රටේ ජනතාව බඩගින්නේ ඉන්නවාට දේශපාලකයන් කැමැතිය
රටේ ජනතාව බඩගින්නේ ඉන්නවාට දේශපාලකයන් කැමැතිය. ඒ ජනතාව එක්ක තියෙන තරහකට නොවේ. හාමතේ ඉන්න මිනිසුන්ට රටේ ප්‍රශ්න ගැන හිතන්නට ඉඩක් නැති නිසාය. ඔවුන්ගේ ඔළුවේ වැඩ කරන්නේ බඩගින්න නිවා ගන්නේ කොහොමද කියන එක ගැන විතරය. හාමතේ සිටින ළමයින්ගේ බඩගින්න නිවන්නේ කොහොමද කියන එක ගැනය. 'අම්මේ බඩගිනියි' කියා අඬන දරුවන්ට වහ බොන්න දෙන්නට හිතෙන්නේ ඒ නිසාය.
ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව ඔවුන්ට අදාළ නැත. යුද අපරාධ කියා එකක් ගැන ඔවුන් දන්නේ නැත. තමන්ට වේල් තුන බඩ පුරවා ගන්නට නොලැබෙන බව පමණි, ඔවුන් දන්නේ. එමඟින් පුරවැසියකු ලෙස තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බව නම් ඔවුන් දන්නේය. ඒත් ඊට එරෙහිව ශේර්ෂ්ඨාධිකරණයට යා හැකි බව ඔවුන් දන්නේ නැත.
ජනතාවගේ මේ නොදන්නාකමට දේශපාලකයන් හරිම කැමැතිය. ඔවුන්ට 'කට පාඩම්' අධ්‍යාපනයක් ලබා දී, දූපත් මානසිකත්වයකට හුරු කිරීමය, දේශපාලකයන්ගේ අරමුණ වී ඇත්තේ. ජිනීවා ගැන හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන හෝ නොතේරෙන මොනවා හරි කියවා ජනතාව ගොනාට අන්දවා රටේ ප්‍රශ්න යට ගැසීම දේශපාලකයන්ට වාසි සහගතය. ඇතැම් කේවට්ටයන් උගුර කඩාගෙන වේදිකා දෙවනත් කරන්නේ ඒ සඳහාය.
මේ නිසාම බඩගින්න ගැන ලියැවෙන පෑන්වලට දේශපාලකයන් පණ බය ය. බඩගින්නට කරවිල කෑ අම්මාගේ කතාව කණපිට ගසන්නට උතුරු මැද පළාතේ දේශපාලකයකු දත කෑවේ ඒ නිසාය. වරදාන වරප්‍රසාදවලට ගිජු කමින් 'බඩගින්න' තහනම් වචනය කරගෙන ලියන මාධ්‍ය මහත්තුරුන් ඒ දේශපාලකයන්ගේ වීරයන්ය. 'මව්බිම' ඔවුන්ගේ ද්‍රෝහියෙක්ය.
ඒත් මහ පොළොවේ පය ගසා සිටින ජනතාවගේ හදගැස්ම හඳුනන මිනිස්සු 'මව්බිම' වටා රොක් වී සිටිති.
'අම්මේ බඩගිනියි කියා දරුවන් අඬනකොට දරුවන්ට වහ දීලා මටත් වහ බොන්න හිතෙනවා.'
'කන්න නැති නිසා දරුවන් සතියක් ඉස්කෝලෙ ගියෙ නෑ.'
'සමෘද්ධි ආධාර ලැබුණාට ඒක කන්න මදි.'
පසුගිය 18 වැනිදා 'මව්බිම' මෙලෙස හෙළිදරව් කෙළේ නියඟය නිසා අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව, කණුගහවැව, ජනතාව විඳින දුකය. මාතලේ, මහරගම ජනතාව 'මව්බිම' හෙළිදරව්වෙන් පසු මේ දුක් විඳින මිනිසුන්ගේ බඩගින්න නිවන්නට ගියහ.
'මව්බිම' පත්තරෙන් තමයි, අපි මේ මිනිස්සු විඳින දුක දැක්කේ.'
දුක හඳුනන මිනිසුන් එසේ කියන විට, දුක් විඳින මිනිසුන් මෙසේ කියන බව ඊයේ (26දා) 'මව්බිම' මෙසේ පළ කෙළේය.
'බත් ඇටයක්වත් කන්න නැතිව දරුවන් බඩගින්නේ තියාගෙන හිටියා. කියන්න කවුරුවත් නෑ. අපි ඒක හිතේ හංගගෙන හිටියා. නිලධාරි මහත්තුරුන්ට කිව්වට වැඩක් වුණේ නෑ. අපි දිහා බැලුවෙ නෑ. අපේ බඩගින්න අඳුනගත්තෙ නෑ. අපේ බඩගින්න දැනුණෙ 'මව්බිම'ට විතරයි.
'මව්බිමේ' හෙළිදරව්වෙන් පසු බඩගින්නට කරවිල කෑ අම්මා සහ දරුවන් හතර දෙනා බලන්නට දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් ගියා සේ, කැබිතිගොල්ලෑවද රජයේ නිලධාරීන්ගෙන් පිරී ගියේය. කනගාටුවට කරුණ නම් ඔවුන්ගෙන් බහුතරය මේ හාමත් මිනිසුන් බලන්නට යන්නේ දැන්වත් තමන්ගේ රාජකාරිය ඉටු කරන්නට නොව, 'බඩගිනියි කියා පත්තරවලට කීම මේ රටේ තහනම්' බව කියන්නටය. එසේ කියා 'මව්බිම' බොරු ලියන බව කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ රටට කියන්නටය.
'මාධ්‍යවේදියා පෑන හැසිරවිය යුත්තේ සැප විඳින මිනිසුන්ගේ සැප ගැන ලියන්නට නොව, දුක් විඳින මිනිසුන්ගේ දුක ගැන ලියන්නටය. ඔවුන්ගේ බඩගින්න නිවන්නටය. 'මව්බිම' මහ පොළාවේ සිටගෙන ඒ වගකීම ඉටු කරමින් සිටී. ඒ අතරේ අහසේ සිට තැළෙන, පොඩිවෙන පීඩිත ජනතාව දෙස බලා සිටින දේශපාලකයන්ටත් ඔවුන්ගේ වරදාන වරප්‍රසාදවලට ගිජු කමින් පෑන හසුරුවන මහත්වරුන්ටත් මෙසේ කියමු.
හාමත් ජනතාව මැරෙන්නට පෙර අවසන් මොහොතේ හෝ ඇත්ත තේරුම් ගන්නේය. එවිට ලේ සාගරයක ගිල්වා හෝ ඇත්ත මරා දැමිය නොහැකිය.
mawbima -

No comments