෙනස් කර ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකර දීමේ වගකීම දරන ආණ්ඩුව කටයුතු කරන්නේ මෙලෙසය.
එනම් මෙල් ගුණසේකර මහත්මියගේ ඝාතන සිද්ධියේදී ආණ්ඩුව එක පැත්තකින් පාස්ය. අනෙක් පැත්තෙන් ෆේල්ය. රේසින් කාර්වලට, කැසිනෝවලට බදු සහන දෙන රටේ රුපියල් 1,200ට මිනී මරන්නේය.
'හැම එකටම ආණ්ඩුවට චෝදනා කරනවා'යි කියන ආණ්ඩුව මීට උත්තර දිය යුතුය. විසඳුම් සෙවිය යුතුය. එසේ නොවුණහොත් යහපත් ජීවන තත්ත්වයක් නැති, දිගින්-දිගටම පීඩනයට පත් ජනතාවගේ ආතතියෙන් ජාත්‍යන්තරයට වාසි ගැනීම පහසු වන්නේය. මේ ඝාතනයෙන්වත් ඒ පාඩම උගත යුතුය.
mawbima -

No comments