Face Book ඛේදවාචකය (ලෙඩා වූ කලී ඩෙංගු මදුරුවා නොව මනුස්සයා ය.)
ඩෙංගු මදුරුවා යනු ලෙඩෙක් නොවේ. ඌ රෝග වාහකයා පමණි. ලෙඩා මනුස්සයා ය. තාක්ෂණය යනු ලෙඩක් නොවේ. එය රෝග වාහකයා පමණි. ලෙඩා මනුස්සයා ය. Face Book (ෙµaස් බුක්) යනු ලෙඩෙක් නොවේ. ලෙඩ වාහකයකු පමණි. ලෙඩා මනුස්සයා ය.
කුරුණෑගල මිශ්‍ර පාසලක 10 වැනි පන්තියේ උගත් සුරූපී දැරියක් Face Book වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයක් නිසා ඉකුත්දා සියදිවි නසා ගත්තාය. ඇය සිය පෙම්වතා හෝ වෙනත් තරුණයකු සමඟ සිටි පින්තූරයක් එහි පළ විය. මේ පින්තූරය දැරිය විසින් කල් තබාම ඉවත් කරගෙන තිබූ නමුත් Face Book ගිණුම් හිමියන් පමණක් දන්නා තාක්ෂණික හේතුවක් නිසා අන්තර්ජාලයෙන් නැවත නැවතත් මතු විය. තම පාසලේ සිසුවියක් පෙම්වතා සමඟ අන්තර්ජාලයෙන් මතුවීම නිසා කලබලයට පත් ඇය උගත් පාසලේ විදුහල්පතිතුමා ඇයට අවවාද කර වැඩිදුර පරීක්ෂණ සඳහා පියා කැඳවා ගෙන එන ලෙස සිසුවියට දන්වා ඇත. ගෙදර ගිය සිසුවිය ඉන්දියානු චිත්‍රපටවල තිබෙන ක්‍රමයට අනුව සාරියකින් ගෙල වැලලාගෙන මිය ගියා ය.
මේ සිද්ධියේ වරදකරු කවුද? Face Book හෙවත් තාක්ෂණයද? සිසුවිය ද? විදුහල්පතිද? මේ කිසිවෙක් මේ සම්බන්ධයෙන් වැරදිකරු බව අපට නො හැඟේ. එසේ නම් මෙයට වැරදිකරු සාරිය යෑයි කෙනකු කීමට ඉඩ තිබේ. අපට පෙනෙන කාරණය නම් මෙහි වරද තිබෙන්නේ සමාජය විසින් ප්‍රශ්න දකිනු ලබන ආකාරය තුළ බව ය. ගෝලීය සමාජයට රාජ්‍යය විසින් ඉඩ දෙනු ලැබ තිබේ. එම ඉඩදීම සිදුවූයේ අද ඊයේ නොව 1977 සිට ය. තාක්ෂණය රට තුළට එන්නේ ඒ හරහා ය. මෙය තලේබාන් සංවිධානය විsසින් පාලනය කරනු ලබන ඇµaගනිස්ථානය වැනි මුල්ලාවරුන්ගේ රාජ්‍යයක් නොවේ. දැරිය Face Book සමාජ ජාලයේ පෙනී සිටීම ගැන විදුහල්පතිතුමා කෝපයට පත් වන්නට ඇත්තේ එතුමාගේ සමාජ දැනුමෙහි සහ තාක්ෂණ දැනුමෙහි වූ අඩුපාඩුවක් නිසා විය යුතුය. අන්තර්ජාලයට නිකම්වත් ඇඟිල්ල එබීමට දැන සිටින කෙනකුට Face Book යනු පුංචි සෙල්ලමකි. නූතන අන්තර්ජාලය තුළ Online Gamblins හෙවත් අන්තර්ජාලය හරහාම ක්‍රෙඩිට් කාඩ් මගින් සෙල්ලම් කළ හැකි කැසිනෝ සූදු ක්‍රීඩා තිබේ. එසේම අද අන්තර්ජාලය හරහා ගුවන් යානාවේ පටන් ගණිකාව දක්වා සියලු දේ පෙර කී ක්‍රෙඩිට් කාඩ් මගින්ම මිල දී ගත හැකි ය. නිමක් නැති, විවේකයක් නැති කාම චිත්‍රපට ලක්ෂ ගණනක් අන්තර්ජාලය හරහා නොමිලේ බැලිය හැකි ය. ලියවන පට්ටල් වැනි මේ චිත්‍රපට බලන එකා මොලේ නැතිව වැඩ කළොත් ඒකාට හැදෙන සමාජ රෝගයෙහි නම පවා සොයා ගැනීමට බැරි ය.
Face Book යනු සර්ව සාධාරණ භාණ්ඩයක් යෑයි අපි නිකමටවත් නො කියමු. දැනට පෙනෙන හැටියට එය මනුෂ්‍ය සංහතියේ සදාචාරය විනාශ කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන දහසක් දෙයින් එකකි. එහෙත් පරෙස්සමින් පරිහරණය කළොත් අධ්‍යාපනය හා වෙනත් උසස් දැනුම් සම්භාරයක් එයින් ලබා ගත හැකිය. හරක් අං මදින්නාක් මෙන් ඉවක් බවක් නැතිව කටයුතු කළොත් Face Book පමණක් නොව ඕනෑම පොතක් මගින් ජීවිත හානි විය හැකිය. එක් උදාහරණයක් කියමු. මෙයට වසරකට පමණ පෙර විවාහ වූ වෛද්‍ය යුවළක් ස්වයංක්‍රීය කැමරාවක් මගින් සිය මධුසමයේ අවස්ථා ඡායාරූපගත කළහ. ඒවා වැඩිහිටියන්ට පමණක් උචිත වූ ඉතා දරුණු ඡායාරූප ය. කෙසේ හෝ මේ පින්තූර සියල්ලම තුන්වැනි පාර්ශ්වයක් අතට ගිය අතර එකී රකුසා මේ පින්තූර අන්තර්ජාලයට මුදා හැරියේ ය. අන්තිමට ලක්ෂ ගණනක් දෙනා දොස්තර යුවළගේ මධුසමය දැක බලා ගත් අතර සමාජයට මුහුණ දී ගත නො හැකිව ඔවුහු රට අත්හැර පිටරට පදිංචියට ගියහ.
divaina -

facebook ඛේදවාචකයක් වෙන්නේ එක නොදැනුවත්කමින් පාවිච්චි කරන්නට ගිය විටය. දැනුවත්ව පාවිච්චි කරන කෙනාට එය වරෙක විනෝද සාගරයකි, දැනුම් ගබඩාවකි, වෙළඳ පොළකි, ප්රේක්ෂකාගාරයකි. පිහියකින් එළවලු කැපිය හැකිය. මාළු කැපිය හැකිය. එමෙන්ම මිනිසෙකුවද කැපිය හැකිය. එත් මිනිස්සුන්ව කපන පුළුවන් කියල පිහි පාවිච්චිය නවත්තන්න ඕනා නෑ. ඒ වගේ තමයි දැන් තියෙන තාක්ෂනය බුද්ධිමත් ව පාවිච්චි කරන්න මිනිසුන් වන අපි දන ගන්න ඕන. එහෙම බැරි නම් ඒ දේවල් පාවිච්චි නොකර ඉන්න ඕන.තාම අපේ රටේ ගොඩ දෙනෙක් හිතන්නේ facebook කියන්නේ love කරන්න, චැට් කරන්න, වල පින්තූර බලන්න හදපු මොකක්හරි කොම්පියුටර් ජිල්මාට් එකක් කියල. ඔතන තමා පොට වැරැද්ද ගෙන තියෙන තැන.
ReplyDelete