දියණියගේ කන්‍යාභාවය ගැන වාර්තා ලබා ගන්නා සමාජ බේදවාචකය
ෆේස් බුක් (මුහුණු පොතේ) හි ඡායාරූපයක් පළවීම හේතුවෙන් පාසලේ විදුහල්පතිවරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදීම නිසා මහත්සේ සිත් තැවුලට පත් 15 හැවිරිදි සිසුවියක් සියදිවි නසා ගැනීම සමාජය තුළ මහත් කම්පාවක්, තිගැස්සීමක් හා කලකිරීමක් ඇති කරන්නට මේ වනවිට සමත් වී තිබේ.
මියගිය දැරියගේ පාර්ශ්වය ඉල්ලා සිටින්නේ සාධාරණත්වයයි. ඔවුන් සාධාරණත්වය ඉල්ලා සිටින්නේ අහිංසක මිනිසුන් වන බැවින්ය.
පාතාලයේ මැරයෙක්ගේ දරුවෙක්ට හෝ දේශපාලකයෙක්ගේ, ව්‍යාපාරිකයෙක්ගේ දරුවෙක්ට මෙවන් විපතක් ඇති වුණි නම් ඔවුන් කවුරුන්වත් සිද්ධියේ වගකිව යුතු යැයි සැක කරන පාර්ශ්වයන්ට එරෙහිව බඩගින්නේ උපවාස (මාරාන්තික උපවාස) කරන්නට යන්නේ නැත. ඒ වෙනුවට ගන්නා ක්‍රියා මාර්ග සමාජය අනුමත නොකරන නමුත් වල් වැදුණ, බූරු නීතියක් හමුවේ රටේ බහුලව සිදුවන්නේ අවනීතිය සිදු වීමයි. ඒ හේතුවෙන් මේ වනවිට බොහෝ දේ සිදුවී තිබෙන්නට පිළිවන. නමුත් මියගිය වෙනූෂා ඉමන්දි දැරියගේ දෙමව්පියන්ට සිදුවී ඇත්තේ “අපගේ දරුවා වෙනුවෙන් සාධාරණය ඉටුකර දෙන්න” යැයි කියමින් මහ පාරවල ලඟින්නටය.
දැරිය මියයන්නට ප්‍රථම සිය අත් අකුරින් ලිපියක් ද ලියා අවසන් ගමන් ගොස් ඇත. මෙම ලිපිය ඔස්සේ අනාවරණය වන කාරණා සුළු කොට තැකිය හැකි නොවේ. එහෙත් නීතිය, දරුවන් හා කාන්තා අයිතිවාසිකම් ගැන විච්චූරණ කතා කියන සංවිධාන හා දරුවන් වෙනුවෙන් පෙනීසිටින රාජ්‍ය ආයතන තවමත් පසුවන්නේ කසාය බිපු ගොලුවන් වාගේය. කිසිම කෙනෙක් පැහැදිලි පිළිතුරක් නොදීම ගැටලුවක් පමණක් නොව, එය අනෙක් පාර්ශ්වයේ තිබෙන බලපුළුවන් කාරකමද සංකේතවත් කරවයි.
තමන් සියදිවි නසා ගන්නේ පාසලේ විදුහල්පතිවරයා දිගින් දිගටම කළ දෝෂාරෝපණ, අසභ්‍ය වචනයෙන් බැණ වැදීම, සිසුන් 5000ක් පමණ ඉදිරියේ වේදිකාවට නංවා ආත්ම ගෞරවය කුඩු පට්ටම් වන ලෙස කළ චෝදනා හේතුවෙන් යැයි මෙම දැරිය සිය අත් අකුරින් පුන පුනා ලියා තිබේ. මෙබඳු ළාබාල දැරියක් අනියම් මරණයකට ලක් වූයේ මෙම චෝදනා හේතුවෙන් බව සමාජය මේ වනවිට තර්කයක් නගා අවසන්ය. එම තර්කය නීතිය පණ ගන්වන්නට ප්‍රමාණවත්ද ? නැද්ද යන්න මෙහිදී නැගෙන කුතුහලය දනවන ප්‍රශ්නයයි. මරණාසන්නයෙන් සිටින පුද්ගලයෙක් ලබා දුන් කට උත්තර පදනම් කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථා බොහෝය. මෙයත් ඒ හා සමාන අවස්ථාවක් නොවේදැයි රටේ ජනතාව ප්‍රශ්න කරයි. දැරිය සිය ලිපියෙන් නගන චෝදනා සම්බන්ධයෙන් 11 වැනිදා උදෑසන 10 වනවිටත් පොලීසිය කටඋත්තරයක් සටහන්් කර ගෙන නැත. ඇය මියගියේ ඉකුත් 05 වැනිදාය. මෙයින් ගම්‍ය වන්නේ වෙනූෂා ඉමන්දිගේ සියදිවි නසා ගැනීම හුදෙක් ඇගේ අභිමතය මත පමණක් සිදු වූ සිද්ධියක් යැයි කියන්නට කවුරුන්ට හෝ තිබෙන උවමනාවක්ද ?
දැරියගේ ලිපිය, එහි අත් අකුරු සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් මේ දක්වා සිදු වී නැත. ඒ ගැන නීතිය කරවන කාටවත් උවමනාවක් නැතැයි පෙනේ. එවැන්නක් සිදුවන බවක් අඟහරුවාදා (11) දහවල් වන විටත් අපට දැන ගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ විපතට පත් පාර්ශ්වය නළවන්නට සූදානම් වන බොළද, දියාරු උත්සාහදැරීම බව නොකියාම බැරිය. ඒවායෙන් සෑහීමකට පත් කරවන්නට දැරියගේ මවුපියන් එකඟ කරවා ගැනීම මෙහි තිබෙන තවත් කුමන්ත්‍රණයකි.
මෙය කියවන ඔබ පියෙක් හෝ මවක් විය හැක. ඔබගේ දියණියට එල්ල කරන අසභ්‍ය චෝදනා හේතුවෙන් ඇය සියදිවි නසා ගතහොත් ඉන් ඔබගේ හදවතේ නැගෙන වේදනාව අමුතුවෙන් විස්තර කර දිය යුතු නොවේ. නමුත් මියගිය සිය දරුවාගේ පිරිසිදු බව ඔප්පු කරන්නට ඇගේ කන්‍යාභාවය
පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටින්නට පියෙකුට හෝ මවකට සිදුවීම මොන තරම් කටුක, කර්කශ අත්දැකීමක් වනු ඇද්ද ?
සියදිවි නසාගත් වෙනූෂා ඉමන්දි බණ්ඩාර දැරියගේ මවුපියන්ට සිදු වී ඇත්තේ එතරම් දුක්බර අත්දැකීමකට මුහුණ දීමටය. විදුහල්පතිවරයා ගේ අසභ්‍ය චෝදනාවලින් සිය දියණිය මොන තරම් සිත් වේදනා විඳින්නට ඇතිදැයි දැරියගේ පියා මට පැවසුවේය. සිය දියණිය මියගොස් ඇත්තේ කන්‍යාවියක් වශයෙන් යැයි පැවසූ ඒ පියා විදුහල්පතිවරයා ඒ ගැන කියන්නේ මොනවාදැයි ප්‍රශ්න කළේය.
අනෙක් පැත්තෙන් විදුහල්පතිවරයා බුද්ධිමත් අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු නම් මෙසේ හැසිරීම එවැනි තරාතිරමකට කිසිසේත්ම සුදුසු නොවේ. පාසල් දරු දැරියන් අතින් විවිධ වැරැදි සිදුවෙයි. විශේෂයෙන් යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් අතරේ ආදර හැඟුම්, ආදර හසුන් බොහෝය. විදුහල්පතීන් ගුරුවර ගුරුවරියන් වන්නේ ද එම කඩ ඉම පැන පැමිණි පුද්ගලයන්මයි. දරුවන්ගේ වැරැදි අඩුපාඩු ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානි නොසිදුවන ලෙස සකස් කිරීම පාසල තුළ පැවැතිය යුතු සදාචාරයයි. එසේ නැතිව දරුවන්ට අසභ්‍ය වචනවලින් බැණ වැදීම නොවේ. මෙම සිද්ධිය පිළිබඳ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාට අප කතා කළේ විපතට පත් පාර්ශ්වය සනසාලන්නට ගත හැකි පියවර විමසා සිටින්නටය. ඔහුද පියෙකි. නමුත් දේශපාලනඥකුගෙන් දේශපාලන
පිළිතුරක් මිස සාධාරණත්වයක් ඉෂ්ට වේ යැයි මම දැන් කල්පනා නොකරමි. ඔහුගේ පිළිතුර වන්නේ “විදුහල්පතිවරයාගේ හොඳ කියන කණ්ඩායමක්ද සිටින බැවින් ප්‍රවේශමින් පියවරක් ගත යුතු බව“ කි. ඉන් පෙනෙන්නේ ‘වඩා බර’ විදුහල්පතිවරයාගේ පැත්ත බවයි.
රටේ පවතින්නෙ මෙබඳු දේශපාලන, පරිපාලන, නීති ක්‍රමයකි. තමන්ගේ පැවැත්ම, වාසිය උදෙසා නිදා වැටෙන නීතිය, පරිපාලනය හා දේශපාලනයට පොලු පහරදී අවදි කරවා එකම නීතියක්, සමාජ සාධාරණත්වයක් වෙනුවෙන් මොවුන් පෙළගස්වන්නට හැකි වූ දාට වෙනූෂා ඉමන්දි වැනි දැරියන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු නොවනු ඇත.
අනුර හොරේෂස් -
වෙනූෂාට දිවි එපා කළ වරදරුවෝ කවරහුද?
අප මේ සිදුවීම පිළිබඳව ගිහි පැවිදි විද්වතුන්ගෙන් විමසා බැලීමක් කළෙමු.
දරුවන්ට අවවාද දෙන ක්‍රම ගැන වැඩිහිටියන් මීට වඩා සිතිය යුතුයි
- රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි
ලංකාවේ සිය දිවි නසා ගැනීම් වල ප්‍රවණතාවයක් වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඒවාට විවිධ හේතූන් තියෙනවා. පසුගියදා පාසල් දරුවෙක් දිවි නසා ගත් පුවතක් අපි දැක්කා. ඊට ආසන්නම හේතුව විදුහල්පති තර්ජනාත්මක ස්වරයෙන් අවවාද කිරීම බව එම සිසුවිය ලියා තිබූ ලිපියෙන් අපි දැක්ක. ගැටලුව වෙලා තියෙන්නේ ඇතැම් අවස්ථාවක දරුවෝ යම් වරදක් කළාම එය පැහැදිලි කර දීමේ ක්‍රම වේදයක් තියෙනවා. එසේ නොවුණොත් දරුවන්ගේ හිත් බිඳිලා රිදවීම් ඇති වෙලා දරා ගන්නට බැරි වන්නට පුළුවන්, පාසල් ගුරුවරයාට ලොකු වගකීමකින් කටයුතු කරන්නට සිදු වෙනවා. පසු ගියදා වූ සිදුවීමට විදුහල්පති අවවාද කිරීම එකම හේතුව නොවුවත් ආසන්නම හේතුව වන්නට පුළුවන්. අද අධ්‍යාපනය ක්‍ෂේත්‍රය තුළ ගුණාත්මක අඩුවක් පෙනෙන්නට තිබෙනවා. මේ ඒ ගැන හිතන්නට කාලයයි. මෙවැනි දේ මතුවට සිදු නොවන විධියට සංශෝධනය කළ යුතුයි. කලාවෙන්, සාහිත්‍යයෙන් පෝෂණය වුණ පැරණි අධ්‍යාපන ක්‍රමය අද නැහැ. බුදුදහමේ අභාෂයෙන් ලත් සන්දර්භය තුළ පුංචි දරුවන් හැදීමේ අධ්‍යාපන ක්‍රමයක් එදා තිබුණේ. එය අද හාත්පසින්ම වෙනස් වෙලා. යම් අවවාදයක් දුන්නම එය විඳ දරා ගන්න විදිය දරුවනුත් අවවාද දෙන ක්‍රමය පිළිබඳව ගුරුවරු, දෙමවුපිය, වැඩිහිටි සැමත් මීට වඩා සිතන්නට කාලය එළැඹ තිබෙනවා.
විදුහල්පතිවරයකුට පොලිස් නිලධාරියකු ලෙස හැසිරෙන්න බැහැ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
අද ඇතැමෙක් ටචජඥ බුක් කියන දේ වැරදියට තේරුම් ගත්තට එය ලොව දියුණුම පණිවුඩ හුවමාරු කර ගැනීමේ විධි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි. අද ඕනෑම ළමයෙකුට පවා තම ජංගම දුරකතනයෙන් වුවද ෆේස් බුක් ගිණුමක් සදා ගත හැකියි. එසේ වටපිටාවක් හැදිලා තියෙද්දී ඇයි අපට මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අසන්නට ලැබෙන්නේ. එහෙනම් අවුරුදු දහඅටට අඩු ළමයින්ට මේ දේ කරන්න බැහැ කියල නීති හදන්න ඕන. මෙය රජයටවත් පාලනය කරන්න බැහැ. විශේෂයෙන් සිසුවකුට වගේ මෙවැනි දේ පාවිච්චි කිරීමේ ක්‍රම වේදයයි කියා දිය යුතු වන්නේ. ටයි පටිය පැළඳ ගෙන පින්තූරයක් දැම්ම කියල ප්‍රශ්නයක් නමෛයි.
මෙම සිසුවිය සිය දිවි නසා ගැනීමේ සිදුවීමේදී අප දෙපැත්තම දකිනවා. මේ පළමුවැනි සිදුවීමත් නොවෙයි. විදුහල්පතිවරයෙක් අවවාද දීමේදී පොලිස් නිලධාරියකු වගේ කටයුතු කරන්නට යන්න බැහැ. අද සාමාන්‍ය දෙයක් ෆේස් බුක් ගිණුමක් හදා ගන්න එක. ඒවාට වටපිටාව හැදිලා තියෙනවා. මෙවැනි සිදුවීමකදී සිසු, සිසුවියනට බොහොම ආදරයෙන් කිව යුතු වනවා. උපදේශනය තමයි වැදගත් වන්නේ.
“මමයි රජා” සංකල්පයෙන් ප්‍රශ්න විසඳන්න බැහැ
මහනුවර ගලගෙදර සිද්ධාර්ථොදය පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමි
අපි හැමෝම වග කිවයුතු විදියට සමාජයේ ජීවත් වන ඇතැම් විට ආයතන ප්‍රධානීන් තවත් විටෙක ආගමික නායකයන් එහෙමත් නැත්නම් වෙනත් ප්‍රධානීන් වෙන්න පුළුවන්. හැබැයි ඔය කිසිම කෙනෙක් පොතේ දැනුම විතරක් භාවිතා කර ගෙන එහෙමත් නැත්නම් අම්මගෙන් තාත්තාගෙන් උරුම වුණ සාම්ප්‍රදායික ගති ලක්ෂණ එහෙමත් නැත්නම් ඔලමේට්ටලකම් භාවිතා කර ගෙන තමා නියෝජනය කරන තැන පාලනය කරන්නට මෙහෙයවන්නට ගියොත් මේ සමාජයට සිද්ධ වන සදාකාලික ව්‍යසනය සක්විති රජෙකුටවත් නිවැරදි කරන්න බැහැ කියන එක මුලින්ම අවබෝධ කර ගත යුතුයි.
පසුගිය දිනක අපි දැක්කා විදුහල්පතිවරයකුගේ මෝල්ගස් නුවන ගැන හරි අපූරු කතාපුවතක්. දියණියක් සිය දිවි නසා ගෙන ජීවිතයෙන් සමුගන්නට තරම් විතරක් නමෛයි අතීසාරයට අමුඩ ගසන්නට වගේ අංගවිකල තීරණ අරගෙන මුළු ළමා ලෝකයම නව යොවුන් තරුණ ලෝකයම අංගවිකල මන්දමානසික විතරක් නමෛයි මමයි රජා සංකල්පයෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් ඉතිහාසයේ නිවැරදි කළ නොහැකි තරමේ ඛිෙදවාචකයකට නව යෞවනත්වය පත් කරනු අපි පන්සලේ ඉඳන් දැක්ක. ගිහි සමාජයේ ක්‍රියාකාරකම් විහාර මළුවේ වාඩි වෙලා ඒ දෙස බලන් ඉන්න කොට අපි දකින්නේ හිතන්නේ මෙහෙමයි. විදුහල්පති කමක් දිය යුත්තේ එම අසුනේ වැඩි විය යුත්තේ පොතේ දැනුමෙන් විෂයානුබද්ධ දැනුමෙන් උගතකු වූ පමණක් නොව ජීවිත පරිඥානය සමාජ පරිඥානයෙන් පරිපූර්ණ වූවකු පමණක් නොව ලේ කිරි බිව්වේ කුලී පදනම මතද කියල හොයල බලලයි. නව යොවුන් විය නව යොවුන් වියේ කෙලි කවට සිනා නොදුටු නොවිඳි මූකලන් බස්සන්ට ලොකු ලොකුපුටු දුන්නම මේ වගේ ව්‍යසන වීම අරුමයක් නමෛයි. අවසන් වශයෙන් කිව යුතු දෙයක් තියෙනවා. ගමේ පන්සලේ විහාරාධිපති පරිවේනාධිපති, ග්‍රාම නිලධාරී, විදුහල්පති විතරක් නමෛයි. රටේ නායකයෝ වුණත් ඒ ඒ වයස්වල දරුවන්ගේ මනෝභාවයන් හඳුනා නොගෙන පුටුවේ වාඩි නොවුණොත් සිදුවන්නේ වෙන මොනවත් නමෛයි. රිළවට රජ්ජුරුවෝ බලාගන්න රන් අසිපත අතට දුන්න වගේ වැඩ විතරයි.
පෞද්ගලිකව අවවාද කළා නම් මෙවැනි විපතක් සිදුවන්නේ නැහැ
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ඕනෑගම උපාලි හිමි
අද අප ජීවත් වන්නේ වඩාත් පුළුල් වූ සංකීර්ණ සමාජයක් තුළයි. තාක්ෂණය ඉතා දියුණු යුගයක පාසල් සිසු සිසුවියන් පවා අද එහි ඉදිරියෙන්ම සිටිනවා. එම තාක්ෂණය ඉතාම සිහි කල්පනාවෙන් භාවිතා කළ යුතු සේම ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමද දෙමව්පිය, වැඩිහිටි, ගුරුවර අප සැමගේ වගකීමක්, සිසුවෙක් හෝ සිසුවියක් යම් වරද්දක් කරලා තියෙනවා නම් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවාට වඩා එම දරුවාව පෞද්ගලිකව ගෙන අවවාද කරනවා නම් හොඳයි. නැත්නම් ඔහුට හෝ ඇයට මානසික වශයෙන් ව්‍යාකූලතාවක් ඇති වන්නට පුළුවන්. එවැනි අවාසනාවන්ත සිදුවීමක් තමයි අපිට පසුගියදා අසන්නට ලැබුණේ. ගුරුවරුන්, දෙමවුපියන් වැඩිහිටියන් දරුවකුට යම් අවවාදයක් දෙන්නේ වරදකට නොව බොහොම සද්භාවයෙන්, දරු දැරියන්ව යහමගට ගැනීමටම බව ඔවුන් තේරුම් ගත යුතුය. ඒ වගේම ගුරුවරු, වැඩිහිටි, දෙමවුපියන් ද දරු දැරියන්ට අවවාද දීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සිතාබැලිය යුතුවම තිබෙනවා. එහෙයින් අද සමාජයේ සිසු සිසුවියන් සේම දෙමව්පිය, ගුරුවරු, වැඩිහිටි සෑම සියලු දෙනාම වඩාත් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු සිද්ධ කිරීමේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ කාලය එළැඹ ඇති බව සිහිපත් කළ යුතුයි.
වැඩිහිටි සමාජය දරුවන්ට ජීවිත වටිනාකම කියා දිය යුතුයි
කැකිරාව අලගොල්ලෑව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පති ඩේමියන් පෙරේරා පියතුමා
මෙම සිදුවීමේදී කවුද හරි කවුද වැරදි කියල කතා කරනවා. මෙහිදී වෙනින් විදියකට හිතුවොත් වැඩිහිටි සමාජය දරුවන්ට ජීවිතය පිළිබඳව දීල තියෙන වටිනාකම ගැන සිතන්නට වෙනවා. ජීවිතයේ හොඳ සහ නරක අවස්ථාවන්හිදී තීරණ ගන්නේ කොහොමද කියල ඔවුන්ට කියා දිය යුතුයි. මේ පිළිබඳ වැඩිහිටි සමාජය දරුවන්ට දීල තියෙන ආදර්ශ පිළිබඳ සොයා බැලිය යුතුයි. එවැනි පූර්වාදර්ශයන් ගන්න දරුවා තමන්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් එනකොට එය අශුභවාදීව තමයි දකින්නේ. විවිධ සිදුවීම් වලදී කෙටි කාලීන උත්තර තමයි සොයන්නේ.
පිරිසක් ඉදිරියේ දරුවන්ට පරිභව කිරීම සුදුසු නෑ
ඥානාර්ථ ප්‍රදීපය කර්තෘ ශාන්ත සාගර හෙට්ටි ආරච්චි පියතුමා
මේ සිදුවීමේ දෙපැත්තක් තිබෙනවා. විශේෂයෙන් පවුලේ මවුපියන් අතර අසමගිය දරුවන්ට මානසිකව බලපැම් කරන බව කවුරුත් අවබෝධ කර ගැනීම වැදගත්. දරුවෙකුට මොන සැප සම්පත් දුන්නත් වැඩක් නැහැ ආදරය කරුණා දෙන්න බැරිනම්. කලකිරීමකින් සිටින දරුවෙකුට තම සමකාලීනයින් ඉදිරිපිට පරිභව කිරීම නිසා මේ දරුවා තව තවත් කම්පනයට පත්ව තිබෙනවා. වැඩිහිටි සමාජය තවමත් අප් දරුවන්ව තේරුම් අරගෙන නැහැ.
මේ අහිංසක ජිවිතය නැති වුණේ මොන හේතුව මත වුවත් මව පියා විදුහල්පතිවරයා ආදී වැඩිහිටි පාර්ශ්වයන් දරුවා තේරුම් ගත්තා නම් අදත් ඒ දරුවා ජිවතුන් අතර.දරුවන්ට දැඩි දඬුවම් දෙනවා වෙනුවට මානසික ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන පරිසරයක් ඇති කළ යුතුයි.
දරුවන් නිසි මගට ගන්න දඬුවම් පැමිණවීමෙන් බැහැ
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක මහත්මිය
දරුවන් නිසි මගට ගත හැක්කේ වාචිකව හෝ ශාරීරිකව දඬුවම් පැමිණවීමෙන් නොව දරුවා වැරදි මගක යන්නේ නම් උපදේශන සේවාවකට යොමු කිරීමෙන් බවත් එසේ කිරීම වැඩිහිටියන්ගේ වගකීමයි.
“දරුවන් නිසි මගට ගත හැක්කේ වාචිකව හෝ ශාරීරිකව දඬුවම් පැමිණවීමෙන්වත් පිරිසක් ඉදිරියේ දරුවාට බැණ වැදීමකින්වත් නොවෙයි. දරුවෙකු වැරදි මගක යන්නේ නම්, ඔහුව හෝ ඇයව උපදේශන සේවාවකට හෝ යොමු කර නිසි මගට ගැනීම වැඩිහිටියන්ගේ වගකීමයි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වූ පසු එකී සිද්ධීන් ගැන කතා කිරීමට වඩා එවැන්නක් යළි නොවීමට සියලුදෙනා වග බලා ගත යුතු වෙනවා. මීට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ලෙස මැදිහත් වනවා.
යම් ගැටලුවකදී වැරදිකරු දරුවා වුවද ඔහු හෝ ඇය නිසි මගට ගැනීම සඳහා වැඩිහිටියන් ලෙස සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි.”
අලුත් පරම්පාවේ දේවල් සාම්ප්‍රදායිකව දැකීමෙන් ප්‍රශ්න ඇතිවෙනවා
කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා.
ෆේස් බුක් සමාජ වබේ අඩවිය නිසා මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. වැඩිහිටි පරම්පරාව අලුත් පරම්පරාවේ දේවල් සාම්ප්‍රදායිකව දැකීම නිසා මෙවැනි ප්‍රශ්න ඇති විය හැකියි. ඒ වගේම අලුත් පරම්පරාවේ යම් යම් කටයුතු හේතුවෙන් ප්‍රශ්න ඇති විය හැකි බවට විශ්වාසයක් වැහිටියන් තුළ තිබෙනවා. විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කිරීම. අන්තර්ජාලය වැරදි ලෙස භාවිතා කරන අල්ප ප්‍රමාණය නිසා අන්තර්ජාලය ගැන වැරදි වැටහිමක් සමාජය තුළ ඇති වී තිබෙනවා. නමුත් සමහර රටවල විභාග පවත්වන්නේත් අන්තර්ජාලය හරහායි.
ඒ වගේම සියදිවි නසා ගැනීමක් වාර්තා වන ආකාරයෙන්ම එය සිදුවුණා කියන්න බැහැ. සමහර අවස්ථාවල මව පහර දුන් නිසා සියදිවි නසා ගැනීමක් සිදු වූ බව මාධ්‍ය මගිින් වාර්තා වන අවස්ථා තිබෙනවා. නමුත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් කළොත් ඒ දරුවා දෙමව්පියන්ගේත්, පාසලේත් විරෝධතාව මත පවත්වා ගෙන ගිය පෙම් සබදතාව ගැන තිබූ විශ්වාසය කඩවීම නිසා ඇති වූ සිත් තැවුලෙන් පසුවූ අයෙක් විය හැකියි. මව අත ඉස්සීම මුල් කර ගෙන සිය දිවිනසා ගත්තත් ඊට පෙළඹෙන්නේ සමස්ත සිද්ධියම හේතු කරගෙන විය හැකියි.
සන්නිවේදන දියුණු වුවත් මානව සම්බන්ධතාවන්ගේ විශ්වාසනීයත්වය කඩ නොවීමට වග බලා ගැනීම වැදගත්. වබේ අඩවි අයුතු දේ සඳහා යොදා ගැනීම නිසා සමාජ ප්‍රශ්න ඇති වන බවත් අවබෝධ කර ගත යුතුයි. ෆේස් බුක් වබේ අඩවිය භාවිතා කරන දරුවන් ඒ සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළ යුතුයි. ෆේස් බුක් තමන්ගේ පෞද්ගලික ක්‍රියාවලියක් කියා සිතුවත් මනුෂ්‍යයෝ වශයෙන් අප වටා සිටින බොහෝ දෙනෙක් සමග බැඳී පවතින දෙයක්.
විදුහල්පතිගේ ක්‍රියා කලාපය ඉතා අසාධාරණ බව පෙනෙනවා
ගාල්ල සංඝමිත්තා විදුහලේ හිටපු විදුහල්පතිනිය හා ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය
විදුහල්පතිවරයා විසින් පාසලේ මානසික වෛද්‍ය උපදේශිකාව වෙත යොමු කළ දරුවෙක් බව දැනගෙන සිටියදීත් මේ ආකාරයෙන් දරුවාට සැලකීම, කතා කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. දරුවගේ යම් වරදක් විදුහල්පතිවරයා දුටුවානම් දරුවා ගෙන්වා අවවාද කිරීමට පෙර ඊට වඩාත් සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ක්‍රියා කළ යුතුව තිබුණා. මොකද විදුහල්පතිවරයෙක් කියන්නේ එක්වරම උපාධිධාරියෙකුට ලබා දෙන පත් වීමක් නෙවෙයි. විදුහල්පතිධුරයට පත්වෙන්නේ සුදුසුකම් සපුරාලූ විශේෂ පුහුණුවීමක් ලද අයයි. ඒ නිසා විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය ඉතා අසාධාරණ බව පෙනී යනවා. අවසානයේ අනාගතයේ රට භාර ගැනීමට සිටි දරුවෙක් රටට අහිමි වුණා.
ගයාත්‍රී ගීගනආරච්චි රන්මලී සෝමසිරි / ජනක හෙට්ටිආරච්චි

see what happened really and comment. Don't be deceived by media scavengers
ReplyDelete